අවුරුදු 73 පුරාවට ආදරණීය විවාහ දිවියක් ගත කල එලිසබත් රැජිණ හා පිලිප් කුමරු

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල ගැන නොදන්නා අයෙක් නැත. දෙවන එලිසබත් රැජින සහ පිලිප් කුමරු ලොව වටා ප්‍රසාදයට ලක්වන යුවලකි. ඔවුන්ගේ ප්‍රේම කතාව එලෙසින්ම ජනාදරයට පත්වූවක්.

දෙවන එලිසබත් රැජින (Queen Elizabeth II) එරට ඉතිහාසයේ දීර්ඝතම කාලයක් කිරුල දැරූ රාජ්‍ය නායිකාව හැටියට ඉතිහාසයට එක් වී සිටින්නියක්. දෙවන එළිසබෙත් රැජිණ නිදහස් ජනපද දහසකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන්වලද පාලිකාවයි. ඇගේ පියාවූ හය වන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවා. එක්සත් රාජධානියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැ‍මෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ‍ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජිණ ලෙස කටයුතු කරනවා. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ එතුමිය විසින්

1947 එළිසබෙත් රැජිණ පිලිප් කුමරු (Prince Philip, Duke of Edinburgh) සමඟ විවාහ වුවා. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ කුමරු ලෙසය. පිලිප් කුමරුට මුලින්ම එළිසබත් කුමරිය මුණගැසෙන විට ඇය දහතුන් වෙනි වියේ පසුවූ යෞවනියක්. මේ වන විට පිලිප් කුමරුගේ වයස අවුරුදු දහඅටක්. එවකට Darth mouth Royal Naval Collage හි කැඩෙට්‌ භටයකු ලෙස කටයුතු කළ පිලිප් කුමරුට මුලින්ම එළිසබෙත් කුමරිය මුණ ගැසුණේ එම විද්‍යාලයේ පැවැති උත්සවයකදී . එළිසබෙත් මෙම උත්සවයට සහභාගි වී සිටියේ සිය දෙමාපියන් සහ මාගරට්‌ නැගනිය සමගය. එළිසබෙත් කුමරිය නෑකමින් පිලිප් කුමරුගේ නෑනාය. මෙම මුණගැසීමෙන් පසු පෙම්වතුන් බවට පත්වූ එළිසබෙත් සහ පිලිප් නිතර නිතර ලිපි හුවමාරු කරගත්තා. වසර කීපයක්‌ම පෙම්වතුන් ලෙස ඇසුරු කළ නමුත් ඔවුන්ගේ ප්‍රේමය බාධක වලින් තොර නොවූවක්. පිලිප් කුමරු උපතින් රාජකීය ජන්මයක් ලද්දෙකු වූවත් ඔහුට වත්කම් හෝ නිලතල තිබුණේ නෑ.ඔහුගේ සහෝදරියන් විවාහව සිටියේ නාසි සබඳතා ඇති ව්‍යපාරිකයන් සමඟ වීම දෙවන ලෝක යුද්ධයෙන් බැට කෑ බ්‍රිතාන්‍යයට එතරම් රුස්සන්නක් වූයේ නෑ.පුවත්පත් පිලිප් කුමරු හැඳින්වූයේ රාජධානියක් නොමැති රජෙක් ලෙසය. රාජකීය උපදේශකයන් පිලිප් කුමරු එළිසබෙත් කුමරියට නොගැලපෙන්නෙකු බව පැවසූවා. මෙම සියලු බාධක මැද පිලිප් කුමරු සහ එළිසබෙත් කුමරිය 1947 දී විවාපත් වුණා.

පිලිප් කුමරු විහිළු තහළු කීමේ රුචියෙක්. විවාද සම්පන්න ප්‍රකාශන නිසාත් මාධ්‍ය අවධානයට ලක් වෙන චරිතයකි. මෙයින් අවුරුදු හැත්තෑ තුනකට ආසන්න කාලයකට පෙර එලිසබත් කුමරියගේ අතගත් දිනයේ අඳින ලද නිල ඇඳුම තවමත් කදිමට ගැළපෙන බව කුමරු පසුගිය දිනෙක් පවසා තිබුනා. ගුණදායක ආහාර අනුභව කළ මඳ පමණට සුරා පානය කළ, නිරතුරුව ශාරීරික ව්‍යායාමවල යෙදුණු පිලිප් කුමරු වයස්ගත වුවත් ආදාරයකින් තොරව තරප්පු පේළි නැග්ග බව බ්‍රිතාන්‍ය වාර්තා පවසන්නේ.

වසර අනූ නවයක් ආයු වළඳා පිලිප් කුමරු ඊයේ මිය ගියේ එලිසබෙත් රැජිනගේ අනූපස් වෙනි උපන්දිනයට දින දොලහක් ඉතිරිව තිබියදී.

ඊයේ මිය ගිය පිලිප් කුමරුගෙ අභාවය නිසා එලිසබෙත් රැජින මාසයක කාලයක් රාජ්‍ය තාන්ත්‍රික කටයිතු ද අත්හිටුවා තිබෙනවා

කොවිඩ් ආසාදනය වූවා වගේම හෘද සැත්කමකට ද බඳුන් වූ පිලිප් කුමරු මසක් පමණ රෝගීව සිටි අතර ඊයේ මිය යන විට අවුරුදු 99 ක වයසක පසු විය..දරුවන් හතර දෙනෙක්, මුනුබුරන් අටක් සහ මී මුණුබුරු මිනිබිරියන් අටක් සහිතව සතුටුදායක ජීවිතයක් ගෙවූ පිලිප් කුමරුට සැනසිලිදායක මරණයක් අත් වූ බව රජ පවුලේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles