කරදරකාරී හිසරදයට තිතක්..

හිසරදය හැමෝම වාගේ කරදරයට පත් කරන ඕනෑම මොහොතක හැදෙන්න පුළුවන් දෙයක්. සාමාන්‍ය හිසරදයේ සිට දරුණු ඉරුවාරදය දක්වා විවිධාකාරයෙන් ඇතිවෙන්නට පුළුවන්. මෙයින් මිදීමට බොහෝදෙනා පුරුදුවී සිටින්නේ බෙහෙත් පෙත්තක් ගැනීමටය. නමුත් කෘත්‍රීම බටහිර බෙහෙත් නිතර පරිභෝජනය කිරීම අතුරු ආබාධ සඳහා අතවැනීමකි. අතුරු අබාධ නැති ගෙදරදීම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ස්වාභාවික බෙහෙත් ක්‍රම රැසක් ඇති බව බොහෝ දෙනා දන්නේ නැති තරම්ය. මෙන්න ඔබට පහසුවෙන් අත්හදා බැලිය හැකි එවැනි අත්බෙහෙතක්-

මේ සඳහා අවශ්‍ය වන්නේ පිරිසිදු ලුණු සහ ලෙමන් යුෂ පමණයි. ලුණු හිසරදය, ඉරුවාරදය නැවත්වීමට උදව් වෙනවා. රුධිරයේ අගයද ඉහල දමයි එමගින් ස්නායු පද්ධතිය ශක්තිමත් කර ශරීරයේ ක්ෂාර අම්ල සංයුතිය පාලනය කරයි. අලුත් ලෙමන් යුෂ වීදුරුවකට ලුණු තේ හැදී 2ක් එකතු කරන්න. හොදින් මිශ්‍ර කර තවත් කෝප්පයකට වතුර සමග එකතු කරන්න. මුළු විදුරුවම එක සැරේ පානය කරන්න. රස එතරම් ප්‍රියජනක නොවුනත් ඔබගේ හිසරදය විනාඩියෙන් මිදෙන්නට හැකිවේවි.

ඔබට බෙහෙත් පෙති රැසක් ගිලදමන්නේ නැතිව කරදරකාරී හිසරදයෙන් විගසින් මිදෙන්නට මෙම අත්බෙහෙතෙන් හැකිවේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles