fbpx

සඳක් කළ සක්මන් -18

නංගී අජිත් ගේ ගෙදරට පැමිණ ඇති බව ද තාත්තා විසින් පොලීසියට දැනුම් දී තිබිණි. ඒ අනුව දෙපාර්ශවය ම එහි කැඳවුණේ ය. අපේ ගෙදරින් පොලීසියට ගියේ තාත්තා හා අම්මා ය. ආච්චම්මා ව එහි කැටිව නො ගිය නිසා, අම්මලා යන්නට පෙර ඇය එක ම එක උපදෙසක් දුන්නා ය.

“රංජි මහ මෝඩය. ඔය කෙල්ලට පණ ඇරගෙන නෙ හිටියෙ. ආයෙ ගේන්න හදයි ගෙදරට. සුමියො ඔන්න ඒ වැඩේ කරන්න ඉඩ දෙනව නෙවෙයි. මිනිහෙක් එක්ක ගිය එකියක් ආයෙ ගෙනත් මොකටද…උන් දෙන්නව කසාද බන්දන්යි කියල පොලීසියට කියහං. නැත්තං අරූ මග අරියි”

අම්මා හිස සැලුවා ය. නමුත් කුමකින් කුමක් වේ දැයි ඔවුන් එන තුරු ම මා සිටියේ දෙගිඩියාවෙනි.

“ප්ලීස් ටික වෙලාවකට අපේ ගෙදර එන්න”

ආකාශ් දුරකතන ඇමතුමක් දී කීවේ ය. මලානික ව වැතිර උන් මම නැගිට ගතිමි. තරුණයෙකු වශයෙන් ඔහු පව්‍ කියා මට සිතිණ. අවසානය කෙසේ විසඳෙතැයි දැයි නො දන්නා කතාවක වුණත්, ඔහු දැනටමත් ප්‍රේමවන්තයා වී සිටියි. නමුත් එකී ප්‍රේම කතාවෙහි පෙම්වතා ට පෙම්වතියක නොමැති තරම ය. ඇය ඔහු ට පෙම් කරනා බව ඇත්ත ය. නමුත් ඇය ඔහු හමු වීම ප්‍රතික්ෂේප කරයි. ඔහු සමගින් පෙම්වත් වීම ප්‍රතික්ෂේප කරයි.

“ආච්චම්මෙ…මං අරහෙට ගිහිං පොතක් අරං එන්නං”

ගුරුගේ මැදුරට යන්නට නිදහසට කාරණයක් මම ආච්චම්මා වෙත ඉදිරිපත් කළෙමි. ඇය මදෙස බලා උන්නේ ගෞරවනීය දෑසකිනි.

“පොතක් පතක් කියෙව්වනං අර කෙල්ලත් ඔය වගේ නස්පැත්තියක් කර ගන්න එකක් නෑ බං. පලයංකො. මාත් මොනා හරි රත් කරල ගන්නං අරුං එනකොට කන්න”

නෙරංජලා හිටියේ ඇගේ මල් වත්තේ ය. දවසෙන් වැඩි කාලයක් ඈ ගත කරන්නේ මල් පැළ වලට සාත්තු කිරීම වෙනුවෙනි.

“අම්මල ගියා නේද…”

මම හිස සැළුවෙමි.

“මේ දවස් දෙකට මලානික වෙලා ඇදිල ගිහිං තියෙන්නෙ පූජා. දැං ඉතිං ඕව ගැන හිතන්න එපා දරුවො”

මම දිග ම සුසුමක් හෙළුවෙමි.

“අනිත් අතට ඉතිං අපිට උරුම ජීවිතේ අපි එනකොටම ලියවිලයි තියෙන්නෙ. ආච්චම්මා කියනවනෙ කොටහළු නැකත් බලද්දිත් කිව්ව කියල නංගි ඔහොම දෙයක් කර ගනී කියල”

“ඉරණම වෙනස් කරන්න ම බැරිද ආන්ටි…”

ඒ මා කිසි සේත් ඇගෙන් අසන්නට බලාපොරොත්තුවෙන් සිටි දෙයක් නොවේ. නමුත් මට එසේ කියවිණ. ඇතැම් විට දින සති මාස කිහිපයක් තිස්සේ ම මගේ ඇතුළු හද ගැබ තුළ වරින් වර ඉස්මතු වෙමින් පැවති සිතිවිල්ලක් වන්නට ඇත එය. නෙරංජලා එක එල්ලේ මදෙස බලා ගෙන ම සිටියා ය. මට බිම බැලිණ. මගේ ඇස් තෙත් වී ගෙන එන බවක් ද මට දැනිණ.

“උවමනාව තියෙනවනං පුළුවං පූජා. හැබැයි ඒකට ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕන. ආත්ම විශ්වාසයක් තියෙන්නත් ඕන”

සුසුමකින් ඇය මල් බඳුනක පස් බුරුල් කරන්නට පටන් ගත්තා ය. 

“ලෝකෙ වෙනස් කළේ ඉරණම වෙනස් කර ගත්ත මිනිස්සු තමයි”

ඇය වගේ අම්මා කෙනෙකු යනු මොන තරම් ශක්තියක් දැයි මට සිතිණි. මගේ අම්මා එලෙස ජීවිතයෙහි ගැඹුර විනිවිදි කෙනෙකු නොවේ. ඇය යනතම් එහි මතුපිට අත පත ගෑ කෙනෙකු පමණි.

“මට පිස්සු වගේ ආන්ටි. පොතක් වත් ගෙනියන්නයි ආවෙ”

“මගෙ අත් වල මඩ දැං. පූජා ගිහිං ගන්න”

ඈ මට සිය නිවසෙහි කෙතරම් නිදහසක් ලබා දී තිබෙනවා ද? මා ඒ නිදහස අයුතු ලෙස භාවිතා කළා යයි දැන ගත් දා ක ඈ කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත් ද?

මා පුස්තකාලය තුළ හොර ගල් අහුලත්දී ආකාශ් ආවේ ය. සති අන්තය නිසාවෙන් ඔහු නිවසේ රැඳී සිටියි. 

“මේ නෝනත් එක්ක ටිකක් කතා කරන්න තියන අමාරුවක්”

ඔහු ගේ ඇස් මත තරු දහසක කාන්තිය විය.  පසු පසින් මා සිටි තැනට ම පැමිණි ඔහු දෑත්‍ මගේ බඳ වටා යවමින් කොපුලක් සිප ගත්තේ ය. හදවත ගැස්ම විසි තිස් ගුණයකින් වැඩි වෙන බවක් මට දැනුණේ ය. නමුත් ඒ පහස මගේ ගැහැනු ආත්මය මහත් තෘෂ්ණාවකින් අපේක්ෂා කළ බවක් මට දැනිණි. 

“අම්ම එයි අනේ…”

“මල් පැළ ගොඩට ගියාට පස්සෙ පැයකටවත් අම්මා එන්නෑ”

“ඒ වුණාට…”

“ඒ වුණාට මට අල්ල ගන්න චාන්ස් එකකුත් නෑනෙ”

“මේ…මාත් එක්ක සෙල්ලං කරන්න බෑ හරිද…”

මම සිනහවකින් ඔහු වෙත හැරුණෙමි. ආකාශ් නෙතු පිය නො සලා මදෙස බලා ගෙන ම සිටියේ ය.

“මගෙ හිතත් එක්ක ඔයා මේ කරල තියෙන සෙල්ලම කොච්චර ද කියල ඔයා දන්නෑ නංගි”

“මං ඉක්මනට යන්න ඕන”

“මට ඕනෙ තියා ගන්න”

“පිස්සුද ආ…”

යළිත් මගේ සිනහව පිපුණේ ය.

“හ්ම්”

ඔහු දෑත් පපුවෙහි බැඳ මේසයට හේත්තු වූයේ ය.

ජීවිතය වූ කලී වර්ෂාවක් මෙනැයි මට සිතිණ. වැස්ස හරි මිහිරි ය. සෞන්දර්යාත්මක ය. සිහිලැල් ය. සුවදායක ය. නමුත් දැඩි වූවොත් බියකරු වෙන්නට පුළුවන. වැස්ස අතරේ දී තද සුළං හමයි. කුණාටු ඇති විය හැක. විදුලි කොටයි. අකුණු පුපුරයි. ඒවා වැස්සක වන මිහිරියාව ට ප්‍රචණ්ඩත්වය එක් කරයි. 

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

ජීවිතය ත් එබඳු ය. එකාකාර නැත. සුන්දරත්වය සේ ම කටුක බව ද, රස සේ ම නීරස ද එහි පදමට එක්තැන් වී තිබේ. රස තැන් වෙනුවෙන් අපට නීරස තැන් මග හැර යා නො හැකි ය.

“නංගි ගැන හිත හිත ඔයා නොකා නොබී ඉන්න එපා. දුකයි තමයි. ඒත් ඉතිං…”

“පව් අයියෙ පොඩි කෙල්ල”

මගේ හඬ බිඳිණි. මම ඇස් දෙක තද කොට පියා ගතිමි. කඳුළක් ඇස් කෙවෙනි අස්සේ චප්ප විය.

“එයා කොහොම මේ අත්දැකීමට මූණ දුන්නද කියල මට හිතා ගන්න බෑ”

“නංගි ඔයාට වඩා පැහිල. ඔයා වගේ බේබිශ් නෑ. අහිංසක නෑ. ලැජ්ජ නෑ. ඔයා ඒ ගැන වද වෙන්න එපා”

“ඒත් ඒ මගෙ නංගිනෙ”

“ඔයා මගෙ නෙවෙයිද…ම්…මං වෙනුවෙංවත් ඔයා හිත හදං සතුටෙන් ඉන්න ඕන නැද්ද…”

“ඔයා කියන්නෙ මට අහසට ඉණිමං බඳින්න කියලද අයියෙ…”

“මට නිදහසේ කතා කරන්න ඕනෙ”

ඊට දැක්විය යුතු ප්‍රතිචාරයක් ගැන මා දැන උන්නේ නැත. තවත් සුළු වෙලාවක් ගුරුගේ මැදුර තුළ ගත කළ මම ගෙදර ආවෙමි. 

නංගී හා අජිත් ද පොලීසියට පැමිණ තිබේ. නංගී බාල වයස්කාරියක වන නිසාවෙන් නීත්‍යානුකූල ව ඔවුන් විවාපත් කළ නො හැකි බව පොලීසිය විසින් දැනුම් දී තිබේ. දෙමාපියන් කැමති නම් නංගී ව ගෙදර ගෙන යා හැකිය කීවත්, ගෙදර එන්නට ඇය අකමැති වූ බව අම්මා කීවා ය.

තාත්තා හිටියේ තැවුළෙනි. මොන වරදක් සිදු වුව ද ඔහු පොලීසිය වෙත ගියේ නංගී ව යළි ගෙදර ගෙන එන ලෙස බව මම දැන සිටියෙමි. නමුත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම, තාත්තා ගේ හදවතට එල්ල කරන ලද දරුනු පහරකි.

“ඒකිට මට වඩා ඌ ලොකු වුණා”

ඔහු හිතේ අමාරුවෙන් කීවේ ය. 

“මේකි මොන තරං ගොං වැස්සියක්ද බලහල්ල…ඒකිට කසාද බඳින්න වයස සම්පූර්ණ වෙනකොට අර යකා දරුවෙකුත් එක්කම ඕකිව අත්ඇරල දැම්මොත් එහෙම මොන දෙයියන්ට කියන්නද…”

ආච්චම්මා කම්මුලෙහි අත තබා ගත්තා ය. මහත් බරක් මිස මගේ පපුවෙහි වෙන කිසිදු හැඟීමක් වූයේ නැත.

“පවුල් ජීවිතයක් ගත කරන්න තරං දැනුං තේරුමක් ඇති ළමයෙක්ද…පොඩ්ඩි මොනා කර ගත්තද කියල මටනං හිතා ගන්න බෑ”

අම්මා කඳුළක් පිස ගත්තා ය. මගේ අම්මා ත් ආකාශ් ගේ අම්මා ත් අතරේ අහස ට පොළොව බඳු වෙනසක් වූවත්, ඇය ද අම්මා කෙනෙකි. දස මසක් දරුවෙකු කුස දරා ලොව ඕනෑ ම අම්මා කෙනෙකු විඳින දුක ඇය ද විඳ ගත්තා ය. භූමිකාව රඟන ආකාරයේ වෙනසක් වී ද අම්මා යනු අම්මා ම නොවේ ද? උගත් හෝ නූගත් ය කියා එම හැඟීමෙහි වෙනසක් විය හැකි ද? නැතැයි කියා මම සිතමි.

“අනේ මේ කට වහං ඉන්නව. තමුසෙ අම්ම නේද…කෙල්ලො ගැන බලන්න ඕන අම්ම. තමුසෙ ඒක හරියට කළේ නැති නිසයි මේක වුණේ”

තාත්තා සිය හිතේ අමාරුව අම්මා පිටින් යවන්නට උත්සාහ කළේ ය. අම්මා ද පරාජය භාර ගන්නට සූදානම් වූයේ නැත.

“ඔව් ඔව්. දැන් තමයි මගෙ දුවල. කලිං පොඩ්ඩිනං එයා වගේ. පොඩ්ඩි ට තමයි ආදරේ. වැරදුණහම මගෙ වගකීම. මෙයා තමයි ඒ කෙල්ලව ඕනවට වැඩිය හුරතල් කළේ”

දැන් කවර තර්ක කළ ද කිසිවක් ආපස්සට හැරවිය නො හැකි ය. නංගී යළි ගෙදර නො එන්නී ය. ඇය ව ඔහු ට විවාපත් කර දෙන්නට ද නො හැකි ය.

ලොකු ම අර්බුදය වූයේ අජිත් රැකියාවක් නො කරන්නෙකු වීමයි. ඔහු නංගී ගේ හා ඔහු ගේ පවුල් ජීවිතය තුළ ඇති වන්නා වූ අවශ්‍යතා සපුරා ලන්නේ කෙසේ ද? වෙන කිසිවක් නැතත් ඔවුන් කන්නේ බොන්නේ කෙසේද? දැනට පවත්නා ආශ්වාදය තුනී වී ගිය ඉක්බිති සියල්ල උඩු යටිකුරු වන්නට පුළුවන. එතකොට අප මෙයට මුහුණ දෙන්නේ කෙසේ ද? නංගී ගෙදරින් පැන ගියා ය කියා අපට ඇය සදහට ම අත් හළ නො හැකි ය. ඇය කුස ගින්නේ නම් අපට වේලක් ඇර වේලක් හෝ කුස පුරවා ගත නො හැකි ය. ගැටළුව එය නොවේ. ආච්චම්මා කියන්නා සේ නංගී ගේ කුසෙහි දරු ගැබක් පිළිසිඳ ගත හොත් ඇය ඒ තත්වයට මුහුණ දෙන්නේ කෙසේ ද? අජිත් ඇය හා විවාහ වී නැති බැවින්, ඔහු මග හැර ගියහොත් ඇය ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේ ද?

නමුත් දැන් ඉතින් අප එදිනෙදා ජීවිතය ට යළි අවතීර්ණ විය යුතු ව තිබිණ. එක සිද්ධියක් මත ජීවිතය නතර කර ගෙන සිටිත නො හැකි ය.

“ඕකි මළා කියල හිතා ගන්නව. මීට පස්සෙ මොන හේතුවක් නිසාවත් ඕකිට මේ ගෙදරට එන්න බෑ. හරිද…”

තාත්තා තීන්දුවක් දුන්නේ ය. නමුත් ඔහු දෙන තීන්දු වල ක්‍රියාත්මක භාවය ගැන මා තුළ යම් අදහසක් විය.

ඔහු හමු වන්නට එන ලෙස ආකාශ් මට කෙටි පණිවිඩයකින් දැනුම් දී තිබිණි. කතා කොට කියත්දී මා මගහරින බවත් මෙලෙස දැනුම් දෙත්දී මගහැරිය නො හැකි බවත් ඔහු දනී.

මා හිටියේ අපේ පාසල් බස් රියට නැගෙන්නට ඉන්න පුරුදු වී සිටි තැන ය. කියූ වෙලාවට ම ආකාශ් ගේ රිය පැමිණියේ ය. ඔහු මට රිය දොර හැරියේත් ජයග්‍රාහී සිනහවකිනි. 

“මං දන්නව ඔයා එනව කියල”

මම කවුළුවෙන් පිටත බලා ගතිමි. ඔහු හිතුවක්කාර වූවා ට අප ට එසේ කළ නො හැකි බව කියන්නට උවමනා වී ද මා හිටියේ මුණිවතිනි.

“මං දන්නවනෙ ආදරෙයි කියල”

මට සිනා ගියේ ය. ආකාශ් මදෙස නො බලා ඉදිරිය බලා ගෙන ම සිනහ වුණේ ය.

“ඕනවට වඩා මුරණ්ඩු වෙන්න එපා අයියෙ”

පෙර සිනහවෙන් ම ඔහු බැලුවේ ය.

“අපි පරිස්සමට ජීවත් වෙන්න ඕන මිනිස්සු”

“අපෝ මේ…ඇති ඇති ඇති. බණ දේශනාවල් ශ්‍රවණය කරන්න දැන්නං ඕන නෑ”

“කියන දේ අහන්නෙ නෑනෙ අප්ප”

ආකාශ් සිය වමතින්, මගේ උකුල මත වූ දකුණු අත අල්ලා ගත්තේ ය. මට මහත් උණුහුමක් දැනිණ. මා යන්තම් හිස හරවා ඔහු ගේ වත දෙස බලා සිටියේ මට ම උහුලා ගත නො හැකි තරම් ස්නේහයකිනි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x