දිදුලන රන්වන් සමකට කහ

රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයකි. මෙනිසාම රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. රුව ලස්සන කරන්නට, සම පැහැපත් කරන්නට ඉවහල් වන කහ හෙවත් Turmeric ශ්‍රී ලාංකීකය අපට ආගන්තුක දෙයක් නොවේ.

ආසියානු ආහාර  වට්ටෝරුවල නැතිවම බැරි ප්‍රධාන රසකාරකයක් වන කහ පිළිකා තත්ත්වයන්හි සිට සමේ රෝග සහ රූපලාවණ්‍ය දක්වාත් විශාල පරාසයක භාවිත කරන ඖෂධයකි. කූකමින් (curumin) යන රසායනිකය මෙහි අඩංගු අතර කහ යොදාගනිමින් කරනු ලබන ඖෂධ නිෂ්පාදනයේ දී මෙය විනාශ නොවන ආකාරයට යොදා ගැනෙයි. මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය ද ඉතා ඉහළය.

ආයුර්වේද සහ දේශීය වෙදකමේ බෙහෙත් වට්ටෝරුවල දී බොහෝ විට යොදා ගැනේ. එහිදී භාවිත වෙන්නේ මෙහි රයිසෝමය හෙවත් අලයයි. චර්මයේ ඇතිවන අසාත්මිකතා, තුවාල ආදිය සුව කිරීම සඳහා භාවිත කරනු ලබන ඖෂධයකි. එමෙන්ම ආසාදනවලින් වැළකී සිටීමට ද මෙය බොහෝ දුරට ඉවහල් වෙයි.කහ විෂබීජ නසන, විෂබීජ නාශක හැකියාවක් ඇති ඖෂධයක් ලෙස පිළි ගන්නා හෙයින් බොහෝ විට විෂබීජ අධිකව තිබෙන ස්ථානයකට ගොස් පැමිණි විට කහ දියරයෙන් දෑත් මුහුණ සෝදනු ලැබේ. විශේෂයෙන්ම පිළිස්සීම් නිසා ඇතිවූ තුවාලවල පුබල වේදනාව සහ සුවපත් වීමේ කාළ අඩු කිරීම සඳහා කහ යොදා ගැනේ. තුවාලය මත කහ කුඩු ඇතිරීමෙන් සුවපත් වීමට ගතවන කාළය අඩුවන බව ඔබටද අත්හදා බැලිය හැකිය.

කහ සාරය සූරා මුහුණේ ආලේප කිරීමට ඈත අතීතයේ සිටම භාරතීය කාන්තාවන් පුරුදුව සිටියේ එමගින් සිරුර පැහැපත්වන බව නොරහසක්‌ වූ හෙයිනි.උදෑසන පිබිදී උණු වතුර වීදුරුවකට කහ තේ හැඳි කාලක් මිශ්‍රකර බීමෙන් සිරුර හොඳින් පිරිසුදු වන බව පැවසේ. කහ දියරයෙන් ස්‌නානය කිරීමෙන්  අනවශ්‍ය රෝම වර්ධනය අඩාල කරයි. සමේ රැළිවැටීම හා වියළීම පාලනය කර තාරුණ්‍යය ලබාදීමද, කහ ආලේපනය මඟින් සිදු වේ. එනිසා ඔබටත් කහ ආලේපයෙන් අනගි රනවන් රුවක් ලබාගතමහැකිවනු ඇත.

– සන්දනා –

Related Articles

Don't Miss


Latest Articles