මනාලියක්වන දවසේ ඔබ ළඟම තිබිය යුතු මැජික් මල්ල

0
5149

Wedding Survival Kit / Day-Of Emergency Kit එසේත නැතිනම් මංගල දිනයේ පංචි පුංචි අකරතැබ්බවලින් මිදෙන්නට හැකි මල්ලක් පිළබඳව සඳහන් කලා මතක ඇති. The Wedding Planner සිනමාපටය නරඹා ඇත්නම් මෙය දැකතිබෙන්නට පුළුවන්. වෘතිමය wedding planners ලා අතර අනිවාර්යයෙන්ම තිබෙන මෙම මැජික් මල්ල ඔබට මිලදී ගැනීමට හෝ තනිව සකසාගත හැකියි. ඔබ මනාලියගේ යෙහෙළියක් නම් මෙවැන්නක් තිළිණයක් ලෙස ලබා දියහැකි නම් ඉතා අනගියි.

තනිව සකසාගන්නා (DIY) Wedding Survival Kit මැජික් මල්ල අත්‍යාවශ්‍ය දේවල්:

  • පැරසිටමෝල් පෙති කිහිපයක්
  • බැන්ඩේජ්/ප්ලාස්ටර්
  • කුඩා වතුර බෝතලයක්
  • සුලු මුදලක්
  • සුදුපාට චෝක් කූරක්
  • පනාවක්
  • පින්ස්
  • ටූත්පික්ස්/ෆ්ලොස්
  • අමතර කරාබු පිටුපස කොටස්
  • කොණ්ඩ කටු
  • හෙයා ස්ප්‍රේ
  • වෙට් ටිෂූ
  • සෙලො ටේප්
  • මේක්අප් ස්වල්පයක්
  • කතුරක්
  • ඉඳිකට්ටක් සහ නූල්
  • කුඩා මූණබලන කණ්නාඩියක්
  • නේල් ෆයිල් (Nail file)
  • සුවඳ විලවුන්
  • හැට්ට කටු
  • ක්‍රීම්
  • බීම බොන බට/Straws (ඔබේ තොල් ආලේපනයට බාධාවක් නොවීමට/ඇඟේ ඉසිරීම වැළැක්වීමට)
  • සනීපාරක්ෂක තුවා
  • ටිෂූ
  • ට්වීසර්
  • කුඩා ශක්ති ජනක ආහාරයක්/රස කැවිල්ලක්
  • කුඩා ගම් බෝතලයක්/සුපර් ග්ලූ
  • හිරු එළිය වළකන ආලේපන/ Sunblock

ආරක්ෂාවීම කණගාටුවීමට වඩා යහපත් හෙයින් මෙවැන්නක් කලින්ම සූදානම් කරතැබීමෙන් පුංචි අකරතැබ්බවලින් ඔබේ මංගල උත්සවය බේරාගන්න පුළුවන්. බටහිර මනාලියන් අතර වඩාත් ප්‍රචලිත මෙය ඔබේ මංගල දිනයත් සැහැල්ලුවෙන් ගතකරන්නට උපකාරවන බවට කිසිම සැකයක් නැහැ.

– කල්හාරී –