දරුවන්ට දැනෙන්න ආදරය කරන්නෙ මෙහෙමයි

  • හැකි සෑමවිට ම මව්කිරි දෙන්න. මව්කිරි මගින් දරුවාට පෝෂණය ලැබෙනවා පමණක් නොවෙයි දරුවාට ඔබේ ස්පර්ශය හදගැස්ම සුවඳ දැනෙන්නට පටන් ගන්නවා. එයින් යහපත් මානසික සුරක්ෂිතභාවයක් සුවදායී බවක් දරුවාට ලැබෙනවා. දරුවාගේ නිරෝගී වර්ධනයට ඒ සියල්ල ම අත්‍යවශ්‍යයි.
  • කිරි පොවනවිට දරුවාගේ දෑස් දෙස බලන්න. එයින් දරුවා ඔබව හඳුනාගන්නවා පමණක් නොවෙයි කිරි පෙවීම ගැන ඔබට සම්පූර්ණ ලකුණු ලබාදෙනවා.
  • දරුවා හොඳින් පිරිමදින්න. සිඟිත්තා ඔබේ අත්ලෙන් ඉතා මෘදුව පිරිමැදීමෙන් විශාල සතුටක් සහ සුවයක් ලබනවා.
  • ඔබගේ දුරකථනය පැත්තකට දමන්න. කුඩා දරුවා සමග ගත කරන මේ කාලයේ ඔබ දුරකථන ඇමතුම් මග හැර තිබුණාට කිසිවෙක් අමනාප වන්නේ නැහැ. ඔබ ඇමතුම් මග හැරීමට හේතුව සියල්ලන් ම දන්නවා. ඒ නිසා ඔබේ උපරිම කාලය දරුවාට ම ලබා දෙන්න.
  • කණ්ණාඩියෙන් දරුවා සමග එකට මුහුණ බලන්න. දරුවාට තවම කන්නාඩිය සහ තමන්ගේ ඡායාව ගැන හරි අවබෝධයක් ලබාගන්නට බැහැ. නමුත් දරුවා මේ ක්‍රියාව තුළින් තමන්ගේ රූපය ගැන වැටහීමක් ලබාගන්නට පටන් ගනීවි.
  • දරුවාගේ හදගැස්මට සවන් දෙන්න. දරුවා නිදනවිට ඔබත් විවේක ගන්න එවිට දරුවා අවදිවන විට නැවතත් ඔබටත් ජීවයෙන් යුතුව ඉදිරි කටයුතු කළ හැකියි.
  • සහකරු සමඟ සතුටින් සිටින්න. දරුවා සෑමවිට ම තම දෙමාපියන්ගේ බැඳීම ගැන අවධානයෙන් සිටිනවා. ඒ නිසා දෙමව්පියන් ඉතා සාමකාමීව ආදරයෙන් සිටීම ඉතා වැදගත්.
  • දරුවාගේ වර්ධනය ගැන ඕනෑවට වඩා කරදර වෙන්න එපා. එවිට දරුවාට ආදරය කරන්නට ඔබට වෙලාවක් නැතිවේවි. සෑම දරුවෙක් ම තමන්ට ම සුවිශේෂ වූ ආකාරයකින් වේගයෙන් වැඩෙනවා.  දරුවාගේ වයසේ අනෙක් දරුවන් සමඟ සසඳමින් දරුවාගේ වැඩීම සම්බන්ධව අනවශ්‍ය ලෙස කල්පනා කරන්න එපා. දරුවා ක්‍රියාශීලී නම්, ආහාර ගැනීම, හැසිරීම සාමාන්‍ය නම් දරුවා ඔබ කලබල විය යුතු නැහැ.
  • සමට සමගෑවෙන පරිදි සිටින්න. මෙයින් දරුවා සහ ඔබ අතර ඇති බැඳීම තවතවත් වැඩිවේවි.
  • දරුවා හඩන සැම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන්න. ඔබ දරුවා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව තහවුරු කරන්න. නොනවත්වා ම හඩන අවස්ථාවල දී ඔබ කලබල වන්නට එපා. ඔබේ නොසන්සුන්වීම දරුවා තවතවත් හඩවාවි.
  • දරුවා ආදරයෙන් වඩාගන්න. දරුවාගේ සුවඳ විඳින්න.
  • දරුවාට ලස්සනට ඇඳුම් අන්දවන්න. දරුවා එයින් බොහෝ සතුටු වෙයි.
  • දරුවාගේ එදිනෙදා වර්ධනය දිනපොතක සටහන් කරන්න.
  • දරුවා ප්‍රිය කරන සෙල්ලම් බඩු නිතර දරුවා අසල තබන්න.
  • කාල සටහනක් අනුව කටයුතු කරන්න. දරුවා කාලසටහන අනුව තම කටයුතු කරන්නට නිසැකවම හුරුවේවි.
  • දරුවා සමග ගමන් බිමන් යන්න.
  • දරුවාට සුරතල්නම් කියා අමතන්න
  • දරුවා වඩාත් ප්‍රියකරන ගීත ගායනා කරන්න.
  • දරුවාට නොයෙක් රසවත් කතා කියාදෙමින් හිනස්සවන්න
  • නිවස අස්පස් කිරීමේ වැඩවල දි දරුවා ද සහාය කරගනිමින් කටයුතු කරන්න.
  • දරුවා ආදරයෙන් සිපගන්න. නැවත නැවතත් සිපගන්න.මේ විදියට ඔබේ ආදරය දරුවන්ට ලබාදුන්නොත් ඔවුන් මුලු සමාජයට ම හුගක් ආදරය කරාවි. ඒ විතරක් නෙමයි ලොකුවුණාම හැම කෙනෙකු‍ගේම ආදරයට, ගෞරවයට ලක්වේවි.

  – නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles