එදිනෙදා ජිවිතයට වැදගත් තොරතුරු ටිකක්

එදිනෙදා අපේ ජිවිතයට අවශ්‍ය දේවල් කොපමණ තියෙනවද ඉතින් ඒ අතරින් අපේ නිවැරදි ජිවන රටාවකට අනුබල දෙන වටිනා තොරතුරු ටිකක් මෙලෙස ඉදිරිපත් කරන්න අප හිතුවා.මේ තොරතුරු ඔබට මහත් සේ ප්‍රයෝජනවත් වේවි.

  • කොච්චර ගුණ දෙයක් වුනත් ඕනෑවට වැඩිය කන්න එපා.
  • කෝමාරිකා යුෂ හැමදාම උදේ හිස්බඩ බොන්න.
  • තිත්ත වුනාට කොහොඹ පොතු ගොඩාක් ගුණයි.
  • අමු ගොටුකොල ඉස්ම හිස්බඩ බොනවානම් මතක ශක්තිය වර්ණය සහ දීර්ඝායු ලැබෙනවා.
  • දවසකට බෙහෙත් නෙල්ලි ගෙඩි දෙකක් කනවානම් ආයුෂ වැඩි වෙනවා.
  • පේර,අඹ,ඇපල් වගේ දේවල් පොත්ත පිටින් කනකොට ගුණ වැඩියි.ඒත් වස විස නොගහපු තමන් ගහෙන් කඩා ගත්තොත් තමයි වටිනාකම
  • රටකජු බතල සහල් වැනි දේවල් කුරුට්ට සමඟ තමා ගුණ
  • කජු පුහුලන්වල ගොඩක් කැල්සියම් තියෙනවා.
  • වෙරළු කියන්නේ ඉක්මනින් ශක්තිය දෙන පළතුරක්.හරියට ග්ලූකෝස් වගේ.
  • දුඹුරු සීනි කන එක හිස කෙස් වලට හොඳයි.
  • මිදී දෙළුම් කනවිට ඇට සමඟ කන්න.
  • විසි කරන පොල් කුඩුවලින් වැඩ කිහිපයක් ගන්න පුළුවන්. (බිම පොලිෂ් කිරීම, තෙල් හිඳින්න, පුන්නක්කු හදන්න)
  • පොල් මිරිකීමෙන් පසු මැල්ලුමට හෝ සම්බෝලයට කලවම් කිරීම.
  • අලුත් පොල් කුඩු රන්වන් පාටත් ඉක්ම යනතෙක් කබලේ බැදගන්න.කලුවෙන්න බදින්න.ඒත් තිත්ත නොවෙන්න ඕනා.පස්සේ වංගෙඩියේ හරි මිරිස් ගලේ හරි සිහින් වෙන්න අඹරා ගන්න.මාළු,බිම්මල්,කොහිල,පුහුල්,වැනි දේවල් පිසින විට වඩාත් රසවත් වෙනවා.
  • කොළ වර්ග සලාද විදියට කෑම ගුණ වැඩියි.ඒත් පෙති තෝර වගේ දේවල් සම්බෝල කන්න එපා.මාරාන්තිකයිමැල්ලුම ගුණයි.
  • උණු වතුර පානය නිසා බර සහ මහත අඩුකර ගත හැකියි.
  • ගම්මිරිස් සහ ගොරකා බඩගින්න වඩවයි.සෙම සහිත රෝගීන්ට ගම්මිරිස් වඩා හොඳයි.
  • එළවලු වලට පොල් කිරි එක්කර පිසීමේදී ඒවාට වගා බිමේදී යොදන ලද කෘෂි රසායන වල විෂ තරමක් හෝ අඩුවේ.
  • ඇලුමිනියම් සහ ලෝහ භාජන හෝ හැඳි භාවිතය ආහාර පිසීමට සුදුසු නොවේ.
  • පොල් තෙල් ගුණ දායකයි.මතක ශක්තිය අඩු අයට වඩාත් සුදුසුයි.ඒත් වැඩියෙන් වගේම නිතර නිතර එපා.
  • පොල් වතුර ඉතාමත්ම ගුණ දායක පානයකි.පොල් වතුර අවුන්ස එකක සීනි ග්‍රෑම්1.3, පොටෑසියම් මිලිග්‍රෑම් 13.7, මැග්නීසියම්ප්‍රෝටීන්දියවන තන්තු සහ විටමින් c අඩංගු වී තිබෙනවා.
  • දවසකට රතු ළුණු ග්‍රෑම් 100 ක් කන්න.අමුවෙන් කනවා නම් ගොඩාක් හොඳයි.

නිකිණි බණ්ඩාරගේ ගමේ කෑම කෘතියෙනි..

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles