ඈත දුර ආකාසේ -21

සඳලි රැකියාවට යන්නට පිටත් වූයේ තනිව හිනැහෙමිනි.ඇය තදින් නිදා සිටින සඳලි අවදි කරන්නට කිහිප වරක්ම කල්පනා කළා ය.නැගණිය රාත්‍රිය ගෙවී පාන්දර උදා වන තුරුම පරිගණකයේ ඇස අලවාගෙන පැවැරුමක සිරව සිට දැන් තද නින්දක ය.සඳලි පාඩම් කාමරයට වී පාඩම් අහවර කරනතුරු ම තුරුලි ද සිටියේ අවදියෙනි.නින්ද අහලකවත් නොවූ රැයක් ගෙවා දැමුව ද ඇය උදෑසන අවදි වූයේ ද ප්‍රබෝධයෙනි.හඬමින් රැය පහන් කළ දවස් අප්‍රමාණ වී ද ඇය ඊයේ රාත්‍රිය ජීවිතයේ සුන්දරම රාත්‍රියක් සේ ගෙවා දැම්මා ය.

“ඔය තරුවක් කඩා වැටෙනකොට මගේ විෂ් එකත් කරන්න එහෙනං..”

මියුරු ඈත රටකට වී සිට පැවසුවේ ය.තුරුලි ඒ පැතුම කුමක්දැයි විමසා සිටියා ය.

“තරු කඩා වැටෙනකන් බලා ඉන්න ගෑනු ළමයට එයාගෙ හොඳම යාළුවාගේ ආදරේ බාර ගන්න ඉක්මනින්ම හිතෙන්න කියලා..”

උගුර සිර වී ඉකි ගැසෙන්නට එද්දී පවා තුරුලි හිනැහුණා ය.

“ඒ ළමයා දැනටමත් ඒ ආදරේ පිළි අරගෙන ඉන්නේ..”

තාරකා පිරුණු අහසක් යට සුන්දරම ආදර කතාවක් ඇරඹුණේ එලෙසිනි.මෙතැන් පටන් ජීවිතය සුන්දරව ගලා යන බව තුරුලි දැන සිටියා ය. හිංසනයට ලක් වෙමින් බොහෝ දුක් ඉවසූ පෙම්වතියක වී හිඳ නිතරෝම හිනැහෙමින් සතුට අත් විඳින ආදරියක වීමේ වෙනස ගැන සිතමින් ඇය එළිවෙනතුරුම නොනිදා හුන්නා ය.

ඒ සතුට නැගණිය සමඟ බෙදා ගන්නට ඇයට උවමනා විණි.නමුත් සුව නින්දක කල් ගෙවන සඳලිට ඉඩ දී තුරුලි කාර්යාල සේවය එනතුරු බලා සිටියා ය.

සඳලිට අම්මාගෙන් ඇමතුමක් ආවේ මද්දහන ද ගෙවෙද්දී ය.

කියවන්න :  ඈත දුර ආකාසේ -33

“චූටි පුතේ, අක්කගෙ ෆෝන් එක වැඩ නෑනෙ..”

දේශනයක් නිම වී දිවා ආහාරය ගන්නට දේශන ශාලාවෙන් එළියට බට මොහොතේ ම ආ ඇමතුම සඳලිට බිය ගෙනාවේ නැත.අම්මා දහවල් එක පසු වූ මොහොතේ සිට අක්කාටත් නංගිටත් කෑම කන්නට මතක් කරමින් පණිවිඩ ද ඇමතුම් ද ලබා දෙන්නී ය.

“අම්මා..අක්කා අද හුඟක් බිසී ඇති..”

ඇය පැවසුවේ රනුක ඒදැයි මඟ බලන අතර ය.නමුත් අම්මාගේ කලබල හඬ නැවත රැහැන් දිග ගලා ආවේ ය.

“අක්කා උදේ ගියා කියල කෝල් කරෙත් නෑනෙ චූටි පුතෙ.මට මහ මොකක්ද බයක් දැනෙනව.ගිහිංවත් බලන්න හිතෙනව…”

සඳලිගේ කරදරය පිරි මුහුණ දෙස එතැනට ආ රනුක ද බැලුවේ විමසුමෙනි. එහා අන්තයේ හිඳින්නේ අම්මා බව ඔහුට යන්තමින් ඇසිණි.

“අක්කගෙ ෆෝන් එක වැඩ නෑ කියල අම්ම බය වෙලා.අක්කා ඊයේ රෑ තිස්සෙ මල් කඩනව ඇහුණා.ෆෝන් එක චාජ් එකට දාගන්න බැරි වෙන්න ඇති..ඒත් ගිහින් චාජ් කරගත්තෙ නැතුවා පුදුමයි..”

සඳලි එසේ කියන අතර දුරකථනයේ අන්තර්ජාල සබඳතාවය ක්‍රියාත්මක කළා ය. අක්කා දුරකථනය ක්‍රියා විරහිත නම් කාර්යාලයේ ඇගේ පරිගණකය හරහා ෆේස්බුක් පණිවිඩයක් තැබීමේ ඉඩ වැඩි ය.

“අර ගොං වස්සා අලුත් නම්බර් එක හොයන් වද දෙන්නවත් ගත්තද? එහෙනං ෆෝන් එක අනිවාර්යයෙන් ඔෆ් ඇතිනෙ..”

රනුක එසේ කියද්දී සඳලි පණිවිඩ පිරික්සමින් සිටියා ය.ඇය රනුක දෙස බැලුවේ කලබල දෑසකිනි.

“අක්කගෙන් මැසේන්ජර් මැසේජ් ඇවිල්ලත් නෑ. රනුක, මියුරුගෙන් මිස්ඩ් කෝල් කීපෙකුයි මැසේජුයි තියනවා අක්කගෙ ෆෝන් ඔෆ් ඇයි අහල. ඇත්තටම ෆෝන් එක ඔෆ් උනා හරි වැටුණා හරි මොකක් උනත් අක්කා කම්පියුටර් එකෙන් ලොග් වෙලා හරි එයාට ඒක නොකියා ඉන්නෙ නෑනෙ..”

කියවන්න :  ඈත දුර ආකාසේ -14

රනුක වහා නැගී සිටියේ ය.තුරුලිට බලපෑම් ද නොතිබුණා ම නොවේ.මේ පවුලේ ගැහැනුන් තිදෙනා ආරක්ෂා කරන්නට හිඳින එකම පිරිමියා වූ තමන් අතින් යුතුකම් ඉටු නොවුණාදෝ යන සැකයෙන් ඔහු රිදුම් දෙන්නට විණි.

“බබා, අපි යං බෑන්ක් එකට..ගිහිංම බලමු..” ඔහු වහා ටැක්සි ඇප් එකක් විවර කළේ ය.

“නෑ..ඉන්න.මං කසුන්ට අරන් අක්කා ෆෝන් එකට ගන්නං..”

සඳලි කසුන්ගේ අංකය සොයන්නට මිනිත්තු ගණන් අපතේ යවද්දී රනුක වහා දුරකථනය ඩැහැගෙන කසුන්ව අංකනය කළේ ය.

“මචං, මං තුරුලිගේ මස්සිනා.එයාගේ ෆෝන් එක වැඩ නෑනෙ.පොඩ්ඩක් ෆෝන් එක දෙන්න පුලුවන් නම් ලොකුම උදව්වක්..”

රනුකගේ නළල්‍ රැලි මතුව එන අන්දම සඳලි බලා සිටියේ භීතියෙනි.අද කිහිපවතාවක් ම කකුල පැටලී වැටෙන්නට ගිය අන්දමත් අනෙකාට කරදරයක් නම් අක්කාට හා තමන්ට එය දැනෙන අන්දමත් ඇය සිහි කළා ය.රනුක ඇමතුම අහවර කර සඳලිව වඩා මෘදු ලෙස අල්ලා ගත්තේ ය.

“අහන්න..කලබල වෙන්න බෑ හරිද සඳූ.හරිම පරිස්සමින් අපි මේකට ෆේස් කරන්න ඕන.අද අක්කා බෑන්ක් එකට ගිහිං නෑ..”

සඳලිට එතැනින් පසු රනුක පවසන කිසිත් ඇසුණේ නැත.කාර්යාල සේවයට අනතුරක් වී නම් අක්කා කහ ඉරක් මත හෝ අනතුරකට ලක් විණි නම් නිවසට එය ආරංචි වන්නට දැන් ඕනෑවටත් වඩා කාලය ඇත.හිස කැරකවී යද්දී ඇය කඳුළු උතුරවමින් රනුකගේ උරහිස මත හිස තබා ගත්තා ය.

5 6 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Sudharshana Abeyrathne
15 days ago

Mukuth karoth tharahayi.
Ehema karanda epa.
Napuru ewunta danduwam lebena katha thathwika nathi unath ada lokaye,aduma tharame kathawakin hari ehena kiyawana eka loku senasimak.

Chamira
15 days ago

hmm…Will see!