අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න වෙනස් රසට ඩෙවල් වර්ග තුනක් පහසුවෙන් හදමු..

අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න වගේම අවුරුදු කෑම මේසය රස ගන්වන්න ,පහසුවෙන් හදාගන්න පුලුවන් රසවත් ඩෙවල් වර්ග තුනක් ගැනයි අද අපි ඔබට කියන්නේ

ඉස්සො ඩෙවල්

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

ඉස්සෝ 500 g
රවුමට කපා ගත් මාලු මිරිස් කරල් දෙකක්
රවුමට කපා ගත් බීළූණු ලොකු ගෙඩියක්
ඉගුරු සුදුලුනු පේස්ට්
ඇට ඉවත් කර රවුමට කපා ගත් තක්කාලි ලොකු ගෙඩියක්
කුරුදුපොතු
කරදමුංගු
තක්කාලි සෝස්
රස අනුව ලුණු
ගම්මිරිස් කුඩු
කෑලි මිරිස් කුඩු 
සෝයා සෝස්
ෆිෂ් සෝස්

හදන්නේ මෙහෙමයි

මුලින්ම ඉස්සන්ගේ පොතු ඉවත් හොඳින් සුද්ද කරගන්න

එයට ලුණු සහ ගම්මිරිස් කුඩු දමා හොඳින් මිශ්‍ර කර තම්බා ගන්න

භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් වැඩිපුර දමා රත් වු පසු එයට ඉගුරු සුදුලුනු පේස්ට් ,කුරුදුපොතු හා කරදමුංගු දමා බැදෙන්නට හරින්න

ඉන්පසු එයට තම්බා ගත් ඉස්සන් ටික එකතු කර මද වේලාවක් බැදෙන්නට හරින්න

ඉස්සන් මදක් බැදුණු පසු එයට කපා ගත් මාලු මිරිස් සහ බීළූණු ටික දමා ගෙන හොඳින් කලවම් කර ගන්න

පසුව කපා ගත් තක්කාලි ටික ද එකතු කර නැවත කලවම් කර ගන්න

එයට රස අනුව ලුණු , ගම්මිරිස් කුඩු හා කෑල් මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කර ගෙන මද වේලාවකට පසු සෝයා සෝස් ටිකක් හා ෆිෂ් සෝස් ස්වල්පයක් බැගින් එකතු කර ගෙන කලවම් කරන්න

අවසානයට තක්කාලි සෝස් අවශ්‍ය ප්‍රමාණයට දමා හොඳින් කලවම් කර ගන්න

හතු ඩෙවල්

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

හතු 500g
කොටු කපාගත් බීළූණු ලොකු ගෙඩියක්
කපාගත් අමු මිරිස් කරල් 4
රවුම් කපාගත් තක්කාලි ගෙඩි 2
කොටු කපාගත් මාළු මිරිස් කරල් 3
ඉඟුරු සුදුළූණු පේස්ට්
රම්පේ
කරපිංචා
බිත්තර 2
තෙල්
ලුණු
කෑලි මිරිස්
සීනි 
තක්කාලි සෝස්

හදන්නේ මෙහෙමයි

හතු පිරිසිදු කර ලුණු මිශ්‍ර වතුරේ විනාඩි කීපයක් තබා හොඳින් මිරිකා වතුර ඉවත් කරගන්න

භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කරගන්න

තෙල් රත්වූ පසුව එයට ඉඟුරු සුදුලූනු පේස්ට් එක දමන්න

දැන් එයට රම්පේ ,කරපිංචා, අමුමිරිස් ටික එකතු කර හොඳින් බැදෙන්නට හරින්න

විනාඩි දෙකකට පමණ පසුව එයට හතු එකතු කරන්න

හතු හොඳින් බැදුනු පසු හතු ටික භාජනයේ පසෙකට කර බිත්තර එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න

පසුව එයට බීළූණු , මාලු මිරිස් සහ තක්කාලි එකතු කර මිශ්‍ර කරගන්න

දැන් එයට රස අනුව ලුණු ,ගම්මිරිස් සහ කෑලි මිරිස්ද , තක්කාලි සෝස්ද එකතු කරන්න

අවසානයට සීනි ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

මාලු ඩෙවල්

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

තෝර මාළු 500g
කොටු කපාගත් බීළූණු ගෙඩි 4
කොටු කපාගත් මාළු මිරිස් කරල් 2
කොටු කපාගත් තක්කාලි ගෙඩි 2
කපාගත් අමු මිරිස් කරල් 5
කෑලි මිරිස්
තක්කාලි සෝස්
ඉගුරු සුදු ලූණු පේස්ට්
ලුණු
චිලි පේස්ට්

හදන්නෙ මෙහෙමයි

මුලින්ම තෝර මාලු කුඩා කැබලි වලට කපා එයට ලුණු සහ ගම්මිරිස් එකතු කර අතගා විනාඩි 15 ක් තබාගන්න

පසුව ගැඹුරු තෙලේ බැදගන්න

භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා එය රත්වුනු පසු ඉගුරු සුදුළූණු පේස්ට් එක එකතු කරගන්න

එයට බීළූණු ,මාලු මිරිස්, අමුමිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

දැන් එයට ලුණු ස්වල්පයක් ,කෑලි මිරිස් ස්වල්පයක් සහ චිලි පේස්ට් මේස හැදි 2 ක් පමණ එකතු කරන්න

ඉන්පසුව බැදගත් මාලු ටික එකතු කරන්න

අවසානයට තක්කාලි සහ තක්කාලි සෝස් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න

Related Articles

Don't Miss


Latest Articles