සිරුරට ගුණ දෙන මුකුණුවැන්න මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මුගුණුවැන්න මිටි 1
  • පොල් හෝ පොල් කුඩු අවශ්‍ය පමණ
  • පොල්තෙල් බිංදු 4 හෝ 5
  • රතුළුණු ගෙඩි 8
  • අමු මිරිස් කරල් 4 හෝ කොච්චි
  • කහකුඩු ස්වල්පයක්
  • ලුණු

සාදන ක්‍රමය:

මුගුණුවැන්න වර්ග දෙකක් තියෙනවා.කොළය රවුම් සහ දිගටි හැඩයෙන් යුක්ත ඒවා ලෙසින්.රවුම් කොලය සහිත ඒවා කුඹුරු ලියදිවල සරුවට වැවෙන අතර ඒවා වගා කිරීම අපහසුයි.ඒවා වෙළඳ පොළේ දක්නට නොවීමට හේතුව එයයි .

වෙළඳ පොලේ ඇති බොහෝ මුගුණුවැන්න කෘතීම පොහොර යොදා ඉක්මනින් වවාගන්නා ඒවා බැවින් ගුණ අඩු බවද සඳහන් කල යුතුය.ඔබට නිවසේ කාබනික පොහොර යොදා සකස්කරගන්නට හෝ ගෙවත්තෙන් හෝ වෙලකින් කඩා ගන්නට ඇත්නම් වැඩි වටිනාකමක් ලැබෙනවා.ඇතැම් වගාකරුවන් කාබනික පොහොර භාවිතා කරන අවස්ථාද තියෙනවා.

මුගුණුවැන්න තෝරන විට තරමක් මෝරන ලද නැටිත් ගන්න.දල්ල පමණක් ගෙන ගොඩක් ඉවත දාන්න එපා.මෝරන ලද කොටස් සිහින්ව ලියාගන්න පුළුවන්.මුගුණුවැන්න හොඳින් තෝරා ලුණු මිශ්‍ර වතුරෙන් කිහිපවරක් හෝදන්න.පසුව ගොඩක්ම සිහින් නොවන ලෙස ලියා ගන්න.රතු ළුණු,අමු මිරිස්,ලියාගන්න.ලුණු කුඩු කහ දමා හොඳින් අනාගන්න.

මැටි ඇතිලියකට තෙල් බිංදු හතරක් හෝ පහක් එකතු කර රත්වන විට සාදාගත් මැල්ලුම එකතුකර ගන්නට අවැසි නම් පමණක් දෙහි දාන්නතෙල් ස්වල්පයක් එක් කිරීමෙන් කොළ වර්ගවල ලස්සන කොළ පැහැය මෙන්ම ඒවාගේ පෝෂණය ඇඟට උරාගැනීමට පහසු වේ. තෙල් වැඩියෙන් එකතු නොකරන්නට මතක ඇතිව වගබලා ගන්න.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles