ඕනෑවට වඩා වැඩි වේලාවක් අසුන්ගෙන සිටියොත් ඔබට සිදුවන දේ

අදකාලේ ඇති බොහෝ රැකියාවන් දවසේ දිගු වේලාවක් එකම ඉරියව්වක, බොහෝවිට වැඩි වේලාවක් අසුන්ගෙන සිදුවන ආකාරයේ ඒවාවේ. නමුත් මෙවැනි ඉරියව් ඔබේ සෞඛ්‍යයට තර්ජනයක් බව ඔබ දැන සිටියාද?

දිනකට පැය හයකට වඩා වැඩි කාලයක් හිඳගෙන සිටින කාන්තාවන්ට පියයුරු පිළිකා, ඩිම්බකෝෂ ගත පිළිකා, ඇටමිදුළුවල අසාමාන්‍ය ගෙඩි (ටියුමර්) හටගැනීමේ අවදානම 10%කින් වැඩි බව ඇමෙරිකානු පිළිකා සංගමය සොයාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් සොයාගෙන ඇත්තේ කාන්තාවන් පිළිකා රෝගයට ගොදුරු කිරීමට වැඩි හේතුවක් පෙන්නුම් කර ඇත්තේ දවසේ වැඩි කාලයක් වාඩි වී සිටීම බවයි. මෙම තත්ත්වය පුරුෂයන් සම්බන්ධයෙන් බලනොපාන බවක් පෙන්නුම් කරන බවද ඔවුන් සඳහන් කරනවා. විශේෂයෙන් කාන්තාවන් වැඩි වේලාවක් රූපවාහිනිය ඉදිරියේ හිඳගෙන සිටීම හෝ පරිගණකය ඉදිරිපිට හිඳගෙන සිටීම මෙයට හේතුවක් වී ඇති බව සඳහන් වෙයි. මීට පෙර ජර්මානු පර්යේෂකයන් සිදුකළ පර්යේෂණයකදී හෙළි වී තිබුණේ වැඩි වේලාවක් හිඳගෙන සිටීම මගින් බඩවැල් හා පෙනහළු ආශ්‍රිත පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බවයි.

කෙසේ නමුත් මෙලෙස වැඩි වේලාවක් හිඳගෙන සිටීම මගින් පිළිකා හටගැනීමට රූපවාහිනී නරඹන අතරතුර ආහාරයට ගන්නා කෙටිකෑම හා සීනි අඩංගු බීම හේතු වන බව මෙතෙක් සිදුකර ඇති පර්යේෂණවලින් හෙළි වී ඇතැයිද ඔවුන් මෙම පර්යේෂණ ප්‍රතිපල සමග සඳහන් කර තිබෙනවා. එසේම හිරු එළියෙන් සිරුරට එකතු වන විටමින් D අහිමි වීමද මෙම තත්ත්වයට බලපා ඇති බවත් සඳහන්.

එපමණක් නොව ප්‍රමාණය ඉක්මවා වාඩි වී සිටීමෙන් හෘදයාබාධ අවදානම ඉහළ යා හැකි බව අධ්‍යයනයකින් හෙළි වීඇත. කන්තුක වාහිනී අවධාන අඩුකොට ශරීර යෝග්‍යතා මට්ටම වර්ධනය කර ගැනීම සඳහා ව්‍යායාම අවශ්‍ය වේ. එහෙත් ව්‍යායාම් වලට අමතරව පුදුගලයෙකු දිනපතා වාඩි වී සිටින කාලය කන්තුක වාහිණී අවධානම අඩුකිරි ගැනීමට හැකි බව නවතම අධ්‍යයනයක දැක්වේ.

වාඩි වී සිටින කාලය දිනකට පැය 1 ක් හෝ දෙකක් අඩුකරගැනීමෙන් පුද්ගලයෙකුගේ අනාගත කන්තුකවාහිනී සෞඛ්‍යය සැලකිය මට්ටමකින් වර්ධනය කරගත හැකි බව අධ්‍යයනය හෙළි කරයි. ප්‍රමාණය ඉක්මවා වාඩිවී සිටීම හා ක්‍රියාකාරී නොවන ජීවන රටාව ඇතැම් පිළිකා දියවැඩි හෘද රෝග වැඩි කිරීමට හෙතුව බව මීට කලින් සිදුකළ අධ්‍යයනවලින් හෙළි වී තිබේ. දීර්ඝ කාලයක් වාඩිවී සිටීමෙන් මොළේ ක්‍රියාකාරීත්වය මන්දගාමී වනබව ඔවුන් පෙන්වා දෙති.

කාර්යයාලයේ අධික වැඩකටයුතු අතරේදී වූවත් අමතක නොකර පඇයකට සැරයක්වත නැගිට ඇවිදින්නට අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles