ඉන්දියන් විදිහට අඳින මනාලයෙක්ට ගැලපෙන Sherwani ඇඳුම

0
950

විවාහ ගිවිසගන්නා දිනට, දෙවෙනි ගමනට, මධු සමයට පිටත්වන්නට බොහෝ තරුණියන් ඉන්දියානු විලාසිතාවන් තෝරාගන්නට ප්‍රියකරනවා. ඊට ගැලපෙන්නට ෂර්වාණී/කුර්තා ඇඳුමකින් සැරසෙන්නට මනාලයන්ට සිදුවෙනවා.

Sherwani ඇඳුම සාම්ප්‍රදායික ලෙස සැරසෙන ඉන්දියානු මනාලයන් අතර ඉතාමත් ජනප්‍රිය ඇඳුමක්. මෙය දණහිස දක්වා දිගු විසිතුරු kurta කමිසයක් සහ කලිසමකින් සමන්විතයි.

  1. මනාලියගේ ඇඳුමට ගැලපෙන sherwaniඑකක්

මනාලියගේ ඇඳුමේ පැහැයට සහ රෙදි වර්ගයට ගැලපෙන sherwani එකක් තෝරා ගැනීම උචිතයි. අතිශයින්ම විසිතුරු වැඩ දැමූ sherwani තිබුණත් මනාලියගේ ඇඳුම අභිබවා නොයන ඇඳුමක් තෝරාගැනීමට වගබලාගන්න. මනාලියගේ සහ මනාලයාගේ ඇඳුම set එකක් ලෙසද සකස් කරවාගත හැක.

  1. මනාලයාගේ රුචිකත්වය

බොහෝ මනාලයන් පෙරදිග ඇඳුම් සහ විසිතුරු ඇඳුම් ප්‍රියකරන්නේ නැහැ. දිගු වේලාවක් ඇඳගෙන සිටිය යුතුත් නිසා අනාවාර්යයෙන්ම මාලයාගේ රුචි අරුචිකම් පිළබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත්වන්න. මනාලයාගේ පෞරුෂය සහ බාහිර පෙනුමට ගැලපෙනවාද යන්න පිළිබඳවත් සැලකිලිමත්වන්න.

  1. රෙදි වර්ගය

සිල්ක්, වෙල්වට්, brocade, ජෝර්ජට් ආදී ඕනෑම අලංකාර රෙදි වර්ගයකින් නිමවූ sherwani තිබෙනවා. සෑහෙන වේලාවක් ඇඳගෙන සිටිය යුතු නිසා බර අඩු, ශරීරයට අපහසුවක් නොමැති රෙදි වර්ගයක් තෝරාගන්න.

  1. වර්ණය

රන් හෝ රිදී වැඩ දැමූ  රතු, මෙරූන්, කොළ ආදී තරමක් තද වර්ණයේ sherwani තමයි බොහෝ විට වෙළඳපළේ දක්නට ලැබෙන්නේ. නමුත් කළු හෝ දුඹුරු, විසිතුරු බවින අඩු sherwani නිර්මාණය කරවාගත හැකියි. කැමති නම් තද සහ off-white වැනි ලා වර්ණ සංකලනයකින් ද සකස්කරගත හැකියි. මනාළයාගේ උස සහ සමේ වර්ණය පිළබඳව මෙන්ම උත්සවය පැවැත්වෙ ස්ථානය සහ වෙලාව පිළිබඳවත් මෙහිදී සැලකිලිමත් විය යුතුයි.

  1. මිල ගණන් පිළිබඳව සැලකිලිමත්වන්න.

රු.10,000 සිට ලක්ෂ 150,000ත් වඩා වැඩි මුදලකට අලෙවිවන sherwani වෙළඳපළේ ඇත. බොහෝ විට මෙම ඇඳුම නැවතවරක් භාවිතාකිරීමට ඇති අවස්ථාව අවම නිසා වැඩි මුදලක් ආයෝජනය කිරීම නුවණට හුරු නැත. ඔබේ බජට්එකට ගැලපෙන වටිනා පෙනුමක් ඇති sherwani ඇඳුමක් සොයාගන්න අපහසුවක් නැහැ.

  1. කාලයේ තාලයට ගැලපෙනවාද

බොහෝ දෙනා මේ පිළිබඳව සිතන්නේ නැහැ. මනාලියගේ ඇඳුම වගේම මනාලයන්ගේ ඇඳුම්ද කාලයෙන් කාලයට වෙනස්වවේ. Sherwani වුවත් දිග, cuts, මෝස්තරය ආදිට අනුව නිරන්තරයෙන් වෙනස්වන නිසා ඒ පිළිබඳව සොයාබලන්න.

  1. නිවැරදි ආයිත්තම්

Sherwani එකටම විශේෂ වුණු ආයිත්තම් තිබෙනවා. වැඩ දැමූ ගැලපෙන පාවහන් සහ shawl එක මේ අතරින් විශේෂයි. ඉන්දියානුවන් ජටාවක් වැනි විසිතුරු හිස්වැස්මක් ද භාවිතාකරනවා.

ඔබ දෙපළගේ සොඳුරු දිනයේදී ඔබ දෙදෙනාම අලංකාරව ගැලපෙන ලෙස සැරසී සිටීම වැදගත්. එනිසා දෙදෙනාගේම රුචිකත්වය සලකා බලා අලංකාර ඇඳුම් තෝරාගෙන ඔබගේ සොඳුරු දිනය තවත් ලස්සනකරගන්න.

– කල්හාරී –