මසාල චායි හදල බලමු

තේ කියන්නෙ ගොඩක්දෙනා ඉතා ප්‍රියකරන පානයක්. විවිධ වර්ගයේ ඔබට හමුවෙලා ඇති. ඉන්දියානුවන් අතර ඉතාමත් ජනප්‍රිය තේ පානයක්වන මසාල චායි රසයෙන් වගේම ගුණයෙනුත් ඉහළයි. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද ඉන්දියානු ආහාර පිළිගන්වන අවන්හල්වල මෙය සුලබ පානයක්. මසාල චායි වලත් විවිධ වර්ග දකින්නට පුළුවන්. මේ ක්‍රමයෙන් තරමක් සැර අඩු මසාල චායි එකක් හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කරාබු නැටි 4
  • කරදමුංගු 2
  • කුඩා කැබලිවලට කැඩූ කුරුඳු තේ හැඳි1⁄2
  • ඉඟුරු තේ හැඳි 1⁄4
  • කළු ගම්මිරිස් තේ හැඳි 1⁄8
  • තද කහට තේ කොළ හැඳි 2
  • කිරි කෝප්ප 2
  • වතුර කෝප්ප 1
  • රස අනුව සීනි
  • වැනිලා ස්වල්පයක්

 සාදන අයුරු:

කරාබු නැටි, කරදමුංගු සහ කුරුඳු කොටාගන්න.  බඳුනක කොටාගත් කුළුබඩු, ගම්මිරිස්, ඉඟුරු සහ වතුර එකතුකර උතුරවාගන්න. ලිප නිවා විනාඩි 5ක් පමණ පියනකින් වසා තබන්න. කිරි සහ සීනි එකතුකර නැවත උතුරවාගන්න. වැනිලා සහ තේ කොළ එකතුකරලිපෙන් බාගන්න. පියනකින් වසා විනාඩි 3 ක් පමණ තබා පෙරා කෝප්පවලට දමා පිළිගන්වන්න. මෙම ප්‍රමාණය 2-3 දෙනෙකුට සෑහේ.

නැවුම් කිරි හෝ ටින් කිරි එකතුකරගතහොත් වඩාත් රසයි. ටින් කිරි එකතුකරනවා නම් සීනි අවශ්‍ය නැහැ. උකුවට අවශ්‍ය නම් අඩුවෙන් වතුර එකතුකරන්න. හැමදාම හදන කිරි තේ වෙනුවට මසාල චායි හදල බලන්න.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles