ඔහුගෙන් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ දේවල්

තමන්ට හොඳින් ම ගැළපෙන සහකරුවෙක් සොයාගන්න එක ගැන හැම යුවතියකට ම තියෙන්නෙ ලොකු බලාපොරොත්තුවක්. ඔහු කොයි වගේ වෙන්න ඕනෙ ද? මොනව ද ඔහුගෙන් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ? අනාගතයේ දවසක තමන්ගේ ආදරණීය සහකරුවා වන්නේ ඔහු. බලන්න ඔහු ළඟ මේ ගුණාංග තියෙනවද කියලා.

  1. ඔහු ඔබ සමග සිටින කිසිම මොහොතක් අසීරු අපහසු හෝ අසතුටුදායක නැහැ. ඔව්/නැහැ
  2. ඔහු ඔබේ මිතුරන් තෝරාගන්නට ඔබට ඉඩ දෙනවා. ඊට බලපෑම්   කරන්නේ නැහැ. ඔව්/නැහැ
  3. ඔහු නිරන්තරයෙන් ම ඔබට හොඳින් සවන් දෙනවා. ඔව්/නැහැ
  4. ඔහු ඉතා විශිෂ්ට පොළඹවන්නෙක්. ඔව්/නැහැ
  5. ඔහු නිරන්තරයෙන් ම ඔබේ අනාගත දියුණුව දකින්න කැමතියි.    ඔව්/නැහැ
  6. ඔහු ඔබට අවශ්‍ය නිදහස දෙනවා. බලපෑම් කරන්නේ නැහැ. (ඇඳුම් අඳින එකට/කෑම තෝරාගැනීම්/ගමන් බිමන් යාම) ඔව්/නැහැ
  7. ඔබ නොකියා සිටියත් ඔබේ අවශ්‍යතා ඔහු අවබෝධ කරගන්නවා. ඔව්/නැහැ.
  8. ඔබට සහාය අවශ්‍ය හැම මොහොතක ම ඔහු ඔබ ගැන සැලකිලිමත් වෙනවා. ඔව්/නැහැ
  9. ඔහු ඔබ සමඟ ඔහුගේ අදහස්, හැඟීම්, අවශ්‍යතා හොඳින් බෙදාගන්නවා. ඔව්/නැහැ
  10. ඔබ යම් අපහසුවක/අසීරුතාවක සිටින මොහොතක දී සංයමයෙන් ඊට විසඳුම් ලබාදෙනවා. ඔව්/නැහැ
  11. ඔහු ඔබව අගය කරනවා. අන් අය සමඟ ප්‍රශංසාත්මකව ඔබ ගැන කතාකරනවා. ඔව්/නැහැ
  12. ඔහු ඔබව විවේචනය කරන්නේ නැහැ. අඩුපාඩු ආදරයෙන් කියා දෙනවා. ඔව්/නැහැ 
  13. ඔහු ඔබට, ඔබේ දෙමව්පියන් සහ නෑ හිතවතුන්ට ගරු කරනවා.  ඔව්/නැහැ
  14. ඔහු වගකීම්සහගතව කටයුතු කරනවා. ඔව්/නැහැ
  15. ඔහු ප්‍රශ්නවල දී අනවශ්‍ය ලෙස කලබල වන්නේ නැහැ. ප්‍රශ්නවලට ඉවසීමෙන් මුහුණ දෙනවා. ඔව්/නැහැ

ඉහත ගුණාංග අඩුම තරමින් 10කට ඔබේ උත්තරය ඔව් නම් ඔහු  ඔබේ සහකරුවා වීම කිසිසේත් ම ගැටළුවක් නැහැ.

 – නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles