සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන තැම්බුම් හොද්දක් නිවැරදිව හදන්නෙ මෙහෙමයි.

තැම්බුම් හොද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ අත්බෙහෙත් අතර ඉහළින්ම වැජඹෙන රසවත් ආහාරයක්.රසම් සහ මිරිස් හොද්ද කියලත් හඳුන්වන තැම්බුම් හොද්ද ගැන ඔබ නොදන්න විස්තර ටිකක් කියන්න අපි හිතුවා.

මුලින්ම නිවැරදිව තැම්බුම් හොද්දක් හදා ගන්න හැටි තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඇට ඉවත් කළ සියඹලා ගුලියක්
  • සුදුළූණු ගෙඩි 2ක්
  • ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්
  • සිහින්ව ලියා ගත් රතු ළූණු
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • උළුහාල් තේ හැඳි 2ක්
  • කරපිංචා අහුරක්
  • කොත්තමල්ලි ඇට
  • සූදුරු තේ හැදි 2
  • මහදුරු තේ හැදි දෙකක්
  • ලුණු

සාදන ක්‍රමය:

  • කොත්තමල්ලි, සුදුරු සහ මහදුරු කෑලි සිටින සේ කොටාගන්න.
  • එය පිරිසිදු රෙදි කඩක පොට්ටනියක් සේ සකසා ගන්න.
  • මෙය සහ අනිත් ද්‍රව්‍ය සියල්ල මැටි භාජනයකට දමා ගන්න.
  • වතුර කෝප්ප හතක් එකතු කරන්න
  • මඳ ගින්දරේ හින්දවා ගන්න
  • පොට්ටනිය ඉවත් කර ආහාරයට ගන්න
  • කෑමට වගේම බීමටත් පුලුවන්

තැම්බුම් හොදි ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි

මෙහි ගුණ ඉතාම අධිකයි.සියඹලා නිසා මල බද්ධය අඩු වෙනවා.
සුදුළූණු වල පිළිකා නැති කිරීම, පිත අඩු කිරීම, මල බද්ධය නැති කිරීම, කොලෙස්ටරෝල් පාලනය,රුධිරයේ සීනි පාලනය,බැක්ටීරියා සහ වෛරස් වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණ ඇති කිරීම, වේදනා නාශක ගුණ පවතිනවා.අනිත් කුළුබඩු වලත් බොහෝ ගුණ පවතිනවා. විශේෂයෙන්ම මෙහි ලවණ ගතිය අධික නිසා විජලනයෙන් ඔබව ආරක්ෂා කරනවා.

ආයුර්වේදයට අනුව තැම්බුම් හොද්ද ආහාරයට ගන්න ඕනෑ ඇයි?

මල බද්ධය ඇති අවස්ථාවක
දරු ප්‍රසූතියකට පසු ශරීරයේ වෙහෙස සහ වේදනාව දුරු කිරීමට
තුවාල සුව වීම ඉක්මන් කිරීමට
ආහාර රුචිය වැඩි කිරීමට
ඔසප් වේදනා අඩු කිරීමට
උදරාබාධ වලට
බඩ පිපුමට සහ වමනයට
ශරීරය සිසිල් කිරීමට
බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂා වීමට
විජලනයෙන් ආරක්ෂා වීමට

අපේ පැරණි ආහාර රටා සහ ඖෂධ වල ගුණ සැබෑවටම දැනෙන කාලයක් අපි පසු කරමින් ඉන්නවා.ඒ නිසා ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම වගේ කාරණාවලට තැම්බුම් හොද්දෙනුත් විසඳුම් හොයා ගන්න ඔබට පුලුවන් වෙයි.

Related Articles

Don't Miss


Latest Articles