ගෙදර ඉතුරු වෙන බත් අපතේ නොදා පිලියෙල කල හැකි රසවත් කෑම වර්ග 3 ක්

අපි අද ඔබට කියන්න යන්නේ ඉතුරු වෙන බත් වලින් හදන්න පුලුවන් රසවත් කෑම ගැන. ඔන්න අද ඉදන් ඔබට පුලුවන් ඉතුරු වෙන බත් විසි කරන්නෙ නැතුව ඒවා ප්‍රයෝජනයට ගන්න

Cheesy rice balls

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • බත් කෝප්ප 1 1/2
  • තම්බාගත් අල ගෙඩි 1 ක්
  • රස අනුව ලුණු
  • ‍රස අනුව ගම්මිරිස්
  • චොප් කරගත් ළූණු ගෙඩි බාගයක්
  • චොප් කරගත් අමු මිරිස් කරලක්
  • බිත්තරයක්
  • පාන් කුඩු

හදාගන්නෙ මෙහෙමයි

  • මුලින්ම භාජන දෙකක් ගෙන බත් ටික සහ අල ගෙඩිය වෙන වෙනම පොඩි කරගන්න
  • අල වලට රස අනුව ලුණු, සහ ගම්මිරිස්ද, ළූණු සහ අමු මිරිස්ද එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
  • ඉන්පසුව එයට බත් ටික එකතු කරගෙන මිශ්‍ර කරගන්න
  • සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් අතේ තෙල් තවරාගෙන අල්ලට ගෙන, එය මැදින් චීස් කැබැල්ලක් තබා බෝල කරගන්න
  • සාදාගත් බෝල බිත්තර සාරු තවරා, පාන් කුඩු දවටා, ගැඹුරු තෙලේ බැදගන්න

Rice pudding

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • බත් කෝප්ප 1 1/2
  • සීනි කෝප්ප 1/2
  • ලොකු බිත්තර 2
  • නැවුම් කිරි කෝප්ප 1 1/2
  • සාදික්කා කුඩු තේ හැඳි 1/2
  • වියලි මිදි කප් 1/4

හදාගන්නෙ මෙහෙමයි

  • පිරිසිදු භාජනයක් ගෙන එයට බිත්තර, කිරි, සාදික්කා සහ සීනි එකතු කර හොඳින් ගසාගන්න
  • එයට තරමක් පොඩි කළ බත් සහ වියලි මිදි එක් කර මිශ්‍ර කරගන්න
  • මිශ්‍රණය බේක් කළ හැකි බටර් තවරාගත් බඳුනක දමාගන්න
  • සෙල්සියස් අංශක 170ට ප්‍රී හීට් කරගත් උඳුනක දමා විනාඩි 45ක් බේක් කරගන්න

Rice cake

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • බත් 300 g
  • බිත්තර 3
  • යීස්ට් ස්වල්පයක්
  • සීනි මේස හැඳි 1
  • කෝන් පිටි 150 g
  • පාන් පිටි 150g
  • කැරට් අලයක්
  • සොසේජස්
  • ළූනු කොළ
  • රස අනුව ලුණු
  • වතුර 200ml

හදාගන්නෙ මෙහෙමයි

  • භාජනයක් ගෙන එයට බත් දමා බිත්තරද දමා හොඳින් මිශ්‍ර කරන්න
  • ඉන්පසු එයට වතුර දමා බ්ලෙන්ඩර් කරන්න
  • එම මිශ්‍රණය භාජනයකට දමා එයට යීට්ස් ,සීනි , කෝන් පිටි සහ පාන් පිටි එකතු කර අතේ නොඇලෙන පදමට එන තෙක් හොඳින් මිශ්‍ර කරන්න
  • දැන් මෙම මිශ්‍රණය පොලිතින් එකකින් ආවරණය කර රැයක් පුරා තබන්න
  • පසුව කැරට් , සොසේජස් ,ළූනු කොළ කොටුවට කපා එයට එකතු කරන්න
  • රස අනුව ලුණු ද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
  • මිශ්‍රණය විනාඩි 10 ක් පමණ වසා තබන්න
  • ඉන්පසු බේක් කරගන්න

Related Articles

Don't Miss


Latest Articles