ප්‍රිය සාදයට විසිතුරු ස්ට්‍රෝබෙරි අඹ පුඩිං

පුඩං හදන්න හරිම අමාරුයි කියා බොහොදෙනා සිතනවා. මේ ස්ට්‍රෝබෙරි අඹ පුඩිම එහෙම හිතන අයට බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් පුඩිං එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කිරි ලීටර් 1
  • MD ස්ට්‍රෝබෙරි පුඩිං මික්ස් පැකට් 1
  • MD වැනිලා පුඩිං මික්ස් පැකට් 1
  • MD ජෙලටීන් කුඩා පැකට් 1
  • අඹ පියුරී
  • කුලී (Coulis) / සෝස් එක සඳහා
  • පැෂන් ෆෘට් මද
  • සීනි

සාදන අයුරු :

කිරි ටික බඳුනකට දමා මද ගිනදරේ තබා රත්කරගන්න.  ස්ට්‍රෝබෙරි පුඩිං මික්ස් කිරි ලීටර් 1/2 සහ ජෙලටීන් පැකට්1/2 සමඟ දියකරගන්න. නිවෙන්නට තබා මෝල්ඩ් එකක දමා සෙට්වෙන්නට තබන්න. වැනිලා පුඩිං මික්ස් එක ඉතිරි කිරිවල දියකරගන්න. අඹ පියුරී ඉතිරි ජෙලටීන් කොටසේ දියකරගෙන වැනිලා පුඩිං මිශ්‍රණයට එකතුකරගන්න. ස්ට්‍රෝබෙරි තට්ටුව මතට එයත් එකතු කර නැවත ශීතකරණයේ තබන්න. පැෂන් ෆෘට් මදවලට සීනි එකතුකර මදවේලාවක් ලිපේ තබා පිසගන්න. සෙට්වුණු පුඩිං එක මෝල්ඩ් එකෙන් ඉවඑත්කර අලංකාර බඳුනකට දමා ඒමතට සකසාගත් පැෂන් ෆෘට් කුලී එකතුකරගන්න.

පැෂන් ෆෘට් හොයාගන්න අපහසු නම් අන්නාසි වඅන වෙනත් පලතුරක් ඔබට භාවිතාකරන්න පුළුවන්. කැමතිනම් ලේයර්සස් කිහිපයක් එන ලෙසත් සකසාගන්න පුළුවන්. පලතුරු, ජෙලිකැබලි ආදිය එකතුකරගෙන පුඩංඑක තවත් ලස්සන කරගන්න පුළුවන්. ප්‍රිය සාදයකට, දානයකට වගේම යාළුවෙක්ට තෑග්ගක් විදිහට දෙන්නත් හොඳ මේ පුඩිං එක ඔබත් කල් නොයවා හදල බලන්න.

ස්ට්‍රෝබෙරි අඹ පුඩිමප්‍රිය සාදයකට, දානයකට වගේම යාළුවෙක්ට තෑග්ගක් විදිහට දෙන්නත් හොඳ මේ පුඩංඑක ඔබත් කල් නොයවා හදල බලන්න.

Posted by SmartLady.lk on Monday, December 26, 2016

Related Articles

Don't Miss


Latest Articles