මඤ්ඤොක්කා කොළ සහ කරපිංචා මැල්ලුමක් හදමු.

ගමේ තාලෙට කන්න කැමති ඔයාලට අද අපි ගෙනාවේ බොහොම පෝෂණීය ගුනයකින් යුතු මැල්ලුමක්.මැල්ලුම් කන්න කැමති කවුරුත් බොහොම ප්‍රිය කරන මේ මැල්ලුම හදල රස බලන්න

අවශ්‍ය ද්‍රව්‍ය

  • මයියොක්කා කොළ මිටවල් 5
  • කරපින්චා කොළ මිටවල් 5
  • පොල් අවශ්‍ය පමණ
  • තිත් බටු අහුරු 3
  • කොච්චි කරල් 8
  • පොල් තෙල් ස්වල්පයක්
  • රතුළුණු ගෙඩි 8
  • වියලි මිරිස් කරල් 5
  • රම්පෙ
  • කුරුඳු කොළ 2
  • කරපිංචා
  • කහකුඩු ස්වල්පයක්
  • ලුණු
  • අබ
  • සුදු ළුණු බික් 1

සාදන ක්‍රමය

මයියොක්කා කොළ නැටි වලින් ඉවත්කර හෝදාගෙන පිහියකින් සිහින්ව ලියාගන්නපසුව වංගෙඩියකට දමා සිහින්ව කෙටෙන තුරු කොටන්නඑයට කරපිංචා කොළද එකතුකර කොටාගන්න.

හොඳින් කෙටෙන විටසෝදාගත් තිබ්බටුකොච්චි කරල් එකතු කර කොටන්නඒවාත් කෙටෙන විට පොල්කහ ස්වල්පයක්, අවශ්‍ය පමණ ලුණු එකතුකර හොඳින් කොටන්න.

මැටි ඇතිලියක් ලිප තබා එය‍ටකොටාගත් මිශ්‍රණය දමා විනාඩි 25 පමණ මුඩියකින් නොවසා හොඳින් කලවම් කරමින් මදගින්නේ පිසගන්නකොළ පැහැය වෙනස් වී ඇතිවිට මැල්ලුම ඇතිලියෙන් ඉවත් කරන්නපසුව ඇතිලියට තෙල් ස්වල්පයක් දාන්නතලාගත් සුදු ළුණුලියාගත් රතුළුණුකරපිංචා කොළ කිහිපයක්අබරම්පෙකුරුඳු කොළ 2, අතින් කඩා ගත් වියලි මිරිස් කරල් කැබලිඑකතු කර හොඳින් බැදෙන විට පිසගත් මයියොක්කා කොළ මැල්ලුම එකතු කරන්නහොඳින් කලවම් කරමින් විනාඩි පහක් පමණ මද ගින්නේ පිස ගන්න.පසුව කුරුඳු කොළ දෙක ඉවත් කරන්න.

කරපිංචා එකතු කලද කිසිදු බෙහෙත් රසක් නැතපෙර මෙන් බොහෝ රසවත්යමා එය අත්දැකීමෙන්ම දන්නා දෙයකිඑහෙත් මෙම ක්‍රමයෙන් වැඩි පෝෂණයක් ලැබේකරපිංචා ආයුර්වේදයේ විෂ නාශකයක් මෙන්ම බොහෝ රෝගවලට ඔසුවක් ලෙස භාවිතා කෙරේ.

නිකිණි බණ්ඩාරගේ ගමේ කෑම කෘතියෙනි.

Related Articles

Don't Miss


Latest Articles