පාසලෙන් කොන් වූ පුංචි වීණා වාදකයා.


Americas Got Talent වේදිකාවට වයස අවුරුදු 11 ක කුඩා හුරුබුහුටි දරුවෙක් වයලීනයක් අත දරාගෙන ගොඩවෙනවා.මේ හුරුබුහුටි කළු ජාතික දරුවා දුටු පමණින්ම සියල්ලන්ගේම සිත් පැහැර ගැනීමට සමත් වනවා.ඔහු නමින් ටයිලර් බට්ලර්.නමුත් ඔහුගේ ජීවිතය අත රැඳි වයලීනය වාදනය කරන ගී තනු තරම් මිහිරි නැහැ .ඔහුගේ මුහුණේ තිබෙන්නේ තිබෙන්නෙ වේදනාවක්.

‘මම පිළිකා රෝගියෙක්,ඒ නිසාම මාව පාසලේදී අතිශයින්ම කොන් කරනු ලැබුවා.මට මිතුරන් කිසිවෙක් හිටියේ නැහැ.ඒ නිසයි මේ තරගයට මම ඉදිරිපත් වුනේ.මගේ පිළිකාව බෝ වෙන එකක් කියලා ඔවුන් බොරු ප්‍රචාරය කළා. ඉතින් මට කිසිම යාලුවෙක් හිටියේ නැහැ “
දෑසේ කඳුළු පුරවාගෙන වේදිකාව හමුවේ දී ඔහු සිය හඬ අවදි කළා.ඔහු වසර හතක් තිස්සේ පෙලෙන පිළිකාවේ වේදනාවට වඩා ප්‍රබල ව මිතුරන් විසින්,මිනිසුන් විසින් කොන් කිරීමේ වේදනාව ඔහුව වෙලා ගෙන තිබුනා.

වෛද්‍ය විද්‍යාව දියුණු ඇමරිකාව වැනි රටකද එසේනම්!

මිනිසත්කම තව දුරටත් ඉගැන්විය යුතු විෂයක් බවට පත් වී තිබේ නම් අපගේ අනාගතය හිත නම් අඳුරු වනු ඇතිදැයි ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.නමුත් දැනටමත් සිදු වෙමින් පවතින්නේ එයයි .රෝගයකින් පෙළෙන අසරණ කුඩා දරුවෙකුට ඔහු වෙනුවෙන්ම සටන් කිරීමට සිදුවී තිබෙනවා.ඒ ඒ රෝගයට එරෙහිව නොව අමානුෂිකත්වයට එරෙහිව.
ඔහුට වෙනස් පුද්ගලයෙක් බවට පත් වීමට උවමනා වෙනවා.ඔහු ගැන කතා කිරීමට එකම හේතුව පිළිකාව පමණක් නොවිය යුතු බව ඔහු තීරණය කරනවා.ඉතින් ඔහු වයලීනය අතට ගන්නවා.අමිහිරි මිනිසුන් වෙනුවෙන් මිහිරි ගී තනු වාදනය කරනවා.එය ඔහුට මහත් සහනයක් රැගෙන එනවා.

කුඩා වීණා වාදකයා වසර හතරක ප්‍රතිකාර අවසානයේදී සුවපත් වනවා.ඒ වගේම තරඟයේ අවසන් වටය ද නියෝජනය කරනවා.ඩොලර් ලක්ෂ ගණනින් උපයන ගිවිසුම් වලට අත්සන් තබනවා.සිය නම ලොව පුරාම මිනිසුන් කතා කරන නාමයක් බවට පත් කරනවා.

ඉතින් කුඩා ටයිලර් ගේ මේ කතාව ඔබේ දරුවාට අද දිනයේ මිනිසත්කම පිළිබඳව,මිනිසුන් කොන් නොකිරීම පිළිබඳව ඉතාම ඉහල පාඩමක් වගේම පීඩනය අභියෝගයක් කර ගනිමින් නැගී සිටීමේ පාඩම කියා දෙන්නට වඩත්ම සුදුසුම කතාවයි.

More Stories

Don't Miss


Latest Articles