බටහිර බෙහෙත් බොනවානම් මේ කෑම ගැන සැළකිලිමත් වෙන්න

අප බෙහෙත් බොන්නේ කිසියම් රෝග තත්වයන් නිසා සහ ඉන් මිදීමටයිඉතින් අප ලබා ගන්නා බෙහෙත අපගේ ශරීරය තුළ තනිව හැසිරෙන්නේ නැහැඅප ශරීරයට ඇතුළු කරන අනෙකුත් රසායන ද්‍රව්‍යයන් මේ බෙහෙත් වල ගුණ අගුණ කෙරෙහි බලපානවාඉතින් ඒ නිසාම සමහර විට අප අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබී යන්න පුළුවන්.

වෙලාවක් අවේලාවක් නැතිව හැමතිස්සෙම ගන්න කෝපිචොකලට්කෝලා

කෝපිචොක්ලට්කෝලා පාන වර්ග සහ ඖෂධ අතර සම්බන්ධතාවය ගැන අප වැඩිය සැළකිලිමත් වෙන්නේ නැහැනමුත් සමහරුන් බෙහෙත් බොන්නෙත් මේ පාන වර්ගයන් සමඟචොකලට්කෝලාවැනි කැෆේන් රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර පාන ගැනීම නිසා ඇදුමට ලබා දෙන ක්ලෝම විස්තාරක ඖෂධ වල ක්‍රියාකාරිත්වය අඩු කිරීමට සමත් වනවාකැෆේන් රසායනික ද්‍රව්‍යයට මිනිස් ශරීරයේ සෛලවල ක්‍රියාකාරිත්වය වෙනස් කල හැකියිඒ මඟින් මත් ස්වාභාවයක් ඇති වීම වැනි දේ සිදුවිය හැකියිමේ නිසා මානසික රෝග සඳහා ලබාදෙන සමහර ඖෂධ වල ගුණ අඩු වෙනවා.

සුදු ළුණු හා ඉඟුරු ගුණ ඇති ශාකමය ඖෂධ

සුදු ළුණු සහ ඉඟුරු දේශීය වශයෙන් හා පාරම්පරික ඖෂධ වලින් ඉතා වටිනා ශාක වනවා.අප සෑම විටම ආහාර පාන සැකසීමේදී සුදු ළුණු සහ ඉඟුරු භාවිතා කිරීම සිදු කරනවානමුත් අප බටහිර ඖෂධ ගැනීමේදී සුදු ළුණු හා ඉඟුරු ආහාරයට ගැනීම අහිතකරයි. ඒවා පමණක් නෙවෙයිතවත් දේශීය ශාකමය ආහාර රාශියක් බටහිර ඖෂධ ක්‍රියාකාරිත්වය හා ගැටළු පවතිනවා.

රුධිරය කැටි ගැසීම වැළක්වීමට ලබා දෙන වොර්ෆරින් ඖෂධයේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට සුදු ළුණු සහ ඉඟුරු වලට හැකියාව තියෙනවා.

කෙසෙල් ගෙඩි,දොඩම්,ලුණු ආදිය ගැන සැළකිලිමත් වෙන්න.

තද පැහැ එළවලු වර්ග සමහර ලුණු වර්ග කෙසෙල් ගෙඩි දොඩම් ආදිය පොටෑසියම් බහුල ආහාරයිඑහිදී අධි රුධිර පිඩනයට ලබා දෙන කැප්ටෝපිර්ල් නම් බෙහෙත ගන්නා විට මෙවැනි පොටෑසියම් අධික ආහාර ගත්විට රුධිරයේ ඇති පොටෑසියම් ප්‍රමාණය පමණ ඉක්මවා ගොස් වෙනත් ලෙඩ රෝග ඇති කිරීමට දායක වනවා.

මත්පැන් සහ බටහිර ඖෂධ එකට ගන්නේ බලාගෙන

ඖෂධ පානය කිරීමට පෙර හෝ පසු ඔබ මත්පැන් පානය කරන්නේ නම් ඔබේ ශරීරයට හානිකර තත්වයක් ඇතිවීමට ඉඩකඩ වැඩියිපැරසිටමෝල් වැනි වේදනා නාශක මත් පැන්පානයෙන් පසු ඇතිවන හිසරදයට ඔබ විසින් ලබා ගන්නවානම් එය ඉතාමත්ම භයානකයිඑසේම ඇදුම රෝගයට ලබා දෙන බෙහෙත්කොලෙස්ටරෝල් අඩු කිරීමට ලබා දෙන බෙහෙත් සමඟ මත්පැන්වල ක්‍රියාකාරිත්වය ඉතාමත්ම ඉහළයිඒ බෙහෙත්වල ක්‍රියාකාරීත්වයද මේ නිසා අඩපණ වනවා.

වැල් මී අගුණයි

වැල් මී ආයුර්වේදයේදී ගුණ දෙන ඖෂධයක් නමුත් බටහිර බෙහෙත් සමඟ මුසුවූ විට එය අගුණ දෙන වැල් මී බවට පත් වෙනවාහෘද රෝගීන්ට ලබා දෙන ඩිජෝක්සින් නම් බෙහෙත ලබන රෝගීන්ගේ හද ගැස්ම අක්‍රමවත් කිරීම මෙන්ම සමහර විට හෘදයාභාධ වැඩි කිරීමට හේතු වෙයිරුධිර පීඩනය පහල හෙලීමට සහ මුත්‍ර කාරක වශයෙන් ලබා දෙන බෙහෙත් වන හයිඩ්රක්ලෝරෝතයසයිඩ් වැනි බෙහෙත්වල බලපෑම අඩු කිරීමටද වැල්මී හා වැල් මී තුල අඩංගු ද්‍රව්‍ය සමත් වනවා.

බෙහෙතේ ගුණ අඩු කරන ග්‍රේප් ෆෘට්

ග්‍රේප් ෆෘට් තුල අඩංගු රසායන බටහිර බෙහෙත්වල ගුණය විනාශ කරනවා. නමුත් පැණි දොඩම් අගුණ වෙන්නේ නැහැමේ රසායන දෙහිනාරංඇඹුල් දොඩම් වල අඩංගුයිමේ රසායන බටහිර ඖෂධ වල ගුණ හීන කිරීමට බලපානවාකොලෙස්ටරෝල් පාලනය කිරීමට ලබා ගන්නා ඖෂධ වල ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට මේ ආහාර වලට හැකියාව තිබුණද පේශි තන්තු වලට හානි කිරීමට මේවාට හැකියාව ඇතමෙම ක්‍රියාව වකුගඩු කෙරෙහිද අහිතකර ලෙස බලපානවා.

චීස්හරක් මස්අච්චාරු

පැසවීම මගින් සකස් කල අච්චාරුචට්නිවැනි ආහාරවල ස්වභාවයෙන්ම ඇතිවන ද්‍රව්‍යක් වන්නේ ටිරමින්යපෙර සකස් කල කැෆේන් හා වියළි සොසේජස්කුකුල් මස්හරක් මස්පීකුදු ආදියේත් ටිරමින් පවතිනවාඒ වගේම පමණ ඉක්මවා ඉදුණු පලතුරුවල ටිරමින් අඩංගු වෙනවාමේ ටිරමින් අගුණ වන්නේ ඔබ ප්‍රති විශාදීය ඖෂධ ගන්නේ නම් හා ප්‍රති ජිවක ලබා ගන්නේ නම් පමණයි.

ඉතින් බටහිර ඖෂධ සමඟ ලබා ගන්නා ආහාර පිළිබඳව ඉදිරියේදී දැනුවත්ව ඔබ කටයුතු කරනු ඇතැයි අප සිතනවා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles