සිරුරේ බර ඉක්මනින් අඩු කරන ආහාර වර්ග.

ශරීරයේ අනවශ්‍ය බර නිසා පීඩා විඳින ඔබ ආහාර පාලනය කිරීමට වගේම ව්‍යායාම කිරීමටත් ගොඩක් උනන්දු වෙනවා. ඉතින් ඔබේ ආහාරයට එකතු කරගන්න පුලුවන් ඉක්මනින් කෙට්ටු වෙන ආහාර වර්ග ගැන ඔබ දැනගෙන හිටියොත් හොඳයි නේද ? අද අපි ඔබට කියන්නෙ ඒ ගැන

ඇපල්

ඇපල් වල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන අතර එය ශරීරයේ අනවශ්‍ය බර වැඩි වීමට දායක වන විෂ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමට උපකාරී වෙනවා. එක් ඇපල් ගෙඩියක තන්තු ග්‍රෑම් 5 ක් පමණ අඩංගු වන අතර ඇපල් ආහාරයට ගැනීමෙන් ඉක්මනින් ඔබේ කුසගින්න නිවනවා.එමගින් ඔබ බොහෝ වෙලාවකට ආහාර ගැනීමද වලක්වනවා.

ඕට්ස්

ඕට්ස් කෝප්ප එකකින් බිත්තරයකින් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණයට සමාන ප්‍රෝටීන් ප්‍රමාණයක් ශරීරයට ලැබෙන බව පර්‍යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.ජනප්‍රිය උදෑසන ආහාරයක් වන ඕට්ස් ආහාරයට ගැනීම මගින් ඔබට නැවත නැවත කුසගිනි ඇතිවීමත් අවම කරනවා

බිත්තර

කොලෙස්ටරෝල් ඉහල නංවන ආහරයක් ලෙස සැලකුනත් බිත්තර කියන්නේ ඔබේ ශරීරයේ බර අඩු කරගන්න පුලුවන් හොඳ ආහාරයක්.ප්‍රෝටීන් සහ මේදය සහිත බිත්තර උදෑසන ආහාර වේලට එකතු කරගැනීම ආහාර පාලනය කරන ඔබට ඉතාමත් සුදුසු වෙනවා

ඩාක් චොකලට්

පර්‍යේශකයන් තහවුරු කර ඇති පරිදි ඩාක් චොකලට් ආහාරයට ගැනීම මගින් බර අඩු කරගැනීමේ හැකියාව තිබෙනවා.ඒ වගේම ඩාක් චොකලට් මගින් දියවැඩියාව සහ හෘද රෝග අවදානමත් අවම කරනවා.ඔබ ඩාක් චොකලට් මිලදි ගන්නට පෙර එහි අවම වශයෙන් 70% ක පමණවත් චොකලට් තිබෙනවා දැයි පරික්ශා කර බලන්නත් අමතක කරන්න එපා

අලිගැටපේර

අලිගැට පේර වල පරිවෘත්තීය වැඩි දියුණු කරන මොනොසැටරේටඩ් මේද අඩංගු වන අතර ඒවා මගින් කුසගින්න අඩු කරන බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා

සුදුළූණු

සුදුළූණු ආහාරයට ගැනීම මගින් ශරීරයේ බර සහ මේදය අඩු වන බව හෙලිවී තිබෙනවා.සුදුලූනු මගින් රුධිරයේ සීනි පාලනයට වගේම පරිවෘත්තීය ක්‍රියාවලියට සහය වන අතර රුධිරයේ ලිපිඩ මට්ටම පාලනය කිරීමටත් උපකාරී වන බව මෑත අධ්‍යයනයන්ගෙන් හෙළි වී තිබෙනවා.සුදුළූණු ආහාරයට ගැනීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමටත් , හෘද රෝග වළක්වා ගැනීමටත්,රුධිර පීඩනය අඩු කිරීමටත් උපකාරී වෙනවා.

බෝංචි

ප්‍රෝටීන් බහුල රනිල කුලයට අයත් බෝංචි ආහාරයට ගැනීම මගින් ඔබට ඔබේ ශරීරයේ බර අඩු කරගැනීමෙ හැකියාව තිබෙනවා.ඒ වගේම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමටත් එයට හැකියාව තිබෙනවා.

කොළ පැහැ පලා වර්ග

විටමින් ,කැල්සියම් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු කොල පැහැ පලා වර්ග වල තන්තු ප්‍රමාණය වැඩි නිසා බර අඩු කරගන්න උත්සහ කරන ඔබට එය ඉතා සුදුසුයි

ඉතින් මෙන්න මේ ආහාර වර්ග ඔබ ඔබේ කෑම වේලට එකතු කරගන්නවා නම් ඔබට බර අඩු කරගන්න එක ඒ තරම් අමාරු කාරණාවක් නෙමෙයි.බර අඩු කරගන්න කියලා කෑම නොකා ඉන්නවට වඩා ඔබට හොඳ සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙන මේ වගේ ආහාර ලබාගන්න කියලා අපි ඔබට යෝජනා කරනවා

Related Articles

Don't Miss


Latest Articles