අලුත් අවුරුද්දට ඔෆිස් අඳින්න ගැළපෙන විලාසිතා.

සිංහල අවුරුදු කාලේට අවුරුදු සමරන්නයි නෑගම් යන්නයි හිතන් ඉන්න අපේ ස්මාර්ටීස්ලාට තමයි මේ ලිපිය. අවුරුදු කාලෙට හැඩ වැඩ වෙන්න ගැලපෙන විලාසිතා ගැන තමයි මේ කතා කරන්නේ. අවුරුදු සිරිය, සැහැල්ලුව, සම්ප්‍රදායික බව සමඟ ඔබේ තරුණ පෙනුම හැඩ කරන විලාසිතා වලට කොයි කවුරුත් ආසයිනේ. ඔබට ගැලපෙන විලාසිතාව තෝරාගත්තොත් පවුලේම ඇඳුම් එකම විලාසිතාවකට ,එකම වර්ණයකට ගලපාගන්න පුලුවන්.

පාට පාට රටා මවන බතික් ටයි සහ ඇන්ඩ් ඩයි

විලාසිතාව ගැන කියන්න කලින් බතික් සහ ටයි ඇන්ඩ් ඩයි වල වෙනස කියන්නම්. බතික් කියන්නේ ඉටි වක්කරමින් ඉවත් කරමින් කරන කලාවක්. ටයි ඇන්ඩ් ඩයි වලදී රෙදි විවිදාකාර ලෙස ගැට ගසමින් වර්ණ යොදනවා. මේ දෙකම එකම ඇඳුමට යොදාගන්න අවස්තාත් තියනවා.

අවුරුදු කාලෙට සම්ප්‍රදායික රටා පිරුනු බතික් සහ ටයි ඇන්ඩ් ඩයි ගවුම්, බ්ලවුස්, රෙද්ද, හැට්ට, සාරි ඔබට මිලදීගන්න පුලුවන්. මේ කාලයට වෙළඳපොලේ බහුලව මේ ඇඳුම් තියන නිසා ඔබට කැමති ලෙසකින් තෝරන්න පුලුවන්. වයස් භේදයකින් තොරව හැමෝටම බතික් විලාසිතා කරන්න පුලුවන්. ඒ වගේම පවුලේ හැමෝටම එකම පාටින් ගන්න නැකත් සමරන්න හිතනවා නම් සැමියාට සහ පුතාට එක වගේ බතික් සරම් ගන්න. වෙනසකට කැමති කාන්තා ඔබට රෙද්ද හැට්ටෙ වෙනුවට බතික් සරමකින් හැඩ වෙන්නත් පුලුවන්.

ලේස්, බීරලු, කට් වර්ක්

සම්ප්‍රදායික පෙනුමට කැමති ඔබට ගැලපෙන තේරීම තමයි මේ. ලේස්,බීරලු, කට් වර්ක් වලින් කරපු ටොප් ක්‍රොප් ටොප් වර්ණවත් සායක් එක්ක ගලපන්න. බෝරිච්චි හැට්ටයක්, පෆ් ස්ලීව්, මට්න් ස්ලීව් වගේ පිරුනු බවක් ගෙන දෙන අතක් මේ හැට්ට වලට යොදාගන්න. මේවාත් එක්ක පබලු මාලයක්, ප්‍රමාණයෙන් විශාල මාලයක් දාන්නත් අමතක කරන්න එපා.උත්සව සමයේ ඔබට හැඩකාර කැපී පෙනෙන පෙනුමක් ලැබෙයි. අවුරුදු උත්සව, ප්‍රිය සාද වගේම අවුරුද්දෙන් පස්සේ රැකියාවට යන දවසටත් ඔබට ගැලපෙන තේරීමක් තමයි ලේස් හෝ කට්වර්ක් වලින් නිමවපු ගවුම්.

වර්ණවත් හෑන්ඩ්ලූම්

හෑන්ඩ්ලූම් වලින් කරපු වරණවත් රෙද්ද සහ ටොප් එක , ඔසරිය ඕනෑම වයසක කෙනෙක්ට අවුරුදු සිරිය එකතු කරනවා. ඔබේ තරුණ පෙනුම වැඩි කරගන්න නම් ඔබට මේ ටොප් එක ක්‍රොප් ටොප් එකක්,ඉදිරි පසින් ගැටගහන ටොප් එකක්, කුර්තාවක් වැනි විලසිතාවක් පාවිච්ච කරන්න පුළුවන් . අමතක කරන්න එපා අවුරුදු කාලේ උත්සව වලට ගැලපෙන විලාසිතාව හෑන්ඩ්ලූම් සාරි කියලා . ඒ වගේම තරුණ ඔබට ඔබට හෑන්ඩ්ලුම් සරම් top සමග අඳින්නත් පුළුවන්.

Floral prints

අවුරුදු කාලෙට අපිට පුරුදු චීත්ත ගවුම් වෙනුවට දැන් අපිට වෙනස් රෙදි වලින් කරපු ෆ්ලෝරල් ප්‍රින්ට්ස් තියන ගවුම් අඳින්න පුලුවන්.
මලින් පිරෙන වසන්ත කාලෙට ගැලපෙන ෆ්ලෝරල් ප්‍රින්ට් හැනදාමත් විලාසිතා රැල්ලෙන් පිට ගියේ නෑ. අවුරුදු සිරිය එකතු උන මල් ගවුම් ඔබට කැමති දිගකට මිලට ගන්න පුලුවන්. ඔබ off shoulder විලාසිතාව ප්‍රිය කරනවා නම් මේ අවුරුදු කාලයට ඒ විලාසිතාවත් ගැලපෙන්නේ අපිට පුරුදු මන්ත හැට්ටයේ හැඩ රුව මෙහි තියන නිසාමයි.

ලිනන්

සැහැල්ලුවෙන් නෑ ගමන් යන්නත් අවුරුදු නිවාඩුවේ ඇවිදින්න යන්නත් ඔබට ගැලපෙනම විලාසිතාවක් තමයි ලිනන්.වර්නවත් බවත් හොද වායු හුවමාරුවත් නිසා වඩාත් පහසුවෙයි. වටිනා පෙනුම නිසා ඕනෑම වයසක කෙනෙකුට ගැලපෙනවා. හැඩකාර ස්ලීව් විලාසිතා බහුල ලිනන් මේ කාලේ විලාසිතා රැල්ලේ ඉහලින් ඉන්නවා. අවුරුදු ශොපින් යනකොට ලිනන් ඇඳුම් තියන පැත්තේ පොඩ්ඩක් ගියොත් ඔබේ තේරිමත් එතන වෙයි. ලිනන් වලින් තරුන ඔබටම ගැලපෙන ක්‍රොප් ටොප් , සාය විලාසිතා තියන නිසා අවුරුදු කාලේ ගවුම් වලටම සීමා වෙන්න ඕනි නෑ.ඔබට තවත් ලිනන් ගැන කියවන්න ආස නම් අපේ ලිනන් සම්බන්ද ලිපිය කියවන්න.

ක්‍රොප් ටොප් විලාසිතා

තරුණ ඔබටම ගැලපෙන ක්‍රොප් ටොප් විලාසිතාව අවුරුදු සමයටත් කැපී පෙනෙන ලෙස අඳින්න පුලුවන්. ක්‍රොප් ටොප් කියන්නේ ඉඟටිය, සහ උදරය මදක් පෙනෙන ලෙස අඳින උසින් අඩු ටී ශර්ට් එකක් හෝ බ්ලවුසයක්. මේ අතරින් බ්ලවුස් විලාසිතාව ඔබ තෝරාගත්තොත් ඊටම ගැලපෙන දිගු සායවල් ගන්නත් අමතක කරන්න එපා.එකම පාට ක්‍රොප් ටොප් එක සහ බ්ලවුස් එක ඔබව පිරිසක් ඇතරින් කැපී පෙනෙන පෙනුමක් ගෙනෙයි. Puff sleeve, front knot සහිත ක්‍රොප් ටොප් විලාසිතා ඔබ තෝරාගත්තොත් සිංහල අවුරුදු වලට ආවේනික සම්ප්‍රදායික පෙනුමෙන් හැඩ වෙන්න පුලුවන්.ඔබ නැකත් චාරිත්‍ර කරන වෙලාවට රෙද්ද හැට්ටේ අඳින්න කැමති නම් හැට්ටෙ වෙනුවට පහසුවෙන් ක්‍රොප් ටොප් එකක් තෝරාගන්න ඔබට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles