වැඩියෙන් නිදාගන්නෙ බලාගෙනයි

මනුෂ්‍යයින්ට සිය පැවැත්ම සඳහා ක්‍රමවත්, සැළකිය යුතු වේලාවක නින්දක් අවශ්‍යයි. නමුත් අනවශ්‍ය තරම් දිගු වේලාවක් නිදාගැනීමත් සෞඛ්‍යයට හිතකරවන්නේ නැහැ. එක් රාත්‍රියකදී පැය නවයකට අධික කාලයක් නිදාගන්නා වැඩිහිටියන් තුළ ස්නායු පද්ධතියේ රෝගී තත්වයක් නිසා හටගන්නා ‘ඇල්ට්ස්හයිමර්ස්’ (Alzheimers) ව්‍යාධියේ පළමු ලක්‍ෂණ ඇතිවීමේ ඉඩකඩක් පවතින බව නව පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත.

දිගු කාලයක් නිදාගන්නා වැඩිහිටියෙක් එම ව්‍යාධියට ගොදුරු වීමට ඇති ඉඩකඩ සාමාන්‍ය පුද්ගලයකුට වඩා දෙගුණයක් වනබව වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන් යොදා ගනිමින් සිදුකරන ලද ඉහත කී පර්යේෂණ වාර්තාව පවසයි.

‘ස්මෘතිහානිය’ (dementia) ඇතිවීමේ අවදානමක් සහිත අය හඳුනාගැනීමේ ක්‍රමයක් ලෙස ප්‍රතිකාර සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් ඔවුන් දිනකට කොතරම් වෙලාවක් නිදාගන්නේද යන ප්‍රශ්නය ඇසීම ප්‍රයෝජන වියහැකි බවත් ඉහත කී පර්යේෂණය සිදුකළ ඇමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.

එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් සිදු කල පරීක්ෂණයක ප්‍රථිපල වලට අනුව දිවා කාලයේ දී ලබන කෙටිනින්ද, මැදි වයසේ සහ වැඩිමහළු පුද්ගලයන් ගේ මරණය ඉක්මන් කිරීමට හේතු වන බව නිගමනය කර ඇත.වසංගත අධ්‍යයනය සඳහා වන ඇමරිකානු සඟරාවෙහි (American Journal of Epidemiology) මෙම නව නිගමනය පල කර ඇත.

මෙම පරීක්ෂණය අනුව වයස අව්රුදු 40-79 අතර දිනකට පැයකට අඩු කාලයක් දවල් වරුවේ නිදාගන්නා පුද්ගලයන් වසර 13 ක කාල පරාසයක් තුල එසේ නොවන පුද්ගලයන් ට වඩා මරණයට පත්වීමට සියයට 14% ක වැඩි සම්භාවිතාවයක් පවතී.එසේම කෙටි දිවා නින්දේකාලය දිගු වන තරමට බලපෑම වැඩිවී ඇති බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව දිනකට පැයකට වඩා දිගු කාලයක් දිවාකාලයේ නිදා ගන්නා පුද්ගලයන් එසේ දිවා කාලයේ නිදාගන්නා පුද්ගලයන්ට වඩා පරීක්ෂණ කාලය තුල මියයාමට 32% ක වැඩි අවස්ථාවක් ඇති බව පෙනී ගොස් ඇත.

කෙසේ වෙතත් ඇතැම් පරීක්ෂණ කණ්ඩායම් විසින් මීට පෙර ඉදිරිපත් කර ඇති මතය වන්නේ මිනිත්තු 30 කට අඩු කෙටි නින්ද මනුෂ්‍යයන්ට උපකාරී බවයි. කෙසේ වෙතත් මෙම පරීක්ෂණයේ දී මිනිත්තු 30 කට අඩු නින්ද ගැන නිරීක්ෂණය කර නොමැත.

භාධාකාරී නින්ද (Sleep apena) නොහොත් නින්ද අතර හුස්ම කඩින් කඩ නැවතීමේ තත්වය ද මෙලෙස දිවා කාලියේ නිදිමත ඇතිවීමට හේතුවක් වන බව හඳුනාගෙන ඇත. ඒ සේම එබඳු තත්වයක් වසර ගණනාවක් තුලදී නිසැක ලෙසම ඉක්මන් මරණයට ඇති අවස්ථා වැඩි කරවයි.

අඩු නිනද වගේම වැඩි නින්දත් එතරම් ගුණදායක නැහැ. එනිසා ඔබගේ සෞඛ්‍යය මනාව පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම පමණට නිදාගැනීම වැදගත්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles