දිගු කාලීන විවාහ ජීවිතයක් සදහා වැදගත් වන ඔබ නොසිතන කරුණක්

0
4518

විවිද හේතූන් රැසක් නිසාම විවාහය කියන සංකල්පයට සෑම සංස්කෘතියක් තුලම විශාල වැදගත්කමක් හිමිවෙනවා…. ඒ නිසාම පුද්ගලයෙකුගේ ජීවිතයේ දෙවන වරට උපත ලබන දිනය ලෙස හදුන්වන්නේ එම පුද්ගලයාගේ විවාහ දිනයි, කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටත් විවාහය එක සේම වැදගත් වුවත් , විවාහයත් සමග කාන්තවගේ ජීවිතයේ සිදු වෙන සුවිශේශී වෙනස්කම් රැස නිසාම කාන්තාවට විවාහය කියන්නේ තමන්ගේ ජීවිතය උඩු යටිකුරු කරන සිදුවීමක්ද වෙනවා, විවාහයත් සමග ඔබේ ජීවිතයේ සිදුවන ඒ වෙනස්කම් පිළිබදව පූර්ව නිවැරදි අවබෝධයකින් යුතුව විවාහ ජීවිතය ආරම්භ කලොත් පමණයි ඔබට ඔබේ ජීවිතයේ සතුට රැකගනිමින් තම ස්වාමියාගේ ජීවිතයටත් දිරිය ගෙනෙන සාර්ථක බිරිදක් වෙන්නට පුලුවන් කම ලැබෙන්නේ.

නමුත් අප වැනි ආසියාතික රටවල් වලදී විවාහයත් සමග බෝහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ විවාහ මංගල උත්සවය සමග බැදුනු භෞතික කාරණා වලට පමණක් වීම විශාල කණගටුදායී කරුණක් , විවාහපත් වීමට අපේක්ෂා කරන යුවල මෙන්ම වැඩිහිටි දෙමාපියන්ද මාස ගනණාවක සිට වෙහෙසෙන්නේ මංගල උත්සවය පවත්වන හෝටලය වෙන් කර ගන්න, හොද වෙඩින් කෙනෙක් හොයාගන්න වගේ කාරණා වලට පමණයි.

නමුත් විවාහයක් කියන්නේ මංගල උත්සවය පවත්වන දිනයට එහා යන, පුද්ගලයන් දෙදෙනෙකුගේ කායික, මානසික , අධ්‍යාත්මික මෙන්ම සාමාජීය වශයෙන් වූ ශක්තිමත් බැදීම තුලින් අරඹන නව ගමනක් බව බොහෝ දෙනෙක් තේරුම් ගනිමින් කටයුතු නොකිරීම නිසාම දික්කසාද වීම් අපේ රට තුලත් බහුල වෙලා …

ඒ නිසාම ලගදි විවාහ වෙන්න බලාපොරොතු වෙන යුවතියක් වන ඔබ, ඔබේ මංගල උත්සවය සැළසුම් කරනවා වගේම විවාහයෙන් පස්සෙ ඔබට ගත කරන්න වෙන ජීවිතය ගැනත් පූර් ව අවබෝධයකින් යුතු වීම වැදගත්. ඔබේ සහකරු සමග විවාහයෙන් පසු ඔබේ ජීවිතය කෙසේ ගත කිරීමට සිදු වේවී දැයි කතා බස් කිරීම ඉතා වැදගත්. එහිදී වැදගත් කරුනක් තමයි ඔබ දෙදෙනා ගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ චරිත ලක්ෂණ පිළිබදව මූලික අවබෝධයක් ලබා ගැනීම. මොකද බොහෝ දෙනෙක් ඉන්න වැරදි මතයක් තමයි විවාහ වෙන්නේ අපි දෙදෙනා නිස අපි දෙන්නා ගැන දැන ගත්තම ඇති කියන කරුණ, නමුත් ඒක බොහෝ විට වැරදි වන්නේ විවාහයක් කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර පමනක් සිදුවන බැදීමක් නොවන නිසයි,සැබවින්ම විවාහය කියන්නෙ පවුල් දෙකක එක් වීමක්. විවාහයෙන් පසුව ඔබට අලුත් පවුලක සාමාජිකාවක් වීමට සිදු වෙනවා, ඔබේ සැමියාගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සමග ගණු දෙණු කිරීමට ඔබට සිදු වේවී, එවිට ඔවුන්ගේ සිතුම් පැතුම් , චරිත ස්භාවයන් පිළිබදව විවාහයට පෙර ඔබ ලබා ගන්නා දැනුවත් වීම තුලින් සියලු නෑදෑයන්ගේ සිත් සතුටු වන ආකරයට කටයුතු කිරීමට ඹබට හැකි වේවී. ඔබේ විවාහ ජීවිතය සාර්ථකව , සතුටින් ගත කිරීමට ඹබේ සැමියාගේ පවුලේ සාමාජිකයන්ගේ සිත දිනා ගැනීම ඉතාමත් වැදගත් කරුණක් බව අමතක කරන්න එපා…

එමෙන්ම බොහෝ තරුණියන්ට විවාහයෙන් පසුව තම සිවාමියගේ පවුලේ සාමජිකයන් සමග එකම නිවසේ පදින්චියට යාමට සිදු වෙනව. එවිට ඔබට ජීවත් වීමට සිදු වන්නේ ඔබ කුඩා කල ඔබේ දෙමපියන් සමග ජීවත් වූ ඔබේ පවුල තුල තිබුනු පරිසරයට වඩා වෙනස් පවුල් පරිසරයක් තුල.සෑම පවුලකටම අනන්‍යය වූ ස්ංකෘතියක් තියනවා , විවිධ විශ්වාසයන් තිබෙනවා, ඔබට නුපුරුදු වූඅදහස් ඔබේ සහකරුගේ පවුල තුල තිබෙන්න පුලුවන්, නිදසුනක් ලෙස ඔවුන්ගේ පවුල තුල සාමජිකයන්ගේ වගකිම්, භූමිකා ඔබේ පවුලට වඩා වෙනස් විය හැකියි. ලේලියක් ලෙස ඔවුන්ගේ නිවසට යන ඔබගෙන් ඔවුන් බලාපොරොත්තු වන වග කීම පිළබඳව අවබෝධයක් සහිතව එම නිවසට යාම තුල ඔබට එම නිවස තුල අපහසුතාවයන්ට මුහුණ නොදී කටයුතු කිරීමට හැකි වේවි. මේ නිසා ඔබ ඔබේ සහකරුගේ පවුල් පසුබිම ගැන විවාහයට ප්‍රථම ඹබේ සහකරු සමග සාකඡ්චා කරන්න, හැකි නම් විවාහයට ප්‍රථම ඔබේ සහකරුගේ පවුලේ සාමාජිකයන් සහ ඔබේ පවුලේ සාමජිකයන්ට එක්ව විවේකී කාලයක් ගත කරමින් ඔවුන්ට හොදින් දැන හදුනා ගන්නට යම් කාලයක් ලබා දෙන්න , මන්ද ඔබ දෙපල තුල තිබෙන අන්‍යේන්‍ය අවබෝධයම , පවුල් දෙකේම සාමජිකයන් තුලද හොදින් එකිනෙකා පිලිබදව ඇතිකර ගැනීම ඔබේ විවාහ ජීවිතයේ සාර්ථකත්වයට ඉතාමත් වැදගත් වේවී.

වාහ වන තරුණ බිරිද කට මුලින්ම මුහුණ දීමට තිබෙන අභියෝගයක් තමයි තම සහකරුගේ පවුලේ සාමාජිකයන්ගේ හිත දිනා ගැනීම , සහකරුගේ හෝ සහකාරියගේ පවුලේ සාමාජිකයන් සමග ගැලපීමට ඇති ‍ නොහැකියාව අළුතින් විවාහ වු යුවල අතර පුන්චි පුන්චි නෝක්කාඩු ඇති වෙන්නත් එම ගැටළු දුර දිග ගිහින් අවසානයේබොහෝ දෙනෙක්ගේ විවාහ දිවිය දික්කසාදයකින් කෙලවර වෙන්නත් බලපාන ගැටළුක් වෙලා….. , ඒ නිසාම ඔබත් ලගදි විවාහ වෙන්න අපේක්ෂාවෙන් පසු‍වෙන , සුන්දර විවාහ දිවියක් ගත කිරීමට බලාපොරොත්තු වන යුවතියක් නම් මේ කරුණු ගැනත් ඔබේ අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

-කෞමදී-