මිතුරියගෙන් පලි ගැනීමට ඇගේ පෙම්වතා සමඟ එක් වී ෆේස්බුක් වෙත නිරුවත් ඡායාරූප එකතු කළ තරුණියක්.

ඔන්ලයින් ඉගෙනීම් සඳහා දරුවන්ට ස්මාර්ට් දුරකථන සහ ටැබ් ආදිය දෙන්න සිදු වෙලා.ඔවුන් සමාජ ජාලා ගිණුම් පරිහරණය කරන්න පටන් අරන්.මේව නිසා  නව යොවුන් දියණියන් සමහර වෙලාවට නොයෙකුත් ගැටළුවලට පත් වෙනවා.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට කියන්නේ එවැනි සමාජ ජාලා නිසා කරදරයක වැටුණු දියණියක ගැන.

තරුෂි උසස් පෙල පන්තියේ දැරියක්.ඇයට විදේශයක රැකියාව කරන තාත්තා අලුත්ම ජංගම දුරකථනයක් ද එවා තිබුණා.නමුත් අම්මා එක්කම දැවටෙමින් හිටිය තරුෂි ආදර සම්බන්ධතා පටලවා ගත්තේ නෑ.ඇය හොඳින් අධ්‍යාපනය හැදෑරුවා.තරුෂිගේ මිතුරිය කල්පනීට පෙම්වතෙක් සිටියා.දිනක් කල්පනීටත් තරුෂිටත් ඔහුව හමු වූ විට ඔහු කළ කතාවකට කල්පනීගේ තරහ ඉහවහා ගියා.

“තරුෂිට තියෙන්නෙ පිස්සු හැදෙන ලස්සනක්නෙ..”

තමන්ගේ පෙම්වතා එසේ පැවසීම ගැන උරණ වෙන කල්පනී ඇගේ මිතුරෙකු වන කලනට තරුෂිව පෙන්වනවා.ඉන්පසු ඔවුන් සැලසුමක් සකසනවා.කලනගෙන් ලැබෙන ෆේස්බුක් මිතුරු ඇරයුම තරුෂි පිළි ගන්නා අතර ඔවුන් ප්‍රේම කරන්නේ සමාජ ජාලා හරහා.ඇත්තටම තරුෂිගේ අම්මා නිතරම ඈ සමඟ ඉන්න නිස තරුෂිට කලනව එළිමහනේදී හමු වෙන්න බෑ.
තරුෂි හිතන්නේ මේ සැබෑ ප්‍රේමවන්තයෙක් බව.ඇයට මේ තම මිතුරියගේම සැලසුමක් ඉටු කරන්නෙකු යැයි සැකයක් නෑ.

අලුතින්ම නිකුත් වූ නිරුවත් ෆොටෝ කිහිපයක ඉන්නේ තමන්ගේම දියණිය බව තරුෂිගේ තාත්තා දැන ගන්නේ ඔය අතර.ඔහු වහා මව් රටට එන අතර දීප්තිමත් සිසුවියක වූ තරුෂි පාරට බසින්නට නොහැකිව දෙමාපියන්ට මුහුණ දෙන්නට නොහැකිව ලැජ්ජාවෙන් කාලය ගෙවමින් මානසික පීඩාවට ලක් වෙනවා.කලන බොරු කාරයෙකු බව දැන ගැනීමත් ඇයට මහත්ම මහා පීඩාවක්.ඇගේ මිතුරිය වූ කල්පනී  තම මිතුරෙකු සමඟ එක් වී ඇටවූ උගුලකට අසු වීමත් ඇයට දරා ගත නොහැකි දුකක්.

කල්පනී ඇගේ පෙම්වතා තරුෂි රූමත් බව පැවසූ තරහට කලනට ඇය සමඟ මිතුරු වී ඇගේ නිරුවත් ඡායාරූප ලබා ගන්නැයි පවසනවා.ඉන්පසු ඔවුන් එකතු වී ඒවා ෆේස්බුක් පිටු සහ අන්තර්ජාලයට මුදා හරිනවා.ආදරය සහ මිතුරුකම තෝරා ගැනිමේදී තමන්ට විශාල වැරැද්දක් සිදු වූ බව තරුෂිට වැටහෙන්නේ අවසානයේ දී.

ඔබේ දරුවන්ට මෙවැනි හිරිහැර ඇති වන්නේ කොයිමොහොතක ද කියන්නට බෑ.තරුණියන් ලෙස ඔබට මෙවැනි දේට මුහුණ දීමට සිදු වෙන්න පුලුවන්.රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට දෙන අවවාදය මෙන්න මේකයි.

පළමුවැන්න ඔබ සමාජ ජාලා වලින් පෙම්වතුන් තෝරා ගැනීමේදී හරිම ප්‍රවේසම් වෙන්න ඕනෑ.ඔබ ඔහුව සැබෑ ලෝකයේ මුණ ගැහෙන තුරු ප්‍රවේසම් සහගතව් ගනුදෙනු කළ යුතුමයි.ඒ වගේමයි, ඔබ සෙක්ස් චැට්, නිරුවත් පින්තූර යැවීමට පෙර දහස් වතාවක් සිතන්න.ඔහු ඒවා බෙදා නොහැරියත්, දුරකථනය කැඩී යාමකදී, සමාජ ජාලා හැක් වීමකදී ඒවා වෙන කෙනෙකු අතට පත් වෙන්න පුලුවන්.

ඔබේ ඡායාරූප එසේ සංසරණය වන්නට ගත්තොත් දිවි නසා ගන්නට උත්සාහ කරන්න එපා.ඡායාරූප සකසා පළකරන්නට පවා අද කාලයේ තාක්ෂණය දියුණු නිසා ඒ එවැන්නක් බව පවසා තමන්ගේ වැඩක් කරගන්න වග බලා ගන්න.
ඒ වගේම අනිවාර්යයෙන්ම ඔබ  cc@trc.gov.lk යන ඊමේල් ලිපිනයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට මෙය පැමිණිලි කළ යුතුයි.සමාජ ජාලා හරහා ඔබට යමෙකු අපහාස කරනවා මේ ලිපිනයට පැමිණිල්ලක් ඉදිරිපත් කර නීතිමය කටයුතු වලට යොමු වෙන්න.

ඒ වගේම අම්මලාට නැවතත් කියන්නට ඇත්තේ දරුවන් ප්‍රවේසම් කිරීම යනු ඔවුන්ගේ පස්සෙන් යාමම නෙවේ.ඔවුන් කරන කියන දේවල් සහ ඇසුරු කරන අය ගැන ඉතා විපරමෙන් ඉඳීමයි.

ඔබට උපදේශනය අවශ්‍ය නම් 071 411 3457 / 0777645921 අංකයෙන් රත්නා පුෂ්පකුමාරි මහත්මිය සමඟ සම්බන්ධ වෙන්න ඔබට පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles