ඉතුරුවුණු බත්වලින් Fried Rice

උදේ උයපු බත ඉතිරිවෙලාද? ආයෙ කන්න බැහැ කියල විසික් කරන්න එපා. ඒ වෙනුවට හදල බලන්න මේ රසම රස, හදන්න හරිම ලේසි fried rice එක.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බත් කෝප්ප 3
  • තල තෙල්/ බටර් තේ හැඳි 3
  • කපාගත් කැරට් සහ ග්‍රීන් පීස් කෝප්ප 1
  • හීනියට කැපූ බී ළූණු ගෙඩි 1
  • තලා ගත් සුදු ළූණු ගෙඩි 2
  • ගසා ගත් බිත්තර 2
  • කෑලි මිරිස් තේ හැඳි 1/2
  • රස අනුව ගම්මිරිස් සහ ලුණු කුඩු
  • තිබෙනවා නම් සෝයා සෝස් කෝප්ප ¼

සාදන අයුරු:

තරමක් ලොකු පෑන් එකක් ලිප තබා මධ්‍යම ප්‍රමාණයට රත්වන්නට තබා එයට තෙල් එකතු කරගන්න. මීළඟට සුදු ළූණු තෙලට දමා අනතුරුව බී ළූණු එකතුකරගන්. කැරට් සහ ග්‍රීන් පීස්ද එකතුකර තැම්බෙන්නට තබන්න. එළවළු හොඳින් පිසුණු පසු ගින්දර තරමක් අඩු කර බිත්තර එකතුකර ස්ක්‍රැම්බල් කරගන්න. කෑලි මිරිස්, සෝයා සෝස්, ගම්මිරිස් සහ ලුණු කුඩු එකතුකරගන්න. අවසානයට බත් එකතුකොට හොඳින් කවලම්කරගන්න.

මෙහි දක්වා ඇති එළවළුම යොදා ගන්නට අවශ්‍ය නැහැ. ඔබට කැමති එළවළුවක් එකතු කරගත හැකියි. ව්‍යාංජනයක ඉතිරිවුණු හතු, මාළු, මස් ආදිය මෙයට එකතු කරගත හැකියි. ආහාර අපතේ යවන්නේ නැතිව මේ ලෙස නැවත ප්‍ර යෝජනයට ගන්නවා නම් ඔබේ පසුම්බියටත් සහනයක්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles