උණ තිබෙනවිට අනිවාර්යයෙන්ම මෙන්න මේ දේවල් පිළිපදින්න

උණ ඇති විට කුමක්‌ කළ යුතුද යන්න පිළිබඳව බොහෝදෙනාට හොඳ අවබෝධයක් නැහැ. විශේෂයෙන්ම සාමාන්‍ය උණ තත්ත්වයේ පටන් ඩෙංගු වැනි බරපතල තත්ත්වයකදී පවා  අනිවාර්යයෙන්ම මෙන්න මේ දේවල් පිළිපදින්න –

  • උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න.  තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක්‌ උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරිය තැවීම සිදු කරන්න.
  • වේදනා නාශක ඖෂධ (Non-Steroidal Anti-inflammatory Drugs-NSAIDS) කාණ්‌ඩයේ ඖෂධ හා ස්‌ටෙරොයිඩ්ස් (steroids) භාවිතයෙන් වලකින්න.
  • සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක්‌ ලබාගන්න
  • උණ පවතින කාලය තුළ මදුරු දෂ්ටනයන්ගෙන් හැකිතාක්‌ ප්‍රවේසම් වන්න.
  • වෙහෙසකර කටයුතු වලින් බැහැර වී හොඳින් විවේක ගන්න.

උණ පවතින කාලය තුළ භාවිත කළ යුතු ආහාර පිළිබඳවත් වැඩි අවධානයක් යොමුකල යුතුයි. එහිදී මෙන්න මේ දේවල් ගැන විශේෂ අවධානයක් යොමුකරන්න.

  • උණ හා වමනය නිසා ඇතිවන විජලනය තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න තැඹිලි වතුර, කැඳ, කිරි, ජිවනි වැනි මුඛ සජලන පානය (Oral Rehydration Solution – ORS) පලතුරු යුෂ වඩාත් සුදුසුය.
  • ළමුන්ට ග්ලුකෝස්‌ වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබා දෙන්න.
  • රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක්‌ ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න.
  • අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් (රතු/ දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළපහ) හඳුනා ගැනීම අපහසු වන බැවින් රතු/ දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වලකින්න.

බෙහෙත් පමණක් නොව නිසි විවේකය සහ ආහාර ලබාගැනීමත් වැදගත් බව මතක තබාගන්න. මේ හැරෙන්නට ඔබගේ වෛද්‍යවරයා විසින් ලබා දුන් විශේෂ උපදෙස් පිළිපදින්නත් අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles