දඩි බිඩි‍යට පහසුවෙන් සාදාගත හැකි රසවත් තෙම්පරාදු ව්‍යංජන

පොල් ගාන්න ඉස්පාසුවක් නැති වෙලාවට, පොල් නැති වෙලාවට එළවළු උයාගන්න ක්‍රමයක් තමයි මේ.කොහොමත් තෙම්පරාදුවක් දාගත්තම බත් කන්න ගොඩක් අය හරිම ආසයි.ඉතින් අද අපි එළවලු තෙම්පරාදු හදා ගන්න හැටි බලමු.

බෝංචි තෙම්පරාදු

අවශ්‍ය දේවල්:

හීනියට ලියාගත් බෝංචි
ලියාගත් ළූනු, අමුමිරිස්
කරපිංචා
කුරැදු කෑල්ලක්
අමු තුනපහ ටිකක්
ලුනු කුඩු
කහකුඩු
කැමති තෙල් වර්ගයක්
අවශ්‍යනම් කෑලි මිරිස්

සාදාගන්නා ආකාරය:

ලියා ගත් බෝංචිවලට කහ කුඩ, අමුතුනපහ කුඩු, ලුනු එකතු කර කලවම් මද වේලාවක් තබන්න.
බදුනක් ගෙන එය රත්වූ විට තෙල්දමා, බී ළූනු, අමුමිරිස්, කුරැදු, උම්බලකඩ, කරපිංච ටික දමා සුවද දැනෙන්න මලවා ගන්න.
එයට බෝංචි ටික එකතු කර ගන්න.
පියනකින් වසා ලිප ගිනි අඩු කරන්න. විනාඩියක් පමන වසා තබා නැවත ඇර හොදින් කලවම් කරන්න.

ළූණු මල් තෙම්පරාදුව

අවශ්‍ය දේවල්:

ළූණු මල් 200g
ලියා ගත් රට ලූණු ගෙඩි 1
කපා ගත් අමු මිරිස් කරල් 2 – 3ක්
චොප් කර ගත් හෝ තලා ගත් සුදුළූණු බික් 1
කහ කුඩු තේ හැදි ¼ ක් පමණ
කෑලි මිරිස් තේ හැදි 1 – 2ක්
උම්බලකඩ කෑලි මේස හැදි 1 – 2ක්
කරපිංචා
රම්පේ
තෙල් මේස හැදි 2 – 3ක්
ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:

ලූණු මල් සෝදා කපා ගන්න
භාජනයක් ලිප තබා තෙල් රත් කරන්න.
තෙල් රත් වූ පසු සුදුලූණු එකතු කර බැද ගන්න.
එයට රම්පේ, කරපිංචා, උම්බලකඩ දමා බදින්න.
ලොකු ළූණු සහ අමු මුරිස් එකතු කර කහ කුඩු සහ කෑලි මිරිස් ද එකතු කරන්න
රස අනුව ලුණු එකතු කරන්න.
අවසානයට ළූණු මල් එකතු කර විනාඩි කිහිපයක් තෙම්පරාදු කරන්න.

බණ්ඩක්කා තෙම්පරාදුව

අවශ්‍ය දේවල්:

ළපටි බණ්ඩක්කා 250g
චොප් කර ගත් රට ලූණු ගෙඩි 2
කපා ගත් තක්කාලි ගෙඩි 1
කපා ගත් අමු මිරිස් කරල් 2 – 3ක්
චොප් කර ගත් සුදුලූණු බික් 6 – 7ක්
කරපිංචා
සූදුරු ඇට තේ හැදි ¼ – ½ ක්
ගම්මිරිස් කුඩු (රස අනුව)
තෙල් මේස හැදි 1 – 2ක් පමණ
ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:

බණ්ඩක්කා සිහින්ව කපා ගන්න.
තාච්චියක් ලිප තබා තෙල් දමා රත් කරන්න.
සූදුරු සහ කරපිංචා එකතු කර බැද ගන්න
සුදු ළූණු ද එකතු කරන්න.
බී ළූණු ද එක් කරන්න
තක්කාලි සහ අමු මිරිස් සහ බණ්ඩක්කා එකතු කර බණ්ඩක්කා තැම්බෙන තුරු තබන්න.
රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් එකතු කර ලිපෙන් බාගන්න.

Related Articles

Don't Miss


Latest Articles