ලස්සන වෙන්න ස්වාභාවික cleanser හදමු

හැමෝම හිතන්නේ ලස්සන වෙන්න ගොඩක් සල්ලි වියදම් කරන්න ඕනේ කියලානේ. නමුත් ලස්සන වෙන්න වැඩියෙන්ම අවශ්‍ය දැනුවත්භාවයයි. ස්වාභාවික දේවල්වලින් වැඩි වියදමකුත් නැතිව ගෙදරදීම ලස්සන වෙන්න පුළුවන්. රසායනික දේ මිශ්‍ර නොමැති නිසා සමට අහිතකර නොවේ. සම ඇතුලටම පිරිසුදු කරන ස්වාභාවික cleanser වර්ග කිහිපයක් නිවසේදීම මෙලෙස සකසාගනිමු.

  • කිරි ස්වල්පයක් ගෙන එය හොඳින් ගසාගන්න. ඉන්පසු ඉතිරිවන යොදය ඉවත් කරන්න. වියළි සමට මෙම යොදය භාවිත කළ හැකියි. දියරමය කොටස තෙල් සහිත සමට භාවිත කරන්න මෙය ස්වාභාවිකවම සම පැහැපත් කරයි.
  • පිපිඤ්ඤා යුෂ සමඟ කිරි ස්වල්පයක් මිශ්‍රකර සමේ තවරා පසුව සෝදා හරින්න. වියළි සමකට නම් මෙය ඉතාමත් යෝග්‍යයි.
  • කෝමාරිකා ජෙල් බ්ලෙන්ඩර්කර මී පැණි තේ හැඳි එකකට වතුර තේ හැඳි දෙකක්, දෙහි බිංදු දෙකක් කළවම්කර ගාන්න.
  • අයිස් වතුර කෝප්ප 1/2 කට ලෙමන් යුෂ බිංදු 8-10 ක් කළවම්කර මුහුණේ ආලේපකර පසුව ඉවත් කරන්න. මෙය මුළු සිරුරටම වුවද සුදුසුවනවා. තෙල් සහිත සමකට වුවත් මෙය භාවිත කරන්න පුළුවන්.

මේ අයුරින් cleanser කළ පසු අනිවාර්යයෙන් toner කළ යුතුයි. සමට සුදුසු ස්වාභාවික toner එකක් සාදා ගන්නට නම් පිපිඤ්ඤා ඉස්ම, අයිස් වතුර සමඟ හෝ රෝස වතුර සමඟ මිශ්‍රකරගන්න. මෙලෙස අඩු මුදලක් වැයකොට ලේසියෙන්ම ලස්සන වෙන්න ඔබටත් පුළුවන්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles