පොඩිත්තන්ගේ පෝෂණය වැඩි කරන මුං ඇට රොටී

මුං ඇට කියන්නේ අපිට ඉතාම හුරුපුරුදු, සමීපතම ධාන්‍ය වර්ගයක් කියලා අපි කොයි කවුරුත් දන්නවනේ . එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයක්, මුං කිරිබත්, මුංඇට කැවුම් ආදී විවිධ විදිහට  අපි ආහාරයට ගන්න මේ මුං ඇට අපේ ආහාර ක්‍රමවේදයට අනුව රසවත් ගුණවත් ආහාරයක් මෙන්ම  අපේ දේශීය වේදකමේදී අගනා ඖෂධයක් විදිහටත් භාවිතා කරනවා.ඉතිං අද අපි කියලා දෙන්න යන්නේ මුං ඇට භාවිතා කරලා සකසාගන්න පුළුවන් තවත් රසවත් පෝෂණීය ආහාරයක් ගැන.විශේෂයෙන්ම අපේ දරුවන්ගේ පෝෂණය ගැන වද වෙන අම්මලාට මෙය ඉතා හොඳ වට්ටෝරුවක්.ඒ තමයි මුං ඇට රොටී.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි 250g
  • බිත්තර 2ක්
  • ලුණු ස්වල්පයක්
  • වතුර
  • තම්බා පොඩිකරගත් මුං ඇට 100g
  • කුඩු කරගත් හකුරු 75g
  • ගාගත් පොල් කෝප්ප 1/2

සාදන ආකාරය

මුං ඇට රැයක් වතුරේ පෙගෙන්න තබා හොඳින් පොඩි කර ගන්න

පොඩිකරගත් මුං ඇට ,පොල් සහ ලුණු එකතුකරලා මිශ්‍රණය සාදන්න.

දැන් එම  මිශ්‍රණයට පාන් පිටි එක්කර කුඩා බෝල සාදන්න.

කෙසෙල් කොළ කැබලි ගෙන එක්  කොළයකට එක්  බෝලය බැගින් තබා තුනීකර ගන්න

රොටී තැටියක් ලිප තබා රොටී ආකාරයට  පුළුස්සන්න.

මුං ඇටවල ගුණ

  • හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත හැකි ආහාරයක්
  • ප්‍රතිඔක්සිකාරක හා විෂබීජ නාශක ගුණය
  • මුංඇට ග්‍රෑම් 100ක කැලරි 347ක ශක්තිය අන්තර්ගත වෙනවා. එමෙන්ම එහි මේදය අඩංගු වන්නේ ග්‍රෑම් 1ක් තරම් සුළු ප්‍රමාණයක්. මෙහි කාබොහයිඩ්‍රේට ග්‍රෑම් 63ක් ද, ප්‍රෝටීන ග්‍රෑම් 24ක් ද, තන්තු ග්‍රෑම් 16ක් ද අන්තර්ගත වීම
  • විටමින් ‘බී‘ ඉහළ මට්ටමක් ඇති අතර විටමින් ඒ,සී,ඊ හා කේ ද සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතයි.
  • කැල්සියම්, පොටෑසියම්, යකඩ, මැංගනීස්, කොපර්, හා මැග්නීසියම් යන ඛණිජ ලවණ අන්තර්ගත වීම
  • රැධිර ග්ලූකෝස් මට්ටම මෙන්ම, කොලෙස්ටරෝල්, හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමත් අඩු කරනවා.
  • රැධිර නාල අවහිර වීම වැළකෙන අතර රුධිර සංසරණය හොඳාකාරව සිදුවෙනවා.
  • රැධිර නාලවල හානි වූ කොටස් ප්‍රතිස්ථාපනය වීමත් සිදු කෙරෙනවා.
  • රුධිර නාලවල අවහිරතා අවම වීම නිසා අධි රුධිර පීඩනය වැළඳීම සිදු නොවන අතර හෘදයාබාධ අවදානමත් ආඝාත අවදානමත් අඩුවෙනවා.
  • පිළිකා ඇතිවීමට එරෙහිව සටන් කිරීමේ හැකියාව ලැබෙනවා.

ඒ අනුව ඉතාම ගුණදායක ධාන්‍යමය ආහාරයක් වන මෙය ඔබේ පොඩිත්තගේ පෝෂණ මට්ටම වැඩි කරන්න  මෙන්ම නිවසේ අනෙක් අයගේ පෝෂණයටත් කදිමයි 

Related Articles

Don't Miss


Latest Articles