පාට අනුව ඇදුම් මැච් කරල ස්මාර්ට් ලුක් outfit එකක් හදා ගන්නෙ මෙහෙමයි

කාන්තාවන් වන අපේ හැකියාව වගේම අපේ බාහිර පෙනුමත් සාර්ථකත්වයට බලපාන ඉතාම වැදගත් සාධකයක්. අවුරුද්ද පුරාම විවිධ ඇඳුම් සංකලනයන් කරලා හැඩට වැඩට ඉන්න අපි කවුරුත් කැමතියි. වර්ණ සංකලනය කියන්නේ කාන්තා අපි හැමදාම සැලකිලිමත් වන ඒත් සමහර වෙලාවට කොයි තරම් ඇඳුම් පැළඳුම් තිබ්බා තිබ්බත් ගලපා ගන්න ආකාරය ගැන නැවත නැවත වද වෙන දෙයක්. ඉතිං අපි අද කතා කරන්න යන්නේ වර්ණ සහ ඊට ගැලපෙන ඇඳුම් පැලඳුම්.

රතු පාට

ඔබ රතු පාටට ප්‍රිය කරන කෙනෙක් නම් ඔබ වටේට ඉන්න හැමෝගෙම ආකර්ෂණ ලැබෙන බව බලාපොරොත්තු වෙන්න වෙනවා . ඒ නිසාම මේ වර්ණය නිර්දේශ කරන්නේ හොඳ ආත්ම අභිමානයක් තියෙන අයටම පමණයි . රතු සහ කළු කියන්නේ එදා සිටම පැවත එන හොඳ වර්ණ සංකලනයන්. ඒ වගේම මේ වර්ණ සංකලනයන් පාවිච්චි කරන ඔබ මතක තියාගන්න ඕන කරුණ තමයි විශාල කොටස් ලෙස හැම වර්ණයක්ම ඉදිරිපත් කළ යුතු බව . උදාහරණයක් ලෙස කළු සුදු ඇඳුමක් සඳහා රතු වර්ණයේ කෝට් එකක් භාවිතා කරන්න පුළුවන් .

පැස්ටල් වර්ණ රටා

පැස්ටල් වර්ණ වර්ණයන් එකට පාවිච්චි කරන්න කිසිසේත් බිය වෙන්න අවශ්‍ය නැහැ . මේ වර්ණයන් ඔබට සරල චාම් පෙනුමක් ගෙන දේවි. අමතක නොකර අත් බෑගය සහ පාවහන් වලටත් පැස්ටල් වර්ණයක්ම තෝරාගන්න.

ස්වේත වර්ණය

සුදු වන්නේ කියන්නේ හා ආගමික ස්ථාන වලට විතරක්ම අඳින පාටක් නෙමෙයි. ඉතා හොඳින් අනිකුත් වර්ණයන් සමඟ සංකලණය වන සුදු වර්ණය ඔබට හොඳ ව්‍යාපාරික පෙනුමක් එහෙමත් නැත්නම් ඔවෘත්තීමය පෙනුමක් ගෙන දෙන්න සමත් වෙනවා. රතු, නිල්, කලු සමග ඉතා හොඳින් ගැළපෙන සුදු වර්නයට වෙනස් සංකලනයක් කරන්න කැමති ඔබට තමයි මේ අදහස. දුඹුරු පැහැ හෝ පින්තූර දැක්වෙන අනිත් (gravel) වර්ණයන් සමඟ සුදු වර්ණය ලස්සන පෙනුමක් ගේනවා.

නැතුවම බැරි ඩෙනිම්

වර්තමානය වන විට එකිනෙක වෙනස් වර්ණ දෙකකින් යුත් ඩෙනිම් විලාසිතා රැල්ලේ ඉදිරියෙන්ම සිටිනවා. ඒ නිසා ඔබට බය නැතුව ලා පාට denim shirt එක්කට තද පාට ඩෙනිම් කලිසමක් අඳින්න පුළුවන්.

Mustard

ටික කාලයකට කලින් කරලියට ආපු මේ පාට තවමත් විලාසිතා රැල්ලේ ඉස්සරහින් ඉන්නවා. ඔබට ඉතා වැදගත් පෙනුමක් ගෙන දෙන මේ පාට මූලිකවම කළු සහ සුදු පාට සමඟ පහසුවෙන් ගළපන්න පුළුවන් . ඒ වගේම brown, chocolate, wooden, beige සහ කහ වර්ණ සමගත් leoperd print සහිත් සපත්තු බෑග් සමඟත් හොද සංකලනයක් කරන්න පුළුවන්

Marsala

ඉතාමත් අලංකාර මේ වර්ණයට නම උරුම වී ඇත්තේ සිසිලියන් වයින් වර්ගයකිනි. මේවයින් පැහැය අනෙක් වර්ණයන් සමඟ ඉතා පහසුවෙන් සංකලණය කරන්න පුළුවන්. කළු, සුදු, අළු වර්ණය සමඟ අලංකාර ලෙස ගළපන්න පුළුවන්. ඒ වගේම beige සහ coffee කියන වර්ණ සමඟත් ඉතාමත් ලස්සනයි . Marsala කියන්නේ පාවහන් ආභරණ සහ අත් බෑග් සඳහා ගැළපෙනම පාටක්.

රෝස පාට

කාන්තාවන්ට මටසිලිටු පෙනුමක් ලබාදෙන රෝස පැහැය සුදු පැහැයක් සමග ඉතාමත් හොඳින් සංකලණය වෙමින් ඔබට ව්‍යාපාරික අවස්ථාවකට ගැලපෙන පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම beige, ලා නිල්, දුඹුරු සහ නිල් වර්ණය සමඟත් හැඩයි.

අලුපාට

රාජකාරිමය විලාසිතාවලින් කිසිදා ඉවත් නොවන වර්ණයක් තමයි අළු පාට කියන්න. සම්පූර්ණ අලුපාටක් අඳිනවා වෙනුවට අපි ඔබට කොළපාට ඒ සඳහා සම්මිශ්‍රණය කරන ලෙස යෝජනා කරනවා. Mint green සිට olive green දක්වා ඕනෑම කොළපාටක්, අළු පාට සමඟ ඉතා පහසුවෙන් සංකලණය වෙනවා. අපි යෝජනා කරලා තියෙන ඉතිරි වර්ණවලින් බෑග් සහ පාවහන් ගලපලා ඊළඟ දවසේ හැඩවෙලා රාජකාරියට ගිහින් බලන්නකෝ.

නිල් පැහැය

අති විශාල වර්ණ සංඛ්‍යාවක් සමග හොඳින් ගළපන්න පුළුවන් වගේම හොඳ පෙනුමක් ගෙන දෙන ඉතා ජනප්‍රිය වර්ණයත් තමයි නිල් පැහැය. සුදු , beige, ivory කියන පාට සමඟ ඉතා හොඳින් ගැළපෙන නිල් පාට; දුඹුරු, රතු සහ කහ පැහැය සමඟ ගලපන්න පුළුවන්. මතක ඇනිල් පාට අඳින වෙලාවට සුදු beige, ivory කියන පාටවලින් පාවහන් තවත් බෑග් ගළපන්න පුලුවන්නම් ඔබට තවත් හැඩකාර පෙනුමක් ගෙන දෙයි.

Related Articles

Don't Miss


Latest Articles