හිස් බඩට කන්න හොඳ දේවල් මෙන්න

හිස් බඩට කන්න හොඳ නැති කෑම ගැන අපි කලින් හඳුන්වාදුන්නා.  ඒ වගේම හිස් බඩට කන්න හොඳ කෑම ගැනත් අනිවාර්යයෙන්ම දැනගන්න අවශ්‍යයි. නීරෝගී ජීවිතයක්ගතකරන්න හිස් බඩට මෙන්න මේ කෑම කන්න

මීපැණි

උදෑසන සිටම ශරීරය ප්‍රබෝධයෙන් තබන අතර ශක්තිය වර්ධනය කරයි. මොළයේ ක්‍රියකාරීත්වය වර්ධනය කරන අතර යහපත් හෝමෝන ක්‍රියාත්මක කරවයි.

බිත්තර

ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන ලබා දෙයි. උදෑසනම බිත්තර අනුභව කිරීමෙන් දවස පුරා ලබාගන්නා අනවශ්‍ය කැලරි ප්‍රමාණය  සාර්තක ලෙස අවම කරයි.

පරළු පාන්

දවසේ අන් වේලාවනට වඩා පරළු පාන් අනුභවයට සුදුසුවන්නේ උදෑසනටයි. කාබෝහයිඩ්‍රේට් ආදී අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් ගෙන් සපිරි මෙම ආහාරය ඔබට ඇතුළු ක්‍රියාශීලී ශක්තිසම්පන්න දිනයකට මගපාදනු ඇත.

පැණි කොමඩු

හිස් බඩට පැණි කොමඩු ආහාරයටගැනීමෙන් එහි ඇති දියර උදෑසනම ඔබේ ශරීරය සිසිල් කරයි. ඇස්වලට සහ හදවතේ යහ පැවැත්මට බෙහෙවින් ගුණදායකි. ව්‍යායාමකරන ඔබට ඉතාමත්ම සුදුසු ආහාරයක්.

ධාන්‍ය වර්ග

දවස පුරා ආහාර ජීර් ණපද්ධතිය නිසි ක්‍රියාකාරීත්ව යෙන් පවත්වාගන්න නම් අනිවාර්යයෙන්ම උදෑසනට ධාන්‍ය වර්ග ආහාරයටගන්න. ධාන්‍ය තේ හැඳි දෙකක ඔබ දවසකට පරිභෝජනය කළයුතු විටමින් ඊ 15%ක් ද ‍ෆෝලික් අම්ලය 10%ක් ද අඩංගුවේ.

ඇට වර්ග

ආහාර ජීර් ණපද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට වගේම ශරීරයේ අගය පාලනය කිරීමට උපකාරීවේ. සම්පූර්ණණ උදෑසන ආහාරවේලක් ලබාගැනීමට නොහැක් වූවත් පහසුවෙන්ම ආමන්ඩ් වැනි ඇට වර්ගයක්  ආහාරයට ගෙන ඔබේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණකරගත හැකියි.

හිස් බඩට අතට අහුවෙන දෙයක් බඩට දාගන්නෙ නැතිව ගුණාත්මක උදැසන ආහාරවේලක් ලබාගතහොත් කිසිදු ගැටලුවකින් තොරව ප්‍රෙබා්ධමත් ඛ්‍යෙසම්පන්න දවසක් ඔබටත් ගත කළ හැකිවනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles