මිත්‍යාවන් බිඳලෙමින් කාන්තාවන් පමණක් මෙහෙය වූ ප්‍රථම ගුවන් ගමන

කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් ගුවන් යානා කාර්ය මණ්ඩලයක් ප්‍රථම වතාවට ලොව වටා ගුවන් ගමනක් මෙහෙයවූ බව Air India සමාගම පැවසුවා.පෙබරවාරි මස අවසාන සතියේදී ඉන්දියාවේ New Delhi ගුවන් තොටුපළේ සිට ඇමරිකාවේ San Francisco ගුවන්තොටුපළ දක්වා පියාසර කළ ‘Air India’ ගුවන් යානය සිකුරාදා නැවත දිල්ලි නුවර වෙත පැමිණියේ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් සමගය.

බෝයින් 777 වර්ගයේ යානය පැසිෆික් සාගරයට ඉහළින් ඇමරිකාව බලා පියාසර කළ අතර ආපසු ගමනේ දී මුළු පෘථිවිය වටා ගමන සම්පුර්ණ කරමින් අත්ලාන්තික් සාගරයට උඩින් පියාසර කරමින් ඉන්දියාව බලා පැමිණියේය. එම ගුවන් චාරිකාව ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කිරීම සඳහා අයදුම් කර ඇති බව Air India සමාගම පවසයි.

මාර් තු මස අට වැනිදාට නියමිත ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අංගයක් ලෙස කාන්තා කර්ය මණ්ඩලයකින් පමණක් මෙහෙයවනු ලබන ගුවන් ගමන් සෑම වසරකදීම සැලසුම් කරන බවත් Air India ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

අනෙකුත් මගීන්ගෙන් ඇතැම් කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව සලකා බැලීමෙන් පසුව, ගුවන් යානා තුළ කාන්තාවන්ට පමණක් වෙන්වූ මගී ආසන සහිත මැදිරියක් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම Air India සමාගම පසුගිය ජනවාරි මාසයේදී අරඹන ලදී.

අතීතයේදී තොටිල්ල පැදවීමට වෙන් වූ දෑත බෝයින් 777 වැනි තාක්ෂණයෙන් උසස් සහ ප්‍රමාණයෙන් අති විශාල යානයක් වගකීමෙන් යුක්තව නිරුපද්‍රිතව මෙහෙයවීම ඇත්තෙන්ම වටිනා ආදර්ශයක්. ගුවන් සේවා ක්ෂේත්‍රය වැනි අධි තරගකාරී ක්ෂේත්‍රයක පිරිමින් හා කරට කර තරගයක යෙදී මෙම දිරිය කාන්තාවන් උත්සාහය ඇත්නම් මෙලොව ජයගත නොහැකි ඉලක්කයක් නොමැති බව නැවතත් පසක් කලහ. Air India හි කාර්යමණ්ඩලය සහ ඔවුන් ගමන්ගත් ගුවන් යානය පහතින්

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles