fbpx

හොඳම ගෝලයා.

ඒ මීට අවුරුදු විස්සකටත් එහා දවසක්.එතකොට මම හිටියේ හත වසරේ.අපේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ට අනාගතයක් තියෙයි කියලා කවුරුත්ම විශ්වාස කළේ නෑ.අපිට ගුරුවරු නෑ.අපිට පොත් නෑ.අපේ අම්මලා තාත්තලාට සල්ලිත් නෑ.

“කැත්තෙ උදැල්ලේ වැඩක් පුරුදු නොකර දොස්තර විබාගේ ගන්න යවපල්ලා..”

ගමේ සල්ලි තිබුණු එකම මනුස්සයා, අබේසිංහ මුදලාලි අපේ අම්මලා තාත්තලාට දවල් රෑ නැතුව බැන්නෙ එහෙමයි.එහෙම අදහසක් තිබුණා නැතා අපේ අම්මලා තාත්තලා අපිව ඉස්කෝලේ යැව්වා.පුරුද්දට වගේ අපි ඉස්කෝලේ ගියා.ඉගැනිල්ලක් මහ ලොකුවට නැතත් අපි උදේ හතේ ඉඳන් හවස දෙක විතර වෙනකන් ඉස්කෝලෙට වෙලා හිටියා.උගන්නන දෙයක් ඉගෙන ගත්තා.නැත්නම් සෙල්ලම් කරා.ගෙදර ගිය වෙලාවේ ඉඳලා හේනේ කුඹුරේ වැඩට මහන්සි වෙන්න සිද්ධ වෙන හින්දා ඒ පැය ගාණ අපි නිදහසේ ඉන්න පුරුදු වුණා.

ඒ කාලේ අහවර වුණේ එකපාරටම.දහනායක සර් අපේ ඉස්කෝලේ ලොකු සර් වෙලා ආවම.

“ඒ මහත්තයත් ආපහු යයි..”

අම්මලා තාත්තලා අපිට කිව්වේ පුරුදු ඇල්මැරුණු හඬින්.ඒත් ගුරු නිවාසේ අස් පස් කරගෙන සර් නැවතුණේ නෝනාත් එක්කමයි.ඒ කියන්නේ ආයේ යන එකක් නෑ. අපි බලාපොරොත්තු පුරවා ගත්තා.

වසන්තය උදා වෙන්න ගත්තේ අපි නොහිතපු විදියට.දහනායක සර්ගේ කැපවීම හින්දාම විද්‍යා පීඨවලින් ඉගෙන ගෙන අවසන් වුණු ගුරුවරු කීප දෙනෙක්ම අපේ පාසලට පත්වීම් ලබා ගත්තා.

“දැන් තියෙන්නේ ඉගෙන ගන්න..”

අට වසරේ පන්තියට අපි ගිය මුල්ම දවසේ ලොකු සර් අපිට කිව්වේ අන්න ඒ කතාව.

“වසන්තට හොඳට ඉගෙන ගන්න පුලුවන්.මං ඒක හොඳට දන්නවා..”

දවසකට පාරක්වත් පන්තියට ආවම ලොකු සර් මට කියනවා.මගේ මුහුණ පුරා මල් පිපෙනවා.ඉඳහිට මඟතොටක මුණ ගැහුණම සර් ඒක අපේ අප්පච්චිටත් කියනවා.අප්පච්චි එදාට ගෙදර එන්නේ අල්විස් මාමගේ රා ගහ යටට ගිහින්.

“අබේසිංහ කාරයා අහනවනෙ මගෙ ළමයි දොස්තර ව්බාගෙට ඉන්දන්නද කියල.බැරිත් නෑ බොල..”

තාත්තා පිල්කඩ උඩින් ඉඳගන්නේ එහෙම කියාගෙන.

“ඔව් බැරි නෑ..”

දවසක් ඒ හීනය ගැන අහගෙන හිටපු දහනායක සර් මට කිව්වා.සර් අපිට කිව්වේ ඉගෙන ගන්න.ඉගෙනීම තමයි මේ ගමෙන් එහා ලෝකේ දකින්න තියන මාවත.සර් ඒක මන්තරයක් වගේ අපිට මතක් කළා.

ඒත් ඒ කතාව ඒ තරම් මායිම් නොකරපු කෙනෙක් අපේ පන්තියේ හිටියා.

අමර, අමරට තිබ්බේ වෙන හීනයක්.

“අබේසිංහ මුදලාලියට ඇයි හැමදාම අපේ අම්මලා තාත්තලා කොල්ල කන්න අරින්නෙ..”

අමර හැමතිස්සෙම කිව්වේ ඒ කතාව.

“මං කවදාහරි ඔය මිනිහගෙ රැස් බස්සනවා..”

අමර අපිට කිව්වා.මම දොස්තර කෙනෙක් වෙනවා කියනවට වඩා හැමෝම ආදරේ කරේ ඒ කතාවට.ඇත්ත.ඩිස්පෙන්සරියේ දොස්තර කෙනෙක් කොහොමත් ඉන්නවා.ඒත් අබේසිංහ මුදලාලි හැමදාම හැමදාම අපිව හූරා කනවා.ඒ නිසා හැමෝටම ඕන වෙන්න ඇත්තේ අමරගේ හීනේ ඉෂ්ට වෙන දවස වෙන්න ඇති.

අපි දහයේ පන්තියට යනකොට අමර ඉස්කෝලේ වෙලාවෙදිත් ඉස්කෝලේ ඉඩමේ වගා කරන්න් ගත්තා.ගණං ඉගෙන ගන්නවට වඩා වට්ටක්කා හිටවලා සල්ලි හොයලා පන්තියේ යාළුවන්ට පොත් අරන් දෙන්න අමරට ඕනෑ වුණා.

“මිනිස්සුන්ගේ හීන වෙනස්.අමර කැමති දේ කරන්න ඉඩ දෙමු..”

ගණං සර් අමරට පාරක් ගහපු වෙලාවේ ලොකු සර් ඒ කතාවට මැදිහත් වුණේ එහෙමයි.

ඉතින් ඒ විදියට කාලය ගෙවුණා.මේ වගේ හැම කතාවම ඉවර වෙන්නේ දොස්තර හීනේ හැබෑ වීම හින්දා.ඔව්.මාත් ඒ හීනේ හැබෑ කරගත්තා.කොළඹට ආවා.මෙඩිකල් ෆැකල්ටි එකේදී මුණ ගැහුණු සුලාරිව කසාද බැන්දා.දැන් ගෙයක් වාහනයක් එක්ක ජීවත් වෙන වෛද්‍යවරයෙක්.

අමර, අමරත් අමරගේ හීනේ හැබෑ කරගත්තා.

ඒත් මේ කතාව අපි දෙන්නාගේ කතාවක් නෙවෙයි.

රාජකාරි අතරේ වකුගඩු රෝගියෙක් පරීක්ෂා කරන්න මට සිද්ධ වුණේ පෙරේදා හවස.ජීවිතේ අපිට සමහර වෙලාවට සලකන්නේ චිත්‍රපටියක්, නවකතාවක් වගේ.

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

මහළු රෝගියා කවුද කියලා මට අඳුනා ගන්න අමාරු වුණේ නෑ.

“දහනායක සර්..”

අසනීපේ මැද්දෙන් පවා සර් අමාරුවෙන් හිනා වුණා.වෛද්‍ය ව්ද්‍යාලයට මං සුදුසුකම් ලබපු කාලයේම සර්ටත් මාරුවීමක් ලැබුණා.ඊටපස්සේ මට සර්ට කතා කරන්න වෙලාවක් ලැබුණේ නෑ.

“දූලා පුතාලා ආවේ නැද්ද මිස්.”

මං සර්ගේ බිරිඳගෙන් ඇහුවම ඇයට තිබුණේ හිස් බැල්මක්.

“දරුවෝ පිටරටවලනෙ පුතේ..”

ඒ වාක්‍යය ඇතුළේ මහ දිග කතාවක් තියනවා.සුලාරිගේ පවුලට අනුව හැඩගැහෙන්න උත්සාහ කරන මම වුණත් ගමට යන්නේ හාවා හඳ දකිනවා වගේ නිසා මං ඒ දරුවෝ ගැන අහිතක් නොහිතන්න උත්සාහ කරා.

“ඉක්මනින් වකුගඩුවක් බද්ධ කරන්න කරන්න ඕන මිස්.ඇත්තටම බයක් නෑ.සර්ට ඕනෑම වකුගඩුවක් හරියනවා.ඒක සුබ ආරංචියක්..”

ඒත් ඉතින් එහෙම වකුගඩු හොයන්න වෙන්නේ මුදලට.ඒක නොකියා ඉන්න මට බෑ.

“මහා ලොකු මුදලක් නෑ පුතේ.අපි දරුවන්ට ඉගැන්නුවනෙ..”

දහනායක මහත්මිය කිව්වේ පුදුම ශෝකී හඬකින්.බොරුවක් වෙන්න බෑ.අනිත් එක ඒ කාලේ සර් අපිටම කොච්චර වියදම් කරාද? උසස්පෙළ කරන්න මං ටවුමේ ඉස්කෝලේ ගියාම බෝඩිං ගාස්තු දුන්නේ සර්.

“සර්ට කරදර කරන්න එපා බං..”

කියලා ඉඳහිට මගෙ අතින් කීයක් හරි තිබ්බේ ඒ වෙනකොට ගොවිතැනට බැහැල හිටිය අමර විතරයි.

“ලෝන් වලට කැපිලා එනකොට මහ සල්ලියක් නෑ තමයි.ඒත් ඉතුරු කරගත්තු ගාණක්වත් දීලා සර්ට මේ සර්ජරි එක කරන්න ඕන..”

මං සුලාරි එක්ක කිව්වේ වේදනාවෙන්.සුලාරි දීපු අදහසකට මං නිකමට අමරට කතා කළා.අමර අහගෙන හිටියට ලොකු දෙයක් කිව්වේ නෑ.

“සර්ගෙන් ඉගෙන ගත්තෙ අපිනෙ සුලා..අමරට කැමති දෙයක් කරන්න කිව්වා මිසක් සර් එයාව ඉගෙන ගන්න උනන්දු කරේ නෑනෙ..මිනිහා දැන් සර් එක්ක තරහ ඇති..”

නෑ..අමර තරහ වෙලා තිබුණේ නෑ.පහුවදා ඇමතුම ආවේ අමර රෝහලට ආවා කියලා.

“සර්..අපි සර්ට වකුගඩුවක් හොයා ගත්තා.”

සර් බලන්න ගිහින් නැමිලා වැඳපු අමර කිව්වේ එච්චරයි.

“මනුස්සයෙක් හම්බුණාද..කීයක් ඉල්ලනවද?”

මං අමරගෙන් ඇහුවා.

“වකුගඩුව දෙන්නෙ මම..”

අමර කිව්වේ එච්චරයි.මම වෛද්‍ය විද්‍යානුකූලව සංකූලතා පැහැදිලි කරේ ඒ මගේ වගකීමක් නිසා.

“සර්ට විශ්වාසයක් තිබුණා අපි අපේ පාරවල්වල යයි කියල.අපි ඒ පාරවල්වල ගියා.අපිව විශ්වාස කරාට යුතුකම් ඉෂ්ට කරමු..”

බුලත් කහට බැඳුණු දත් වලින් හිනා වෙලා අමර කිව්වේ එච්චරයි.මම අමරගේ අත් දෙකින් අල්ලා ගත්තා.

“උඹ උදලු අල්ලන් මොකද කරන්නේ.පාඩමක් කරගනිංකො”

ඉස්සර මම ඉස්කෝලේ වගාවට අත දාන්න යනකොට මගේ අතෙන් උදැල්ල අයින් කරද්දි අමරගේ අතේ රළුකම මට දැනිලා තියනවා.දැන් ඊටත් වඩා රළුයි.

ඒත් ඒ හදවත, ඉස්කෝලේ සීල ව්‍යාපාරය දවසට වැවට බැහැලා තනියම කඩන නෙළුම් මල් මිටිවලටත් වඩා සුවඳයි.

අමර, දහනායක සර් අපේ පුංචි ඉස්කෝලෙන් හදපු හොඳම ගෝලයා මං කියලයි මම හිතාගෙන හිටියේ.

මං හිතන්නේ මං වැරදි!

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x