“ආහාර පාලනය” හරියටම කරන්න දන්නවාද?

0
2918

ආහාර නොගෙන පාලනය කිරීම ද කරන්නන්වාලේ කරන්නට යන නිසා බොහෝ දෙනා අමාරුවේ වැටී ඇත. සුවබර දිවියක් ගතකරන්නට නම් අනිවාර්යයෙන්ම නිසි අවබෝධයෙන් මෙම ආහාර පුරුදුවල යෙදිය යුතුය. නිසි ආහාර පුරුද්ද සාමාන්‍ය වයස අවුරුදු 39 වන විටවත් ආරම්භ කළ යුතුය. මෙහිදී සතියකට දෙවරක්‌ නිරාහාරව සිටීම ඉතා වැදගත් බව පර්යේෂණ මතයයි.

ආහාර නොගෙන පාලනය කිරීම (fasting/Deprive) දිගුකල් නිරෝගීව ජීවත් වීමට අත්‍යවශ්‍ය වන බව පර්යේෂණ මතයයි. ඉස්‌ලාම් ආගමේ ඉතා වැදගත් ශුද්ධ වූ සිදුවීම් පහෙන් එකක්‌ ලෙස දැක්‌වෙන ආහාර නොගෙන සිටීමට ඉතා වැදගත් ස්‌ථානයක්‌ හිමිවෙයි. බුදු දහම තුළ ද හිරු අවරට ගිය පසුව ආහාර භාවිතයෙන් හැකිතරම් වැළකී සිටිය යුතු බව ප්‍රකාශ වෙයි. මෙමඟින් අපගේ ආහාර මාර්ග පද්ධතියට විවේකයක්‌ ලැබෙන අතර, සරලව හා සැහැල්ලුව ආගමානුකූලව ගත කිරීමට ඉතා පහසුව සලසයි. කිතුනු ආගමේ ද දෙවියන් උදෙසා නිරාහාරව සිටීමේ කාල පරිච්ඡේද පවතියි. මේ සියලු ආගමික වතාවත්වල මහත් ප්‍රතිඵලය ආධ්‍යාත්මික නොව ශරීරයට බව විද්‍යාඥ මතයි. නිරාහාරව සිටීම ශරීර සෞඛ්‍යයට හිතකර බව අලුත් මතයක්‌ නොවෙයි. 1908 වැනි ඈත අතීතයේ දී පවා මේ සම්බන්ධව ග්‍රන්ථ ලියවී ඇත.

කියවන්න :  කොච්චර මහන්සි වුණත් බර අඩුවෙන්නෙ නැතිවෙන්නට හේතුව ඔබ දන්නවාද?

 නිරාහාරව සිටි පමණින් සියල්ල එසේ සිදු නොවෙයි. ඔබේ ශක්‌තිය වන කායික හා මානසික ක්‍රියා වෙනස්‌ වීමට යම් කාලසීමාවක්‌ ගත වෙයි. සාමාන්‍යයෙන් මිනිසකු දිනකට ලබා ගත යුතු කැලරි ප්‍රමාණය පිරිමියකුගේ කැලරි 2500 ක්‌ ද කාන්තාවන් නම් කැලරි 2000 පමණ ද වෙයි. නිරාහාරව සිටීම එක දිගටම සිදු නොකළ යුතුය. එය සතියට දින කිහිපයක්‌, මසකට දින කිහිපයක්‌, ආදී ලෙස සිදු කළ යුතුය. ආහාර නොගෙන සිටීම ආරම්භ වන්නේ ප්‍රධාන ආහාර වේලකට පැය 10 – 12 පසුවය. එනම් අපගේ ආහාර වේලේ පැවැති සියලුම ග්ලූකෝස්‌ භාවිතයට ගෙන අවසන් වූ පසුවය. ඉන් පසුව අක්‌මාව සහ මාංශපේශීවල තැන්පත්ව පවතින ග්ලයිකෝජන් ද භාවිතයට ගැනීම ඇතිවෙයි තවදුරටත් නිරාහාරව සිටින විට තැන්පත් මේද භාවිතය ද බිඳවැටීමේ අතුරු ප්‍රතිඵලය ලෙසින් කීටෝන දේහ ඇතිවෙයි. ඒ මොළය තම ශක්‌ති අවශ්‍යතාව සඳහා මෙම කීටෝන දේහ යොදා ගනියි.

කියවන්න :  කූල් ඩ්‍රින්ක්ස් නැතුවම බැරි අයට පණිවුඩයක්

අප දින තුන හතර නිරාහාරව සිටින විට මෙම සාන්ද්‍රණය ක්‍රියාත්මක වීමට පටන් ගනියි. නිරාහාරව සිටින විට ඉන්සියුලින් හෝර්මෝනය සමාන සාධකය මට්‌ටමට බිඳවැටෙයි. නිරාහාරව සිටින තුන්වැනි හතරවැනි දිනය වන විට මෙය කැපී පෙනෙයි. මේ අන්දමට නිරාහාරව සිටින ඉන්සියුලින් මට්‌ටම ද අඩුවන අතර, මෙම අගය ඉහළ නැඟීම පිළිකාවලට අත වැනීමක්‌ බව පර්යේෂකයෝ පවසති.

ආහාර නොගෙන සිටීම සමඟ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය නිසා ඇතිවන අවදානම ද අඩු වී යයි. තරබාරු පුද්ගලයින් ද අතරමඟදී නිරාහාරව සිටීම කායික රෝගවලින් ඈත් වීමට අතවනයි. මෙයට අමතරව හතිය වැනි රෝගවලට ගොදුරු බව අඩු වෙයි. සමාන ශක්‌ති බර දරන පුද්ගලයන්ට වඩා අධික තරබාරු පුද්ගලයන් ආහාර නොගෙන සිටීම වඩා වැඩි වාසි සැලසෙන බව විද්‍යාඥ මතයයි. මේ සම්බන්ධව විද්‍යාඥයන් තවදුරටත් අධ්‍යයන කටයුතු සිදු කරන අතර නිරාහාරව සිටීම සෞඛ්‍යයට හානියක්‌ නොවන ලෙස කටයුතු කරන අන්දම සම්බන්ධව වඩා ඵලදායි ප්‍රතිඵලය හෙට දවසේ ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

කල්හාරි