රාත්‍රියේ නිවසට ඇතුළු වූ දාමරිකයන් මුළු පවුලක් ඝාතනය කිරීමේ සුලමුල.

මං හිතන්නේ නෑ මගේ දුව එහෙම කරන්න ඇති කියලා.”

ටෙරී කැෆේ කියන තාත්තා එහෙම කියනවා.ඔව්! ඔහු තවමත් එහෙම කියනවා.

ටෙරී සහ ඔහුගේ පවුලේ උදවිය ජීවත් වුණේ ඇමරිකාවේ ටෙක්සාස් කියන ප්‍රාන්තයේ එමෝරි නගරයේ.දෙදහස් අටේ මාර්තු පලවෙනිදා මධ්‍යම රාත්‍රියේ මුළු නගරයම වගේ ටෙරීගේ ගෙදර අයත් හිටියේ නිදාගෙන.ටෙරී සහ බිරිඳ එක් කාමරයකත් පුතුන් දෙදෙනා වූ මැතිව් සහ ටයිලර් දෙදෙනා නිවසේ ඉහළ මාලයේ කාමරයකත් නින්දට ගිහින් සිටියත් නිවසේ වැඩිමහල් දියණිය නිවසේ සිටියේ නෑ.ඇය සිටියේ සමාජ ශාලාවක විනෝද වෙමින්.

වැඩිමලිය වූ එරින්ට චාර්ලි නම් තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබෙනවා.නමුත් කැෆේ යුවල යම් යම් හේතුන් නිසා එයට දැඩි ලෙස විරුද්ධ වෙන අතර චාර්ලිගේ සමාජ ජාලාවල පළ කෙරෙන ඡායාරූප ආදියත් එරීන්ගේ තාත්තාගේ යම් පරීක්ෂාවකට ලක් කෙරෙනවා.ටෙරී හිතන්නේ චාර්ලි තම දියණියට බිඳුවක්වත් නොගැළපෙන බවක්.මේ සම්බන්ධතාවයට දෙමාපියන් යම් යම් සීමා පනවද්දී මුලින් එරීන් බොහෝ කෝප ගත්තත් පසුව ඇය සාමාන්‍ය ලෙස හැසිරෙනවා.මේ දිනයේ පවා ඇය සතුටින් හොඳින් ඉන්න දහසය හැවිරිදි දැරියක්.

මුළු නගරයම නිදිසුව විඳින රාත්‍රියේ කැෆේ නිවසට මධ්‍යම රාත්‍රියේ අමුත්තන් දෙදෙනෙකු කඩා වදිනවා.එක් අයෙකු පිස්තෝලයක් ද අනෙකා සමුරායි කඩුවක් ද රැගෙන කැෆේ යුවල නිදන කාමරයට කඩා වදිනවා.මුල්ම උණ් ටෙරී කැෆේට එල්ල වෙද්දී ඔහු කම්පනය නිසා සෙලවීමකටත් නොහැකි තත්වයට පත් වෙනවා.දාමරිකයා ඔහු මියගොස් ඇති බව සිතා පෙනී කැෆේට උණ්ඩයක් නිකුත් කළත් පිස්තෝලය ක්‍රියාත්මක වන්නේ නැහැ.ඔහු කඩුවෙන් පෙනීගේ හිස කඳෙන් වෙන් කරනවා.කම්පනය සහිතව හිඳින ටෙරීට මේ සියල්ල ඇසෙනවා.

දරුවන්ගේ කාමරයට ගොස් ඔවුන්ව ද ඝාතනය කරන දාමරිකයන් පලා යනවා.ඒ මුදල් පසුම්බියක් ද සොරාගෙන නිවසේ සෝපාවට ද ගිනි තැබීමෙන් පසු.

ඒ අතර ටෙරීගේ කම්පන තත්ත්වය මඟ හැරෙනවා.ඔහු තුවාල වේදනාව දරාගෙන අසල්වැසි නිවසට බඩගා ගොස් උදව් ඉල්ලා සිටිනවා.ඒ වෙද්දීත් අසල්වැසියන් වෙඩි හඬ ඇසුණු ගිනි ගන්නා අල්ලපු ගෙදර ගැන පොලිසියට දන්වා අවසන්.

දාමරිකයන්ගේ එක් අයෙකු ගැන ටෙරීට මතකයේ තිබෙනවා.පොලිස් නිලධාරීන් ඒ අනුව යමින් බාලවයස්කරුවන් වන චාර්ලි,චාර්ල්ස් යන තරුණයන් ද බොබී සහ එරීන් යන යෞවනියන් ද අත්අඩංගුවට ගන්නවා.

එරීන්, හඬමින් පවසන්නේ තමන් පැහැර ගැනීමකට ලක්වී රඳවාගෙන සිටි බවක්.නමුත් අන් අය පවසන්නේ මේ මිනීමැරුම් ඇයගේ සැලසුම අනුව සිදු වූ අන්දමයි.චාර්ල්ස් සහ චාර්ලි නිවසට පැන ඇගේ පවුල මරා දමද්දී ඇය නිවසින් පිටත මෝටර් රථයකට වී සියල්ල අසා හිඳිනවා.

“අපේ සම්බන්ධයට කැෆේ පවුල අකමැති නිසා අපි පැනලා යන්න සැලසුම් කරා. ඒත් එරීන්ට අම්මයි තාත්තයි මරලා යන්න ඕන උනා.ඒ වගේම මල්ලිලත් මරන්න වෙනවා නැත්තං අපි අහු වෙයි කීවම එරීන් මට කිස් එකක් දීලා ඔයාට ඕනදෙයක් කරන්න කියලත් කීවා..”

චාර්ලිගේ පාපොච්චාරණය එවැනි එකක්. කැෆේ පවුල ඝාතනයට ඔවුන් පෙබරවාරියේ සැලසුම් කළත් පවුලේ කටයුත්තක් නිසා එය මඟ හැරුණු බවත් චාර්ලි පවසා තිබුණා.මෙය හදිසි කෝපයකට සිදු නොවූ බවත් හොඳින් සැලසුම් කරන ලද්දක් බවත් ඉන් පැහැදිලියි.

මේ සිවුදෙනාම නීතියෙන් වැරදි කරුවන් බවට පත් වෙනවා.චාර්ලි ,එරීන්ට උදව් කළ මිතුරා වූ චාර්ල්ස්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමත් චාර්ල්ස්ගේ පෙම්වතිය බොබීට හතලිස් වසරක සිර දඬුවමකුත් උසාවියෙන් නියම වෙනවා.

ටෙරී,පවුලේ සියල්ලන්ම අහිමිව ජීවිතය ගෙවනවා.තාත්තා කෙනෙකු තරම් සමාව ගැන දන්නා කෙනෙකු නැති බව ලෝකයට පසක් කරමින් ඔහු මේ අමනෝඥ තරුණ පිරිසට මරණීය දඬුවම දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආ ඉල්ලීම ද වලකා තිබෙනවා. අම්මා සහ සොහොයුරන් මරා දමන්නට ක්‍රියා කළ දියණිය බලන්නට ඔහු සිර ගෙදරටත් යනවා.

“දුව මාත් අම්මත් මරන්න සැලසුම් කරන්න නැතුව ඇති.ඒ එච්චර නොහිතා වුණු දෙයක්, නැත්තං එයාට ඒ වැඩේට සම්බන්ධ වෙන්නම සිද්ධ වෙන්න ඇති..”

තාත්තා කෙනෙකු හැටියට ඔහු කියන්නේ එහෙම කතාවක්.මහ කන්දක්ව සියල්ල දරා ගනිමින් ඔහු එහෙම කියද්දී ඔහුගේ දියණියගෙන් 2014 වසරේ දී රූපවාහිනී නාලිකාවක් සම්මුඛ සාකච්ඡාවක් ලබාගෙන තියෙනවා.

“තාත්තා බේරිලා කිව්වම මට බය හිතුණා. අපි අහු වෙනවා කියල මං දැනන් හිටියා.”

ඇය කියන්නේ එහෙම.

දෙමාපියන්ට වඩා ප්‍රේමය බොහෝ උස්ව දැනෙන තැන් නව යෞවන වියේ පසු වෙන දරුවන්ට තිබෙනවා.ඔවුන් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පැකිළෙන එකක් නෑ.ඒ නිසා යෞවන වියේ දරුවන් ළඟ ඔබ ඉතා කල්පනාකාරී මවක් විය යුතුමයි.

ලෝකය නපුරු තැනක්.නමුත් ටෙරී කැෆේ මෙන් දුක් කන්දක් උහුලා නොගෙන අසීරු ගැටලු ඉතා ප්‍රවේසමෙන් විසඳා ගන්න ඔබට බැරි වෙන එකක් නෑ

Related Articles

Don't Miss


Latest Articles