පුංචි පැටියා ගේ බඩ නිතර ලෙඩ වෙනවාද

ඔබේ පොඩිත්තා සමහර වෙලාවට බඩ අල්ලාගෙන වේදනාවෙන් කෑ ගහනව නේදකුඩා දරුවන් අජීර්ණය රෝගයට නිතර ගොදුරු වෙනවාඑයට ප්‍රධාන හේතුව වන්නේ වැඩිහිටියන් විසින් අනුගමනය කරන වැරදි ක්‍රියාවන් නිසා බැක්ටීරියා සහ වෛරස් ආසාදන වලට දරුවන් ගොදුරු වීමයි.

අජීර්ණය වැඩිපුර වැළඳෙන්නේ කුඩාම දරුවන්ටද?

ඇත්තටම මෙය නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසුයි.බිලිඳු වියේ වගේම වැඩෙන වයසේ දරුවනටත් අජීර්ණය හැදෙන්න පුළුවන්.ඒත් මවුකිරි පමණක් ගන්නා දරුවන් අජීර්ණයට ගොදුරුවන අවස්ථා හරිම අඩුයි . මවු කිරෙන්

ඝන ආහාරයට මාරුවීම වගේම පිටිකිරි,එළකිරි වැනි ආහාර දරුවාගේ ආහාරයට එකතු වනවිටත් අජීර්ණ තත්වයන් ඇතිවීම සාමාන්‍යයි.නමුත් එ

එළකිරිවලින් දරුවන් අජීර්ණයට ගොදුරුවන්නේ අසාත්මිකතාවයක් වැනි කරුණු හේතුකරගෙනයි.නමුත් එය සෑම දරුවෙකු කෙරෙහි බලපාන්නේ නැහැ.නමුත් පිටිකිරි කියන්නේ බොහෝ දරුවන්ට අජීර්ණය ඇතිකරන දෙයක්.පිටිකිරි ඇසුරුමේ ඇති උපදෙස් අනුගමනය කරන්නේ නැතිව උකුවට හෝ ඕනෑවට වඩා දියර ලෙස සාදා ගැනීම නිසාත් අසාත්මිකතාවය ඇති වෙනවා.

ඒ වගේම කිරි සෑදීම සඳහා මෙන්ම අනෙකුත් ආහාර පාන සඳහා ගන්නා බඳුන් වර්ගවල පිරිසුදු කමද මේ සඳහා බලපානවා.කිරි බි අවසන් වූ පසුව බෝතලය නොසේදීම,බෝතල් සුප්පුවට මැස්සන් වැසීම,කිරි සාදන කෝප්ප හැන්ද මත මැස්සන් වැසීම වැනි අවස්ථා දැක්විය හැකියි.

අවදානම් සහිත රෝග තත්වයන් මොනවාද?

සැල්මොනෙල්ලා සහ රෝටා වෛරස් පාචන ස්වාභාවයන් දැක්විය හැකියි.

සැල්මොනෙල්ලා රෝග ලක්ෂණ

  • දියරමය වශයෙන් මළපහ නිතර පිටවීම
  • පිටවන මළපහ තද සෙවෙල ගතියකින් යුතු වීම.
  • මළපහ සමඟ රුධිරයද පිටවීම.
  • තදින් විජලනය ඇතිවීම.

රෝටා රෝග ලක්ෂණ

මෙය ඉතාමත්ම අවදානම් සහගතය.

  • උණ,ක්ලාන්තය,කෑම අරුචිය,සහ වමනය නිතර ඇති වේ.
  • රුධිර පීඩනය අවම වීම.මුත්‍රා පිටකරන ප්‍රමාණය සීග්‍රයෙන් පහළ බැසීම.
  • වකුගඩු අක්‍රිය වීම.දිව වියලී යාම,වලිප්පුව.
  • උග්‍ර විජලනය නිසා දරුවා මරණාසන්න තත්වයට පත්විය හැකිය.

අවදානමට පත් නොවීම සඳහා

හැකිතරම් විජලනයට පත්නොවීම වලක්වා ගත යුතුවීම.මවු කිරි බොන දරුවෙකු නම් හැකි පමණ මවු කිරි බීමට දීම.ඒ අතර ජීවනී ලබා දීම.

ඝන ආහාර ගන්නා දරුවෙකු ආහාර නොගන්නේ නම් සුප් ,බත් කැඳ,යෝගට් වැනි දියරමය ආහාර ද ,පලතුරු වලින් ආනමාලු,අළු කෙසෙල්,කෝලිකුට්ටු වඩාත් සුදුසු වෙනවා. චීස්,බටර්,මස්,මාළු වැනි ආහාර සුදුසු වන්නේ නැහැ.

ඉතින් නිතරම ආහාරවල සහ ආහාර බෙදා දෙන බඳුන් වල පිරිසුදුකමත් දරුවාගේ පිරිසුදු කම පිළිබඳවත් මනා අවධානයකින් සිටීමෙන් මෙවැනි රෝගාබාධ වලක්වා ගත හැකි වීම විශේෂයි .

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles