ආතතිය ගැන අවධානයෙන් ඉන්න

ආතතිය කාර්යබහුල සමාජයේ අද බෙහෙවින් දක්නට ලැබෙන තත්වයකට පත් වී තිබෙනවා.ආතතිය සහ ආතතියේ ලක්ෂණ ගැන දැනුවත්ව අවබෝධයෙන් සිටියොත් අපට පහසුවෙන්ම එම තත්වයෙන් මිදීමේ හැකියාව තිබෙනවා.

ආතතිය සඳහා බලපාන සාධක

පාරිසරික ආතතිකාරක

දේශගුණයට, කාලගුණයට ,විවිධ ශබ්ධ වලට,මාර්ග තද බද මෙන්ම වායු දුෂණයට ඔරොත්තු දීමට අපහසු වීම.

පරිසරයට අනුකූල වීමට නොහැකි වීම.

සමාජ ආතතිකාරකය

කාලය පිලිබඳ ඇති වටිනාකම සහ අවධානය,සම්මුඛ පරීක්ෂණ, කිසියම් කාර්ය භාරයක් සඳහා අවසාන දිනය,පුද්ගල ගැටුම්,මූල්‍යමයගැටළු,ආදර වන්තයකුගේ වියෝව,යමකට ලැබෙන දුර්වල විනිශ්චය ආදී හේතු

කායික ආතතිකාරක

නව යව්වනයාගේ ශිග්‍ර කායික වර්ධනය,කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ වෙනස්කම් ආශ්‍රිත ගැටළු,

ව්‍යායාම අඩුකමඅඩු පෝෂණයනින්ද නොයාමයනාදිය නිසාත් ආතතියට පත් විය හැකියිමේ හැරුණුකොට පාරසරික හා සමාජීය තර්ජනයන් හේතුවෙන්ද කායික වෙනස්කම් ආතති සාධක ඇති විය හැකි වීම.

ආතතියේ ලක්ෂණ

  • මතකය ආශ්‍රිත ගැටළු
  • යමකට අවධානය යොමු කිරීමට නොහැකි වීම.
  • දුර්වල විනිශ්චය
  • සෑම දෙයකම රිනාත්මක පැත්ත දැකීම
  • කාංසාව සහිත සිතුවිලි ඒම
  • කේන්ති යාම
  • නිතර අසතුටෙන් සිටීම

කායික රෝග ලක්ෂණ

  • නිතර නිතර ඇඟ පත වේදනා ඇතිවීම
  • පාචනය හෝ මල බද්ධය
  • හේතු නැතිව ඔක්කාරය
  • වමනය
  • ලිංගික තෘප්තිය නොමැති වීම
  • නිතර හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව
  • බර අඩු වීම
  • අධික ලෙස හිස කෙස් ගැලවී යාම
  • මාංශ පේශි ගැස්ම

චර්යාත්මක රෝග ලක්ෂණ

  • ආහාර වැඩියෙන් හෝ අඩුවෙන් ගනී.
  • නින්ද අධික ලෙස යාම හෝ නින්ද නොයාම
  • අනෙක් පුද්ගලයන්ගෙන් හුදකලා වීමට සිතයි
  • සිත සන්සුන් කරගැනීමට මාධ්‍යසාර,සිගරැට් වැනි දෑ පානය කිරීමට පෙළඹෙයි.
  • තර්කශීලි බව නිතර දක්නට ලැබේ.

ආතතිය තියෙනවා නම් ……..

  • කැෆේන් පාන බොන්න එපා.
  • පැය 7-9 අතර දිගු නින්දක් ලබා ගන්න.
  • පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න.
  • හිතවතුන් ඇසුරට යන්න
  • සංගීතය වැනි මනසට වෙහෙසකර නොවන දෙයක රසවිඳින්න.

– චම්මි – 

Related Articles

Don't Miss


Latest Articles