බිඳ වැටුණු ප්‍රේමයේ විරහ වේදනාව අමතක කර නැවත සතුට ලඟා කරගන්නා ක්‍රම.

ආදරය සහ විවාහය කියන්නේ ජීවිතය හා බොහෝ සේ බද්ධ උන බැඳීම්.මෙවන් බැඳීමක් බිඳවැටුනොත් ඔබට සහ ඔබේ මනසට වන බලපෑම සුලුපටු නෑ.එහෙම අවස්ථාවකදි කොහොමද ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ ? ඒ ගැන අපි කතා කරමු

සබඳතාවක් බිඳ වැටුනම ඔබේ මනස සුව වෙන්න බොහෝ කාලයක් යනවා.ඒ කාල වකවානුව බොහෝම ආතතියෙන් සහ වේදනාවෙන් සපිරුනු එකක්.ඇතැම් විට ඔබට ඔබ ගැන අවිනිශ්චිත හැඟීම් දැනෙන මෙවන් අවස්ථාවන් වලදි ඔබේ අනාගතය ගැන ඇති බලාපොරොත්තු පවා ඔබෙන් ගිලිහෙන්නට පුලුවන්. නමුත් මේ තත්වයෙන් ඔබට යලි නැගි සිටින්නත් පුලුවන් ඔබේ උත්සාහයෙන්ම පමණයි. ඒ අතරෙම් මේ කියන දේවල් පිළිපැදදොත් ඔයාට ඉක්මනින් මේ අපහසු කාලයෙන් ගොඩ එන්න පුලුවන් වේවි.

ඔබට විවේකයක් දෙන්න

අතිශය වේදනාකාරි කාලයක් ගෙවන ඔබේ මනසට මේ අවස්ථාවේදි අනිවාර්යයෙන්ම විවේකයක් අවශ්‍ය වෙනවා.ඔබ වැඩිදුර අධ්‍යාපනය ලබන ,රැකියාවක් කරන හෝ වෙනත් ව්‍යාපාර කටයුත්තල නියැලෙන කෙනෙක් වෙන්න පුලුවන්.නමුත් මේ අවස්ථාව ඔබ නොසන්සුන් අවස්ථාවක් නිසා ඒ කිසිම කටයුත්තක නිරත වන්නට තරම් ඔබේ මනස නිදහස් නොවෙන්න පුලුවන් .ඒ නිසා ඔබ කල යුත්තේ ඔබටම විවේකයක් ලබා දීමයි.

ඔබේ හැඟීම් බෙදාගන්න

ඔබ හුදෙකලා වීමෙන් ඔබේ මානසික ආතති මට්ටම ඔබට හිතාගත නොහැකි තරම් ඉහල යන්න පුලුවන් . ඒ නිසා ඔබේ පවුලේ අය ,සහෝදරයන් සහ විශ්වාසවන්ත මිතුරන් සමඟ ඔබේ හැඟීම් බෙදාගන්න උනන්දු වෙන්න.ඔවුන් හා කතා බහ කරන්න.ඔබට ඔවුන්ව අවැසි බව කියන්න

ඔබට තවමත් අනාගතයක් ඇති බව මතක් කරගන්න

ඔබේ සබඳතාවය බිඳ වැටුණු සැණින් ඔබේ අනාගත බලාපොරොත්තු ,ඉලක්ක සහ අරමුණු නැති වී යන්නේ නෑ.ඒවා ඉටු කරගැනීමට ඔබට තවමත් අවස්ථාව තිබෙනවා.බිඳ වැටුණු සබඳතාවක් සමඟ ජීවිතයේ අතරමග නවතිනවාට වඩා එයින් මිදී ජීවිතයේ ඉදිරියට ඇවිද යාම ඔබ කල යුතු බව ඔබ දැන් වටහා ගත යුතු වෙනවා

ඔබව අගය කරන සහ ඉදිරියට තල්ලු කරන පුද්ගලයන් තෝරා ගන්න

ඔබේ සබඳතාවය බිඳ වැටීම තවකෙකුට රසවත් කාරණාවක් වන්නට පුලුවන් .නැත්නම් ඔබව මානසිකව පීඩනයකට ලක් කරන්නට යොදා ගන්නා කාරණාවක් වන්නට පුලුවන් . නමුත් ඔබ මේ මොහොතේ එවන් පුද්ගලයෙන්ගෙන් වහාම ඉවත් විය යුතු වෙනවා.ඔබට ධෛර්යය දෙන , ඔබට ධනාත්මක හැඟීම් ලබා දෙන සහ ඔබව මානසික වශයෙන් ශක්තිමත් කරන පුද්ගලයන් පමණක් තෝරා ගෙන මේ කාලය ගෙවන්නට ඔබ වග බලාගන්න ඕන

ඔබට අවශ්‍ය නම් බාහිර උපදෙස් ලබා ගන්න

දිනෙන් දින ඔබේ මනසේ පීඩනය වැඩි වන බවක් දැනෙනවා නම් , ජීවිතයට පවා හානි කරගන්න අවශ්‍ය බව ඔබට සිතෙනවා නම් බාහිර උපදෙස් ඔබ ලබා ගන්නට අවශ්‍ය වෙනවා.නිසි ආකාරයෙන් උපදේශනය සඳහා යොමු වීම මෙහිදී ඉතාම වැදගත්.මෙය ඔබේ මනස සම්බන්ධ කාරණාවක් නිසා පලපුරුදු වෛද්‍යවරයෙක් හෝ උපදේශකයකුගේ සහය පැතීම වැදගත්

ඔබව අලුත් කරගන්න

මේ කාලය ඔබට ආහාර ගැනීමට, ඔබේ රූපය ගැන ,ඇඳුම් පැලඳුම් ගැන සිතීමට පවා අපහසු කාලයක් වන්නට පුලුවන්. නමුත් ඔබ ඔබව අලුතින් නිර්මාණය කරගන්න වෙහෙසිය යුතු කාලය තමයි මේක.ඒ නිසා ඔබ විසින්ම ඔබව සන්සුන් කරගන්න.ඔබ වෙනුවෙන් කාලය වැය කරන්න.මනස සන්සුන් කරන සංගීතයකට සවන් දීම , චිත්‍රපට නැරඹීම, රූපලාවණ්‍යගාරයක් වෙත යාම , පොත් කියවීම වැනි ක්‍රියාකාරකම් වල වැඩිපුර යෙදෙන්න උත්සහ කරන්න.එය ඔබේ මනසට විශාල වෙනසක් ගෙන දේවි

ඉදිරියට යාම අවසාන ඉලක්කය බව මතක තබාගන්න

මේ සියලු දේ ඔබ සිදුකරන්නේ ඔබේ ජිවිතයේ වේදනාකාරි කාල සීමාවක් පසු කිරීමට බවත් , ඔබේ ඉලක්කය ඉදිරියට යාම බවත් ඔබ නිතරම මතක තබා ගන්න ඕන.ඔබ ඔබටම දොස් පවරා ගැනීම , සිත් රිදවීම් සිහිපත් කිරීම , අධික ලෙස කල්පනා කිරීම වැනි තත්වයන් වලින් මේ වනවිට ඔබ මිදෙන්නට ඕනේ.මේ මොහොතේ ඔබ ජීවත් වන්නේ ඔබ අනාගතය වෙනුවෙන් බව ඔබ මතක තබාගන්නට ඕන

ජීවිතය තුලදි අපි විවිධ වූ කාල සීමාවන් පසු කරනවා.පහසු වගේම අපහසු කාල සීමාවන් වලදිත් අපට මානසික සුවය ඉතාම වැදගත් වෙනවා.ඉතින් සබඳතාවක් බිඳවැටීම වැනි අතිශය සංවේදි කාරණාවකදි එයට මුහුණ දිය යුතු වෙන්නේ කොහොමද කියලයි මේ ලිපියෙන් අපි ඔබට කිව්වේ.

Related Articles

Don't Miss


Latest Articles