සැමියා හා නෑනා අතර තිබූ අසම්මත ඇසුර නිසා විවාහය බිඳ වැටුණු තරුණ බිරිඳක්.

දික්කසාදයකට යොමු වෙන්න කාන්තාවන්ට තියන සමහර හේතු තුළ තියෙන්නේ ඛේදනීය කතාන්දර.ඔබ විවාහයට මොනතරම් ප්‍රවේසම් සහගතව අඩිය තැබිය යුතුද කියලා මේ කතාව ඔබට ආයේ ආයෙම මතක් කරාවි. නීතිවේදිනියක වන හසිතානි උපේන්ද්‍රා මහත්මියගේ නීතිඥ දිවියේ අත්දැකීමක් මේ

දේවිකා විවාහය සඳහා කොළඹට තදාසන්න නගරයක ජයන්තව තෝරා ගන්නේ යෝජනාවක් හරහා.දේවිකා බොහොම දුෂ්කර ගම්මානයක රූමත් කාන්තාවක්.ඇය විවාහ වූ ජයන්ත බොහොම ධනයක් ඇති ව්‍යාපාරිකයෙක් නිසා වගේම වෙනත් රටකට නිතරම ව්‍යාපාර සංචාරයේ යෙදෙන්නෙක් නිසා දේවිකා අලුත් ජීවිතයට එන්නේ හීන ගොඩක් එක්ක.

ඒත් ඇය විවාහ වූ අලුතම සොයා ගන්නේ ඉතාම කම්පිත කාරණාවක්.ජයන්ත ඇයට වඩා අට වසරක්ම වැඩිමල් පුද්ගලයෙක් වුවත් විවාහ නොවී ඉඳලා තියෙන්නේ ඔහු සම ලිංගික වීම නිසා.ලෝකයට පේන්න ලස්සන බිරිඳක් ගෙනාව ජයන්ත නැවත ඉක්මනින් විදෙස් ගත වෙන්නේ ඒ රටේ ඔහුගේ පෙම්වතා ඔහු එනතුරු බලා ඉන්න නිසා.

නමුත් දේවිකා තනිවීම තෝරා ගන්නේ නෑ.විසිපස් හැවිරිදි ඇය වයස දාහතක ප්‍රේමවන්තයෙකු හොයා ගන්නවා.ඒ ජයන්තගෙ මල්ලි වුණු ගයන්ත.ගයන්ත පාසල් වියේදීම නෑනාට බැඳෙමින් ඇය මවක් බවට පත් කරද්දී ඔහුටත් යන්තම් වයස දහ අටක් විතර.මේ අසම්මත ප්‍රේමයෙන් දරු තිදෙනෙක් උපදිනවා.ඒ දරුවන් මල්ලිගේ බව දැන හිටියත් ජයන්ත ඔවුන්ගේ නීත්‍යානුකූලව තාත්තා වෙන්නේ ඔහුට සමාජ ගැරහීමක් නැතිව පියෙක් වීමට හැකි වීම නිසා.

වසර දහයක් ගෙවී යනවා.ගයන්තට මනාලියක් හොයන්න නිවසේ උදවිය පටන් ගන්නවා.ඇය ශානිකා.ශානිකා රාජ්‍ය සේවයේ නිරත වෙන රූමත් යුවතියක්.ඇය ගැන ආදරයෙන් බැඳෙන ගයන්ත දේවිකා අමතක කර දමන්නට ගියත් දේවිකා ඇගෙන් මිදී ශානිකා වෙත ළං වෙන්න ගයන්තට ඉඩ දෙන්නෙම නෑ.මහත් වූ ආදරයක් තමන්ට පුදන ගයන්තගේ මොකක් හෝ හොරයක් දැනෙන ශානිකා ඒ ගැන සොයා බලනකොට ඇයට මේ සම්බන්ධතාවය ගැන ඉව වැටෙනවා. අවාසනාවන්ත ලෙස ඒ වෙනකොටත් දේවිකා සිවුවැනි වතාවටත් ගැබිණියක්. තමන්ගේ පවුල් ජීවිතයට නරක ලෙස අත දමමින් නීති දමන දේවිකා ගැන ශානිකා දැඩි වෛරයක් ඇති කර ගන්නවා.අනතුරුව ඇය දික්කසාදයකට පිවිසී ගයන්තගේ අනාචාරය ඔප්පු කර ඉන්පසු ඔහුගෙන් වෙන් වෙනවා.

ගයන්තට තවමත් ශානිකා අමතක කරන්නට බෑ.ඔහු ඔහුගේ යොවුන් බිරිඳට සැබෑවටම ආදරය කළත් දේවිකාගෙන් ගැළවෙන්නට නොහැකි වූ නිසා ඔහුගේ ජීවිතය අවුල් වී ගියා.ඔහු තවම ඇගේ අනියම් සැමියා වී ජීවිතය ගෙවනවා.

ඉතිං, ඔබ යෝජිත විවාහයක් වෙත යොමු වෙනවා නම් සැමියා ගැන හොඳින් සොයා බලන්න අමතක කරන්න එපා.සමලිංගිකත්වයට නැඹුරු කෙනෙක් විවාහ කර ගන්නට ඔබට සිදු වුවොත් ඔබ කළ යුත්තේ වෙනත් සම්බන්ධතා සොයා ගැනීම නොවේ.එය ඔප්පු කර දික්කසාදයකට යොමු වී ඔබේ ජීවිතය යළි ගොඩ නගා ගැනීමයි.

ඒ වගේම ශානිකාගෙන් ඔබට ලබා ගත හැකි ආදර්ශය තමයි ගැටලුවක් පෙනෙන්නට තිබුණොත් ඒ ගැන හොඳින් සොයා බලා ක්‍රියාත්මක වීම.සමාව නොදිය හැකි ගැටලුවලට සමාව වෙමින් ඔබේ වටිනා ජීවිතය නාස්ති කර ගන්න එපා.අද ඇය රැකියාවට අමතරව කුඩා ව්‍යාපාරයකත් නිරත වෙමින් නැවත නැගිටින්නට පටන් අරන්.

නොරැවටීමත් රැවටීමකදී ක්‍රියාත්මක වීමත් කාන්තාවකට තිබිය යුතුමයි.ශානිකා සහ දේවිකාගෙන් ඔබ උගත යුත්තේ ඒ පාඩමයි.

Related Articles

Don't Miss


Latest Articles