පොඩිත්තා නිතරම දෑස් පොඩිකරනවාද

සමහර අවස්තාවලදී අප දකිනවා පුංචි දරුවන් නිතරම සිය දෑස් පොඩිකරනවා.මෙය වයස් භේදහයකින් තොරව ඕනෑම අයෙකුට සිදුවිය හැකියි. බොහෝවිට මෙලෙස කැසීම් ඇතිවෙන්නේ අසාත්මිකතාවයන් හේතුකර ගෙන වීම විශේෂයක්.

එළිමහනේ කරන ක්‍රීඩාවකින්දුහුවිල්ලෙන්කැරපොත්තන් වැනි සතෙකුගෙන්දුම හෝ පිහිනුම් තටාකය වැනි හේතුවකින් ඇති වෙන්න පුළුවන්.

දෑත්, මුහුණ සෝදන්න

විශේෂයෙන් දරුවාගේ පිරිසුදුකම ගැන අවධානය යොමු කළ යුතු වනවා.සෙල්ලම් කර නිවසට පැමිණි විගසම දෑත් මුහුණ සේදීමඅනිවාර්යයෙන්ම සිදු කරන්න.කුමන හේතුවක් නිසා අසාත්මිකතාවය ඇති වුවත් දිනකට වාර පහක්වත් මුහුණ සේදීම සිදුකරවිම ඉතා වැදගත්දෑත් සේදීමද මෙසේම කළ යුතු දෙයක්.

රෝග ලක්ෂණ

අසාත්මිකතාවය පටන් ගන්නේ ඇස් කැසීම ආරම්භ වීමෙනිඉන් පසුව ඇස් රතුවේඉදිමී කුඩා වේනිතරම දෑස කැසීමට පටන් ගනී.මෙවැනි වේලාවක අයිස් වතුරෙන් තැවීම,වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත්ම සුදුසුයි.

රූපවාහිනිය නැරඹීම අඩු කරන්න

එක දිගට රූපවාහිනිය නැරඹීමපරිගණක ක්‍රීඩා කිරීමපොත් පත් පාඩම් කිරීම ආදිය නිසා දරුවාගේ දෙඇස වේලෙනවාඑසේ වීමට හේතුව අඩුවෙන් ඇසිපිය ගැසීමමෙය අසාත්මික තාවය වැඩි වීමට හේතුවක්. එවන් වෙලාවක විනාඩි 10 ක් 15ක් දෙඇස පියාගෙන විවේකය ලබා දෙන අයුරු දරුවාට කියා දෙන්න.ඇසේ අසාත්මිකතා තත්වයකදී මෙය ඉතාමත්ම වැදගත්.

ඇස් වලට එන්නත් ලබා දෙනවාද?

මේ ප්‍රතිකාරය ලබා දෙන්නේ අසාත්මිකතා සඳහා බෙහෙත් ලබාදී අනතුරුව බෙහෙත් බිංදු ඇසට දමා සියලුම ප්‍රතිකාර වලට එය මඟ නොහැරෙන විටය.

වයසත් සමඟ අඩුවී යනවාද?

ඇස් වල අසාත්මිකතාවය ඇති වන දරුවන්ගෙන් සියයකට 90 ක් පමණ වන විට එම තත්වය ක්‍රමයෙන් අඩුවෙනවාවයස අවුරුදු 10 – 11 පමණ වන විට එම තත්වය ක්‍රමයෙන් අඩු වෙනවාඑහෙත් පවුලේ ආරයටඇදුමපීනස වැනි රෝග තිබේ නම් ඇතැම් විට දිගටම බලපාන්නට හැකි නමුත් එය ඉතාමත් කලාතුරකින් වන සිදුවීමක්.

– චම්මි – 

Related Articles

Don't Miss


Latest Articles