CHAT WITH STAR – උදාර සමරවීර

” අහසින් එහා තරු මං දිගේ ” ගිය , ” ආදරණීය කතාවක් ” ඔබට මතක ඇති.ඒ වගේම ” ඉවසයිද මන්දා, හුස්මක් දුරින් , සිරිලක පිරි අවුරුදු සිරි ,දගකාර හීනේ යොවුන් වසන්තේ වැනි නිර්මාණත් ඔබේ මතකයේ ඇති.අද Chat With Star අපේ කතාබහට එකතු වෙන්නේ ඒ සියලු නිර්මාණවලට පණ දුන් නව පරපුරේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන උදාර සමරවීර යි.

මොකද්ද මේ ” සුදු සේල ” කියන්නේ ?

සුදු සේල කියන්නේ ෂෙහාන් කෞශල්‍ය එක්ක මම කරපු අලුත්ම ගීතය.මං ගොඩක් කාලයක ඉඳලා බලන් හිටියා ෂෙහාන් එක්ක සින්දුවක් කරන්න .මොකද එයා හරි Technical singer කෙනෙක්.ඉතිං එයා එක්ක කරපු ගීතය තමයි සුදු සේල කියන්නේ.එකේ මුලින්ම මම තනුව තමයි නිර්මාණය කළේ.ඊට පස්සේ වචන ලියන්න භාර දුන්නා හර්ෂි සේනාධීරට.ඇත්තටම මේක ෂෙහාන් one take ගත්තා.අපි කියන්නේ එක පාරින් කීවා කියලා.එයා මෙලඩිය අහලා එක පාරින් sing කරා.අවශ්‍ය feel එකටම එයා sing කරා.මොකද මට හිතුණා එක ඉන්දියානු හැඩයක් තියෙන feel එකක්.හැබැයි ෂෙහාන්ගෙන් ඒකට පොඩි බටහිර ආකෘතියක් ආවා.මට අවශ්‍ය වුණේත් ඒක.ඉතිං එහෙම නිර්මාණය වුණු ගීතය තමයි සුදු සේල කියලා කියන්නේ.

ඔබේ ගමනේ ආරම්භය ගැන මතක් කළොත් ?

මගේ වෘත්තිමය සංගීත ජීවිතය ගැන කීවොත් මම කරපු වෘතියමය වශයෙන් මුලින්ම කරපු ගීතය තමයි “සිරි ලක පිරි අවුරුදු සිරි ” කියන ගීතය.ඒක ජාතික රූපවාහිනියේ අවුරුදු තේමා ගීතයක්.එකේ විශේෂත්වය තමයි 2014 වසරේ රාජ්‍ය සම්මාන උළෙලේ විශිෂ්ටතම කණ්ඩායම් ගීතය සම්මානය හිමි වුණා.එතනින් තමයි මගේ වෘත්තිමය සංගීත ගමන ආරම්භ වුණේ.මේ ගමනට අත්වැලක් වුණා දිලුප් ගබඩා මුදලිගේ මහත්මයා.එතුමා තමයි සංගීතයේ තාක්ෂණික කාරණා ගැන මට අවබෝධයක් ලබා දුන්නේ. එතනින් පසුව තමයි මගේ අනෙකුත් සිනමා නිර්මාණ,ටෙලි නාට්‍ය නිර්මාණ සැකසෙන්නේ.ඒ වගේම තමයි දැනට අවුරුදු සිරිය ගැන උත්සව ගැන ගීත කෙරෙනවා බොහොම අඩුයි.ඒ වුණත් ” සිරිලක පිරි අවුරුදු සිරි ” ගීතය සෑම නාලිකාවකම පවා විකාශය වනවා. ඉතිං මගේ ආරම්භය ලොකු සතුටක් තියෙනවා.

” අහසින් එහා ” කියන්නේ බොහෝ දෙනා අදටත් ආදරය කරන ගීතයක්.චිත්‍රපට ගීත නිර්මාණය ගැන ඔබේ අත්දැකීම ගැනත් කියමු ?

අහසින් එහා ගීතය තමයි මගේ පළවෙනි සිනමා සංගීත නිර්මාණ චිත්‍රපට ඇතුළත් ගීතය.ඉතිං මගේ මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රියන්ත කොළඹගේ මහත්මයා අධ්‍යක්ෂණය කළ ආදරණිය කතාවක් චිත්‍රපටයේ.ඉතිං එහි ගීත 7ක් ඇතුළත් වුණා.මොකද ඒක සංගීතමය චිත්‍රපටයක්. එහි ගීතයක් එය.ඒ ගීතය කරලා දැනට අවුරුදු 7ක් 8ක් ගිහින්. නමුත් දැනටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.කවර්ස් ගොඩක් කෙරිලා තියෙනවා.ඉතින් මන් හිතනවා ඒ ගීතය ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳ ගත්තා.මේ ගීතයත් එක්ක මට නිලාර් එන් කාසිම් මුණ ගැහෙනවා. නිලාර් අය්යත් එක්ක කරපු පළවෙනි වැඩේ.මේකට ලස්සන වචන ටිකක් ඔහු ලියලා දුන්නා. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න ඇති දක්ෂ ගායක ගායිකා දෙපලක් වන කසුන් හා උරෙෂා.ඔවුන් දෙදෙනා ගීතයේ ෆීල් එක හොඳින් ලබා දෙමින් සින්ග් කළා.ඉතින් එකත් මේ ගීතයේ ජනප්‍රියත්වයට බලපෑවා.ඒ වගේම විවිධ සම්මාන වලට පාත්‍ර වුණා.මන් බෙහෙවින්ම සතුටු වනවා මගේ මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සිදු කළ ගීතයකට මේ වගේ ප්‍රතිචාරයක් ලැබීම සම්බන්ධයෙන්.මම කරපු නිර්මාණ අතරින් මම පෞද්ගලිකව ඉතාමත් කැමති ගීතයක් ” අහසින් එහා ” කියන්නේ.

සම්මානයට පාත්‍රවුණ ඔබේ නිර්මාණ ගැන කතා කළොත් ?

කලින් කිව්වා වගේ මම මුලින්ම් කරපු “සිරිලක පිරි අවුරුදු සිරි” කියන ගීතය සම්මානයට පාත්‍ර වුණා. රාජ්‍ය සම්මාන සංගීත උළලේදී 2014 අවුරුද්දේ.ඒ වගේම “අහසින් එහා” කියන චිත්‍රපට ගීතය සම්මානයට පාත්‍ර වුණා.ඒ වගේම මම සංගීත අධ්‍යක්ෂණය කරපු ආදරණීය කතාවක් චිත්‍රපටය පසුබිම් සංගීතය සිග්නීස් සම්මාන උළලේ සම්මානයට පාත්‍ර වුණා.සරසවි සම්මානයට පාත්‍ර වුණා .ඒ වගේම ඊටපස්සෙ මම චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරා.ප්‍රියන්ත කොළඹගේ මහත්මයා අධ්‍යක්ෂණය කරපු දේදුනු ආකාසේ කියන චිත්‍රපටයේ .එහි ඇතුළත් වුණා උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයා රචනා කරපු “මල් කළඹ ළඟ කියන ගීතය.එම ගීතයත් දෙරණ film awardsවල ජනප්‍රියම ගීතය විදියට සම්මානයට පාත්‍ර වුණා.

වර්තමානය වෙනකොට ” කවර් සෝන්ග්ස් ” වේගයෙන් බිහි වෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකද්ද ?

මම හිතන්නෙ ඒක මේ ලංකාවට මෑතකදී ලොකූ අලුත් වුනාට වෙනත් රටවල මේක පැවතුනා.ඉතින් cover song එකක් මම දකිනවා ඒක නීතිමය ආකාරයට හරියට වෙන්න අවශ්‍යයයි.ඒ වගේම ඒකෙන් හැම පිරිසටම හොදක් වෙනවා කියලා මම විස්වාස කරනවා. ගීතයේ මුල් අයිතිකරුවන්ටත් හොදක් වෙනවා.අලුතෙන් ඒ ගීතය ගායනා කරලා කරලියට පැමිණෙන අයටත් හොදක් වෙනවා.ගීතයේ එක එක ආකෘතින් බිහි වෙනවා.මුල් ගීතයේ නොතිබිච්ච.විවිධ ආකෘතින් විවිධ ශයීලීන් covers හරහා බිහි වෙනවා.මම කියන්නෙ සියලු දේ හොදයි කියන එක.එනමුත් ඒක හරි නීතිමය පසුබිමක් යටතේ සියලුදෙනා දැනුවත්ව වෙන එක තමයි වැදගත්ම දේ.cover songs වල විවිධ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ මෙන්න මේ නීතිමය ආකාරයේ හෝ එහම නැත්තම් දැනුවත් කිරීම් නිසි ආකාරයෙන් සිදුනොවීම නිසා.ඒ හැර එහම නැත්තම් මන් හිතන්නෙ නැ කවුරුවත් cover songs කියන remake කරන එක version එකක්.ඒ දෙවල්වලට කවුරුත් කිසිම නිර්මාණ ශිල්පියෙක් අකමැතියි කියලා මම හිතන්නෙ නැ .ඒ වගෙම මමත් කැමැතියි ඒක සංගීත ක්ෂේත්‍රයේ දියුණුවට අතිශය බලපානවා කියලා මම හිතනවා.ඒ කියන්නෙ සංගීත එහම නැත්තම් තනු නිර්මාණ යාවත්කාලීන කරන්න අදාළ කාලයට අනුව නිර්මාණ අලුත් වෙන්න ඒ තියන පරම්පරාවලට ගැලපෙන විදියට නිර්මාණ අහන්න ඒවචන අහන්න cover version හොදා පිටුවහලක් වෙනවා

ඔබේ නිර්මාණ බොහොමයක් එකිනෙකට වෙනස් ඒවා.ඒ අතරින් ඔබ කැමති සුවිශේෂී ගීත තියනවද ?

සාමාන්‍යයෙන් ඕන නිර්මාණයක් කරන්නෙ අපි හදවතින්මයි.නිර්මාණයට අවංකයි.අපි නිර්මාණයක් කරන්නෙ අපේ හිතේ තියෙන් සිතුවිලි.අපි අපේ හැම නිර්මාණයකටම කැමැතියි.ඒක තමයි සාමාන්‍ය දේ.සාමාන්‍යයෙන් උදාහරණයක් කිව්වොත් දෙමව්පියො තමන්ගේ හැම දරුවටම ආදරෙයි වගේ තනු නිර්මාණකරුවෙක් තමන්ගේ හැම තනුවකටම ආදරෙයි.ඒ වගේම මමත් මගේ නිර්මාණවලට ආදරෙයි.ඒ අතරින් මම ගීත කීපයක් තියනවා වැඩිපුර ඒකේ තනු නිර්මාණයට සහ ඒ final වැඩේ output එකට කැමති වෙච්ච නිර්මාණ.එහෙම ගීතයක් ගත්තොත් මං දැන් මේ ළඟදීම නිකුත් කළ ශෙහාන් කෞශල්‍ය ගායනා කරන සුදුසේල ගීතය.ඒ වගේම මම අවුරුරුදු දෙකකට කලින් කරා දුමාල් වර්ණකුල ගායනා කරන “යශෝධරා ” කියන ගීතය.විශේෂත්වයක් තියෙනවා ඔය ගීත දෙකම රචනා කරේ හර්ෂි සේනාධීර.ඒ වගේම මගේ “අහසින් එහා” කියන ගීතයට වගේම මගේ මුල්ම ගීතය “සිරි ලක පිරි අවුරුදු සිරි” ඔය ගීතවලට මම විශේෂයෙන්ම කැමතියි සහ අනිත් ගීතවලටත් ඒ ආකාරයෙන්ම කැමතියි

සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙස මෙතෙක් ආ ගමනේ ඔබට බාධක සහ අභියෝග බොහොමයක් තියෙන්නට ඇති ?

පලවෙනි කාරණය තමයි ලංකාව තුළ සංගීත නිර්මාණය.ඒක කර්මාන්තයක් නෙවෙයි.අපිට වෘතියමය වශයෙන් යැපෙන්න පොඩි risk එකක් ගන්න වෙනවා.ඒකට පූර්ණකාලීනව යොමු වෙන්න ඕන කෙනෙක්ට risk එකක් ගන්න වෙනවා.මොකද ඒක හරි ආකාරයෙන් ක්‍රියාතමක වන කර්මාන්තයක් නෙවෙයි.අපි ගත්තොත් 2010 අවුරුද්ද වගේ.දැන්නම් එය තිබ්බට වඩා සෑහෙන්න දියුණු වෙනවා.කර්මාන්තයක් විදියට දියුණු වීගෙන යනවා.ඉතින් දියුණු වෙනවනම් මීට වඩා සංගීත නිර්මාණ ශිල්පීන් තනු නිර්මාණ ශිල්පීන් ඇතුලු ගීත නිර්මාණ සංගීත නිර්මාණ ක්ෂේත්‍රයට අදාල පිරිස් වැඩි වැඩියෙන් බිහි වෙයි කියලා.ඉතින් අපේ කාලයේ එද්දී තිබ්බ අභියෝගය තමයි මේක ස්ථාවර කර්මාන්තයක් විදියට නොතිබීම.ඉතින් ඒක තමයි මන් හිතන්නේ තිබ්බ අභියෝගය.මම මූල්‍යමය දේවල් ඒ වගේ දේවල් වැඩිය හිතන්නෙ නැතිව මම මේක කොහොමහරි කරනවා මේක මූල්‍යමය වාසිය නොවුනත් මගෙ නිර්මාණ කටයුතුවල යෙදනවා කියලා තිබ්බ අභියෝගයත් එක්ක තමයි මන් නිර්මාණ ක්ෂේත්‍රයට පැමිණියේ.

සංගීත ක්ශේත්‍රය තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද ?

මගේ තියෙන බලාපොරොත්තු තමයි සාමාන්‍යයෙන් ඒක පොදු බලාපොරොත්තුවක්.ඕනම සංගීත ශිල්පියෙක්ගේ තියෙන. සිනමා නිර්මාණවලට දායක වීම.මගෙත් තියෙන බලාපොරොත්තුව තමයි හොද සිනමා සංගීත අධ්‍යක්ෂකවරයෙක් වීම.ඉතින් මම හිතනවා ගොඩක් සංගීත අධ්‍යක්ෂකවරුගේ හීනයක් තමයි සිනමා සංගීතයට පිවිසෙන එක.ඉතින් මගෙත් හීනය තියෙන්නෙ ඒක.මම දැනට සිනමා නිර්මාණ කීපයක් කරලා තියෙනවා .ඉතින් තවදුරටත් හොද සිනමා සංගීත අධ්‍යක්ෂකවරයෙකු වීම සහ මම හිතනවා සංගීත අධ්‍යක්ෂවරයෙකුට පද රචකයෙකුට ගායකයෙකුට තියෙන ලොකු target එකක් තමයි තමන්ගේ ගීත ඇල්බමයක් නිකුත කරන එක.මගේ තුලත් බලාපොරොත්තුවක් තියනවා මගේ ගීත ඇල්බමයක් නිකුත් කිරීම.ඉතින් ඔය දේවල් තමයි මගේ බලාපොරොත්තු .

අද Chat With Star අපේ කතා බහට එක් වුණු නව පරපුරේ සංගීත අධ්‍යක්ෂක උදාර සමරවීර ඔබේ ඉදිරි කලා කටයුතු සාර්ථකව කරගන්න ඔබට smart lady අපේ සුබපැතුම්.එළඹෙන සති අන්තයේත් ඔබ කැමතිම star කෙනෙක් සමග කතා බහකින් හමු වෙමු.

Related Articles

Don't Miss


Latest Articles