සුවෙන් සිටින්න රස පේර

ලොව පුරා අතිශයින් ජනප්‍රිය පලතුරක් වන පේර රසයෙන් මෙන්ම ගුණයෙන්ද අනූනයි. දකුණු මෙක්සිකෝව සහ මධ්‍යම ඇමෙරිකාව ආශ්‍රිත ප්‍රදේශ නිජබිම කරගත්ල ඝර්ම කලාපයේ ඇපල් ලෙස හඳුන්වනු ලබන සහ බොහෝ ආසියාතික රටවල වාණිජ භෝගයක්‌ ලෙස වගාකරන පේර අයත් වන්නේ මර්ටේසියේ ශාක කුලයටය. පහසු මිලකට ලබාගත හැකි පලතුරක් වන පේර අමිල ගුණයෙන් යුක්තයි.

පේර අපගේ ශරිරයට අවශ්‍ය magnesium විටමින් සී සහ ආහාර තන්තු විශාල වශයෙන් ලබා ගත හැකි පලතුරකි. පේරවල අඩංගු විටමින් සී ප්‍රමාණය අලුත් දොඩම්වල මෙන් 2-5 පමණ ගුණයකින් වැඩිය. වැඩි විටමින් සී ප්‍රමාණයක්‌ ඵලයේ පොත්තට ආසන්නව පවතී.

කොළ පාට පැසුණු ගෙඩිවල විටමින් සී ප්‍රමාණය අධිකවෙයි. ගෙඩි ඉදීමත් සමග එය අඩුවේ. මිනිස්‌ සිරුරේ කොලොස්‌ටරෝල් ප්‍රමාණය අඩුකිරීමේ හැකියාවක්‌ පේර වලට ඇත. මෙහි ඇති potassium රුධිර පීඩනය පාලනයකරයි.

පලතුරක්‌ ලෙස මෙන්ම විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනයටද පේර යොදා ගැනේ. කැබලි ලෙස ටින්වල ඇසිරීමටද, ජෑම්, ජෙලි, චට්නි, යුෂ, ක්‍රීම් තැවරු අයිස්ක්‍රීම් හා බේකරි නිෂ්පාදන සඳහාද පේර ‍යොදාගනී. පහසුවෙන් ඔබේ සිරුරට ලාබාගත හැකි පෝෂණ කොටස් ගණනාවකින් යුක්ත වු පේර අනිවාර්යයෙන්ම ඔබේ ආහාරවේලට එකතුකකරගන්න.

– සන්දනා –

Related Articles

Don't Miss


Latest Articles