මහන්නෙ නැතිව halter t-shirt එකක් නිර්මාණය කරමු

පරණ හෝ අලුත් t-shirtඑකක් ටිකක් වෙනස්කරල අඳින්න කැමතිනම් මෙන්න තවත අලුත් විලාසිතාවක්. වැඩි වේලාවක් ගත නොකර සකසාගත හැකි මෙම නිර්මාණය සාදයකට වූවත් ඇඳගෙන යා හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • T-shirtඑකක්
  • කතුරක්
  • අඬුවක්
  • Rhinestone Studs
  • රෙදි අලවන ගම්
  • කටර් බ්ලේඩ් එකක්
  • චෝක්

සාදන අයුරු:

1

පළමුව t-shirtඑකේ ඉදිරිපස කරවාටිය යටින්, අඟල් 4 පමණ රේඛාවක ලකුණු කරන්න. ලකුණු කල රේඛාව හැර කරවාටිය දිගටම කපා වෙන් කරන්න. ඉතුරු කොටස් තිබේ නම් රෙදි අලවන ගම් මඟින් අලවාගන්න.

2

පින්තූරයේ පෙනෙන පරිදි උරහිස් මැද සිට කරවාටිය දක්වා රේඛාවක් ඇඳ, කරවාටිය සහ එම රේඛාව අතර කොටස කපා ඉවත් කරන්න.

3

එවිට එම කොටස මේ ආකරයෙන් දිස්වනු ඇත.

4

දැන් ඔබ කැමති ආකාරයට rhinestones කරවාටිය මත පෙළගස්වා අඬුව ආධාරයෙන් සවිකරගන්න.

5

දැන් ඔබේ නවතම halter t-shirtඑක සම්පූර්ණයි.

7 6

Rhinestone Studs සපයාගැනීමට අපහසු නම් සීක්වීන්ස්, පබළු හෝ වර්නවත් කෝඩ් ආදිය යොදා වඩාත් අලංකාරවත් කරගත හැකියි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles