ඔබේ මල් පාත්තියේ දිව ඔසු ඇති බව ඔබ දන්නවාද?

ඇතැම් දේශීය මල් වර්ග ඖෂධ සහ ආහාර වශයෙන් ද ප්‍රයෝජනවත් වෙනබව ඔබ දැන සිටියාද? රසායනික පොහොර අවශ්‍ය නැති, ස්වාභාවිකව ඔබේ මල්වත්තේ වැඩෙන බොහෝ ශාඛ, මිලෙන් අධික විදෙස් විසිතුරු පැළෑටිවලට වඩා වෙසෙසින් ප්‍රයෝජනවත්.

වද මල් සහ බදුවද මල් පෝෂණිය ආහාරයක්‌ මෙන්ම, බඩවැල ආශ්‍රිත රෝග සඳහා ගුණදායක, ලේ පිරිසිදු කරන, අධික රුධිර පීඩනය සමනය කරන, කොලෙස්‌ටරෝල් අඩු කරන, ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කරන, අක්‌මාව ප්‍රකෘතිමත් කරන අතර පිළිකා රෝගීන්ට ගුණදායක දිව ඔසුවක්‌ ද වෙයි. අමු බදු වද මල් වෑංජනයක්‌, පානයක්‌ ලෙසත්, වියළි වද මල් කුඩු තේ ලෙසත් පානයට ගත හැකිය.

එවැනි තවත් ඖෂධීය පානයක්‌ සකස්‌ කර ගන්නට හැකි ඉතාමත් සුගන්ධවත් මල් වර්ගයක්‌ වන්නේ සේපාලිකාය. සේපාලිකා වියළි මල් තම්බා තේ මෙන් පානය කිරීම ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට සහ දියවැඩියා රෝගීන්ට ගුණදායකය.

ගෙවත්තට ඉතාමත් සුන්දරත්වයක්‌ ලැබ දෙන දිව්‍යමය ඖෂධීය සහ පෝෂණීය ආහාරයක්‌ ද ලෙස කතුරු මුරුංගා සැලකිය හැකිය. කැල්සියම්, යකඩ වැනි ක්‍ෂුද්‍ර පෝෂක රාශියකටම විශිෂ්ට මූලාශ්‍රයක්‌ වන කතුරු මුරුංගා කොළ සහ මල් වල පිළිකා මර්දන ශාක රසායනිකයක්‌ සහ විටමින් ඒ ප්‍රභවයක්‌ ද වන බීටා කැරොටින් ඇතුළු විටමින් වර්ග රාශියක්‌ ද යහමින් අඩංගු වෙයි. පණු රෝග, ස්‌වසන රෝග, ස්‌නායු රෝග, පෙනීමේ ආබාධ ඇතුළු ලෙඩ රෝග රැසකට ගුණදායක කතුරු මුරුංගා  පිළිකා මර්දන ගුණයයි. Journal of Cellular and Molecular Medicine පර්යේෂණ පත්‍රිකාවකට අනුව කතුරු මුරුංගා මල් වලින් වෙන් කර ගත් SF2 (Sesbania fraction 2) නැමති ප්‍රෝටීන් සංඝටකය සතු පිළිකා මර්දන හැකියාව තහවුරු වි තිබෙනවා. අලංකාර මල් පිපෙන දම් පැහැ සහ සුදු පැහැ කතුරුමුරුංගා පඳුරක්‌ දෙකක්‌ වගා කර ගැනීමට ඔබේ මිදුලේ ඉඩ කඩ වෙන් කිරීම ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවාට සැක නැත.

රුධිරගත සීනි පාලනය කරන විසිතුරු පත්‍ර සහ මල් පිපෙන පෝෂණීය ආහාරයක්‌ ලෙස ගෙවත්තේ වගා කර ගත හැකි තවත් පැළෑටියක්‌ වන්නේ තෙබුය. තෙබු කොළ ග්රෑම් 100 කින් ප්‍රොaටීන ග්රෑම් 19 ක්‌ පමණ තිබෙන අතර, ඊට අමතරව ආහාරමය තන්තු, විටමින් සහ ඛනිජ ලවණ වර්ග ද තෙබු කොළ වල අඩංගු වෙයි.

ආහාර ජීර්ණ පද්ධතියෙන් සීනි අවශෝෂණය පාලනය කරන්නට මෙන්ම, සීනි පාලනය කරන්නට ඉවහල් වන ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය දියුණු කරන්නට ද ඉවහල් වන හැඩැති පත්‍ර සහ තද රතු පාට කුඩා දිගැටි ගෙඩි හට ගන්නා, විසිතුරු ශාකයක්‌ ලෙස ද වගා කළ හැකි තවත් පෝෂණීය ආහාරයක්‌ වන්නේ කෝවක්‌කා ය.

වස ගෙඩි යෑයි කියා මෙම පැළෑටිය විනාශ කරන්නට දාස්‌පෙතියා, මෙරිගෝල්ඩ්, කපුරු, ඉරිවේරිය වැනි පැළෑටි ගෙවතු වගාවේ හානිකර කෘමීන් සහ මදුරුවන් විකර්ෂණය කරන පැළෑටි ද වන බැවින් එවැනි පැළෑටි වගා කිරීමෙන් අතිරේක වාසියක්‌ ද ලැබෙනු ඇත. මල් වගාකරුවන් විසින් ප්‍රචලිත කරන ලද මරණීය සහ ආක්‍රමණික ශාක වර්ග ඉවත් කර, ප්‍රයෝජනවත් සහ ආහාර භෝග සහ ඖෂධීය පැළෑටි ද වන, විසිතුරු පැළෑටි සහ මල්වලින් ගෙවත්ත සරසා ගන්නට ඔබටත් පහසුවෙන් පුළුවන්.

කල්හාරී

Related Articles

Don't Miss


Latest Articles