මේ අවුරුද්දේ දිනපොතක් පාවිච්චි කරමුද ?

කාන්තාවක් කියන්නේ වැඩ ගොඩක්,වගකීම් රැසක් දරන කෙනෙක් .ඉතින් අම්මා කෙනෙක් බිරිඳක් ගෘහනියක් මිතුරියක් රැකියාවක නිරත වෙමින් ආදායම් උපයන්නියක් ලෙසට ඇයට තිබෙන වගකීම් කාර්ය භාරයන් මෙතෙකැයි කියා නිම කරන්න බැහැ.හරියටම කිවුවොත් ආයතන කිහිපයකම පරිපාලන නිලධාරිනියකගේ වගකීම් ඇය වෙත පැවරෙනවා.ඉතින් මේ සියලු කටයුතු මනාව සමබරව නොඅලස්ව පවත්වාගෙන යන්න ඔබට දිනපොත අනිවාර්යයෙන්ම උපකාර වනවා.

දිනපොතක් ඇත්තටම වැදගත් ඇයිමොනවද ඒකෙ ලියන්නේ

දවස සැලසුම් කරගන්නවේලාවන් සමගමදවසේ සියලු වැඩ කටයුතු සටහනක් තබා ගන්නනිමකළ ඒවාට හරි සලකුණක් දමන්නදවස අවසානයේ ඔබේ ජය ඔබටම පෙනේවි.

දානපිංකම්උපන්දින සාදමඟුල් ගෙවල්මේ සියල්ලටම ආරාධනා ලැබුන ගමන්ම දිනපොතේ සටහන් කරගන්න.

ලයිට් බිල් වතුර බිල් රත්තරන් බඩු වලට පොලී මේ සියල්ලම සටහන් තබා ගන්න.

දවසේ වියදම් කල සෑම සතයක් ගැනම සටහනක් තබන්න.

මිලදී ගන්නා බඩු භාණ්ඩ මිලදී ගතයුතු දිනය සමඟ සටහන් තබා ගන්න.

ඔබේ සහ පවුලේ සෞඛ්‍ය තොරතුරු වාර්තා කර තබන්නආර්තව දිනය විශේෂයෙන්ම සටහන් කරගන්නඅපහසුතා රැසකින් ගැලවෙන්නට ඔබට හැකිවේවිදරුවන්ගේ එන්නත්පණු බෙහෙත්සැමියාගේ ඔබගේ තොරතුරුලේ වර්ගය ආදී සියල්ල පිලිබඳ සටහනක් තබා තියන්න.

බැංකු ගිණුම් පිලිබඳ සටහන් තබා ගන්නරහස් අංකද රහසිගත බව ආරාක්ෂා වන පරිදි සටහන් තබා තියන්න.

දිනපොත මදිවන විට භාවිතා කිරීමට තවත් අමතර තවත් නෝට් බුක් එකක් තබා ගන්න.

දිනපොත හැකිනම් හොඳම මිතුරිය කරගන්නදැනෙන දුක් දොම්නස් මෙන්ම සතුටු හැඟීම්ද සටහන් කර තබන්න.

වසරේ සැලසුම් වෙනම පාටකින් ලියා තබන්නඒ ඒ සැලසුම් ජයගැනීමට අවැසි මාර්ගය සහ කාලය සටහන් කර තබා ගන්න.

දරුවන්ටත් ඔවුනගේම සැලසුම් සහිත දිනපොතක් භාවිතා කිරීමට හුරු කරවන්නඑදිනෙදා සටහන් තබා ගැනීමට හුරු කරවන්න.

ඉතින් එක පාරටම මේ සියල්ලම කරන්න හුරුවෙන්න ඔබට යම් තරමක කාලයක් ගතවෙන්න පුළුවන්ඒත් අමතක කරන්න එපාඅලුත් අවුරුද්දක් ආව එකේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔබට තියෙන හොඳම අවස්තාවක් මෙය වන වගඉතින් පරක්කු වෙන්න එපාදැන්ම ඔබේ දිනපොත මිලදී ගන්නඔබට හැකි පමණින් සැලසුම් කරන්නවසර අවසානයේ ඔබේ දිනපොත සාක්ෂි සහිතව පවසාවි පසුගිය වසරවලට වඩා ඔබ කොතරම් ඉදිරියෙන් ඉන්නවාද කියලා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles