තේ වෙනුවට බෙලි බොමුද?

අද කාලයේ බෙලි ගසකින් එතරම් ප්‍රෙයා්ජනයක් නොගත්තද, ආදි වැසියෝ තේ පානය සොයාගැනීමට පෙර බෙලි ගසේ සෑම කොටසක්ම තම්බා පානය කිරීමට පුරුදුව සිටිබව කියවේ. එහිදී බෙලිගැට කටු, කොළ තම්බා පානය කළහ. එසේම අතර මුල්, පොතු, කොළ, පැසුණු ගෙඩි, නොඉදුනු ගෙඩි, මද ,මල් ආදිය ඖෂධ සඳහා යොදාගත්හ. රෝග සුවකිරීම සඳහා වූ කසායන් සඳහා බෙලි ගසේ සියලු කොටස්‌ භාවිත කිරීමට පැරැණ්නෝ පියවර ගත්හ.

බෙලි ආහාරයට ගැනීමෙන් තද හිරු එළියට සම නිරාවරණය වීමෙන් ඇතිවන සංකූලතාවලට ඔරොත්තු දීමේ හැකියාව ඇත. ඉඳුණු බෙලි හදවතට හා මොළයට ගුණදායක වේ. එසේම මානසික ආතතිය හේතුවෙන් ශරීර ගත ඇතිවන අබල දුබලතා දුරුකරන හෙයින් මානසික ආතතිය අධික අයට බෙහෙවින් ගුණදායක වෙනත් ඖෂධයක්‌ නොමැති තරම් අනර්ඝය. පැසුණු බෙලිගෙඩි තම්බා මී පැණි සමඟ ගැනීමෙන් අතීසාරය, සීදම් සහිත බඩයැම ලේ අර්ශස්‌ ආදී රෝග සුවකරයි. බෙලි ගෙඩියෙහි මදය ආමාශගත රෝග රැසකට ගුණදායකය. ඉඳුණු බෙලි වතුර දමා පොඩිකර මිරිකා සීනි ස්‌වල්පයක්‌ දමා බීමක්‌ ලෙස සකස්‌කර බීමෙන් මළබද්ධය සුවකර ගත හැකිය. වියළි බෙලිගැට මද උක්‌ හකුරු සමව ගෙන හොඳින් අඹරා වරකට ග්‍රෑම් එකක්‌ පමණ පාවිච්චි කිරීමෙන් රෝගය සුව කර ගැනීමට හැකිය.

බෙලි කොළ සෙම, වාතය, ආමය හා වේදනාවන් දුරු කරන ගුණ ඇත. බෙලි කොළ වාත වේදනාවන් ඇති විටදී ස්ථානික අවසාහනයට මෙන්ම තැවීමටද යොදා ගනී. දරුවන් ප්‍රසූතියෙන් පසු මවුවරුන් නැහැවීමටද ‍බෙලි කොළ තැම්බූ වතුර ගුණදායකය. බෙලි කොළ තම්බා ජලය පානය කිරීම දියවැඩියා රෝගයට ඉතා හොඳය. ගැබිනි මාතාවකට බෙලි ගසෙහි දඬු තම්බා පානය කිරීමට දීමෙන් ශරීර ගත වේදනාව දුරුකරන බැව් වෛද්‍යවරු පවසති. බෙලි කොළ කැඳ පානය කුසගිනි වඩනා අතර වාත අමාරු තුනටිය රිදුම සුවකරන පානයකි.

උෂ්ණාධික ගතිය අධික නිසා දරු ඵල නොමැති අයට ලේ යන අර්ශස්‌ රෝගීන්ට ඇඟ උණුකරවායැම අධිකව ආර්ථව රුධිරය වහනය වන කාන්තාවන්ට අම්ල පිත්තය, ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයෙන් පෙළෙන අයට විශිෂ්ට ගුණ දෙන අතර අමාශග්‍රහණිය සහ අන්ත්‍ර ආශ්‍රිත වණ තුවාල සහිත පිළිකාගෙඩි ඇති අයට සිසිල් කළ බෙලි ජලය වහා සුව දෙන දිව ඔසුවකි. බෙලි මල් තැම්බු ජලය ඖෂධීය මෙන්ම රසවත් පානයකි. පිපාස සංසිදවීමේ ප්‍රබල ශක්තියක් මෙහි අඩංගුය. අතීසාර හා මධුමේහ තත්වයන් වලදි ඇතිවන පිපාස‍ය නැසීමට බීමට දෙනු ලැබේ.

ශරීරයට අහිතකර, කෘත්‍රීම පානයන්ගෙන් මිදී අදම දිව ඔසුවන් බෙලි පානය අරඹා කායික, මානසික සෞඛ්‍යය රැකගනිමු.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles