ජනාධිපති බිරිඳක් කියූ ඇත්ත කතාවක්

එක්තරා රාත්‍රියක ජනාධිපති ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිචෙල්ට වෙනදාට වඩා වෙනස් ලෙස ආහාර ගත යුතු යැයි සිතුණා. ඔවුන් රාත්‍රී භෝජනය පිණිස එතරම් සුඛෝපභෝගී නොවන සාමාන්‍ය ආපන ශාලාවකට ගියා. ඔවුන් ආපන ශාලාවේ අසුන්ගත් පසු එහි අයිතිකරු ජනාධිපති ආර්යාව සමඟ පෞද්ගලිකව වචන කිහිපයක් කතාකරන්නට ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් හරහා අවසර ඉල්ලුවා. ආපන ශාලා අයිතිකරුට ඒ සඳහා අවසරය ලැබුණා. මිචෙල් ආපනශාලා අයිතිකරු සමග හිතුවාටත් වඩා දිගු සංවාදයක යෙදුණා.

සංවාදය අවසන්ව ජනාධිපති බිරිය තම ස්වාමිපුරුෂයා වෙත පැමිණියා. ආපනශාලා අයිතිකරුවෙකු සමඟ ඒතරමට ම කතාකරන්නට තිබුණේ මොනවාද? ජනාධිපතිවරයා මිචෙල්ගෙන් විමසා සිටියා. ඔහු තමන්ගේ පාසල් වියේ මිතුරෙකු බවත්, ඔහු ඇයට එකල පිස්සුවෙන් මෙන් ආදරය කළ බවත් ඇය සෘජුව ම ප්‍රකාශ කළා.

ඒ කියන්නේ ඔයා එදා එයාව බැන්දා නම් මේ ආපන ශාලවේ අයිතිකාරි වෙන්න තිබුණෙ ඔයාටයි. ඔබාමා ඇගේ සෘජු දෑස් දෙස බලාගෙන විමසුවා. නැහැ. නැහැ. කොහොමටවත් එහෙම වෙන්නෙ නැහැ. මම ඔහුව බැන්දා නම් අද ඔහු තමයි මේ රටේ ජනාධිපති වෙන්නේ? ඇය එකවර ම පැවසුවා.

බොහෝ බිරින්දෑවරුන්ට මේ කතාව හොඳ ආදර්ශයක්. ඔබ විවාහ වන පුද්ගලයාගේ අනාගතය සාර්ථක කරන්නට, එහෙමත් නැත්නම් දියුණුවේ හිණිපෙත්තට ම ඔසවා තබන්නට ඔබට ඇති ශක්තිය අසීමිතයි. ඒ ගැන ඔබට ආත්ම විශ්වාසයක් තියෙනවානම්, කැපවීම, උනන්දුව, ඉවසීම, සහ අධිෂ්ඨානය තියෙනවානම් ඔබේ විතරක් නෙවෙයි ඔබේ මුළු පවුලේ ම අනාගතය ජයග්‍රහණවලින් පිරුණු සැනසිලිදායක එකක් වෙන එක කාටවත් වළක්වන්න බැහැ.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles