පවුලක සමඟිය.

“අශේන්,ගෑස් එක ඉවර වෙලා..”

දිලිනි අශේන්ට ඇමතුමක් අරන් එහෙම කිව්වේ උයන ගමන් වුණු ඇබැද්දිය ගැන අශේන්ට නොකියා ඉන්න බැරි නිසා.ඒදපු ව්‍යාංජනය එහෙමම වහලා තියලා දිලිනි ටැක්සියක් අරන් පාරට බැස්සේ ගෑස් සිලින්ඩරයක් අරන් එන්න.සමහර අවස්ථාවන්වල රටම එක වගේ ගැටළු වලින් පීඩා විඳින නිසා දිලිනිටත් ඒක පොදු දෙයක් වුණා.

“ගෑස් නෑනෙ අශේන්.මං දැන් හැමතැනම බැලුවා.අනිත් පාට එකක්වත් සල්ලි දීල ගන්න බැලුවේ.ඒකත් නෑ..”

දිලිනි එහෙම කියනකොට අශේන් වැඩි ප්‍රතිචාරයක් නොදීම දුරකථනය විසන්ධි කළා.ගෑස් සිලින්ඩරයක් හෙවීම අසීරු කාර්යයක් කියලා හිතෙනකොට දවස් දෙක තුනක් කඩේ කෑම කාලා එපා වුණු දිලිනි විදුලි උදුනකට මාරු වෙන්න තීරණය කළා.

“දැන් මල්ටි කුකර් එහෙම ගණන් ගිහින්.මොනව කරන්නද මං එකක් අරන් ආවා..”

දිලිනි පහුවදා උදේ අශේන්ට කියනකොටත් අශේන් රටේ පාලකයන්ට බැන බැන යන්න ගියා.අඩුපාඩුකම් නොතියා තමන් ඒ හැමදේම සම්පූර්ණ කරන නිසා අශේන්ට නම් පාලකයෝ කරන දේවල් ඒ තරම් අදාළ නෑ කියලා දිලිනි හිතුවේ කලකිරීමෙන්.

“ඔයා ඔය අලුත් ෆෝන් එකක් නේද අශේන් පාවිච්චි කරන්නේ?”

එදා හවස දිලිනි ඇහුවේ අශේන් අතේ අලුත්ම මාදිලියේ ජංගම දුරකථනයක් ගැවසෙනව දැක්ක නිසා.

“ඔව් දිලිනි.මම මේක ඊයෙනෙ ගත්තෙ.”

අශේන් එහෙම කියනකොට දිලිනිට කලකිරීමක් ඇති වුණේ ඊයේ ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම ගේන්න අශේන් අතේ කීයක්වත්ම නැති බව කියපු හැටි මතක් වෙලා.

“දැන් හරියට බඩු ගණන්.ඔයත් ගෙදර දේවල් බලලා කරන්න අශේන්.මම හැම වියදමක්ම කරන්න ඕන කියල නියමයක් නෑනේ..”

දිලිනි එහෙම කිව්වේ පවුල කියන සංකල්පය ගැන අශේන්ට අමතක වෙමින් යන බව ඇයට තේරෙන්න පටන් ගත්තු නිසා.ගෙදර වැඩි බර තමන්ගෙ උරහිසට පැටවී ඇති බව තේරෙනකොට අශේන් හැම වගකීමකින්ම නිදහස් වෙලා කියන කාරණාවත් දිලිනිට නොවැටහුණාම නෙවෙයි.

“ඔයා ජීවත් වෙන්නේ බෝඩිමක ඉන්නව වගේනෙ අශේන්.උදේ නැගිටිනවා.කෑම එක ගන්නව.ඔෆිස් යනව.ආයේ එනව.කනවා.ෆිල්ම් බලනව.ෆේස්බුක් යනව.නිදා ගන්නව..”

දිලිනි ඉවසීමේ සීමාව බිඳුණු තැනකදි අශේන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා.අශේන් දිලිනි දිහා බලාගෙන හිටියේ සමච්චලයෙන්.දිලිනි බොරුවට කෑ ගහන බව අඟවන්න ඔහුට උවමනාව තිබුණා.

“නැතුව මම වෙන මොනවා කරන්නද?”

ඔහු එහෙම අහනකොට දිලිනිගේ ඉවසීමේ සීමාව ආයෙමත් ඉක්මවා ගියා.

“එක ගෙයක් අශේන් උයන පිහන බඩු මමම ගේන්න ඕනේ කියලා නියමයක් නෑ.සිකුරාද කුණු ලොරිය එනව කියලා ඔයා දන්නවද? මෙච්චර මේ ඩෙංගු හැදෙන රට රටේ වැහිපිලි සුද්ද කරපු දවසක් ගැන ඔයාට මතකද? අඩුම තරමේ මේ ගෙදර කොස්සක් ඉදලක් තියෙන තැනක් වත් ඔයා දන්නවද?”

දිලිනි එහෙම කියවාගෙන යනකොට ඇත්ත අශේන්ව මතුවුණේ එකපාරටම.

“ගෙදරක ගෑනියෙක් ඉන්නේ ඒකට නේද දිලිනි?”

අශේන් එහෙම ඇහුවේ සැරෙන්.ඒත් ඒ නපුරුකමට බය වෙන්න ගත්තොත් තමන් ජීවිතේම පරාද බව දිලිනිට තේරුම් ගියා.

“එහෙනම් ඔයා මොකටද කසාද බැන්දේ.අශේන් මේක පවුල් ජීවිතයක්.ඔයාගේ වැඩ මගේ වැඩ කියල දේවල් පවුල් ජීවිතේ ඇතුලේ නෑ.අපි අපේ ගෙදර දේවල් බලාගන්න ඕනි.අඩුපාඩු හොයලා බලලා කරන්න ඕනි.සමහර දේවල් නැතිවෙනකොට අලුත් option හොයාගන්න ඕනි.ඒ නැතුව පවුලක් විදිහට අපට ඉස්සරහට යන්න බෑ.අනිත් එක අපිට තව අරමුණු නැද්ද? දරුවෙක් හදනවා ද නැද්ද?අනාගතේ ගැන අපේ ප්ලෑන් එක මොකක්ද ල්,ඔයා ඒව ගැන මාත් එක්ක කවදද කතා කරේ..ඔහේ එදිනෙදා දවස ගෙවන්න නං ඇයි අපි පවුල් ජීවිතයක් ගත කරන්නේ..”

කිසිම වගකීමක් ඉස්ට නොකරන සැමියෙකුට ඊට වඩා කතා කරන්න හොඳ විදිහක් දිලිනි දැනගෙන හිටියේ නැහැ.

“මෙහෙමයි දිලිනි අපේ අම්මා නම් හැම හැමදේම හොයල බලල කරපු කෙනෙක්.එයා කවදාවත් අඩුපාඩු කියෙව්වේ වත් complain කළේවත් නෑ..”

අශේන් ඔහු ලෝකය දැකලා තිබුණු විදිය ගැන ඔහුගේ කෝණය ඉදිරිපත් කළා.

“මම මට අවශ්‍ය දේවල් ගන්නකං ඉඳලා ඔයා ගෙදර අඩුපාඩු කියන්න එපා.ඒ දේවල් කියන්න මම සල්ලි නොදී ඉන්නෙ නෑ..”

අශේන් එහෙම කියනකොට දිලිනිට ඇති වුණේ දරා ගන්න බැරි කේන්තියක්.ඒත් කොතැන හරි වැරදිලා තියෙන බව ඇයට නොහිතුණා නෙවෙයි.තමන් හොඳ උපයන්නියක් වූ නිසා අශේන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමදෙයක්ම රැගෙන ඒමත්,උයන්න,අස් කරන්න ඇති කැමැත්තත් තමන්ගේ ඇති කාර්යක්ෂම බවත් නිසා හැමදෙයක්ම හොයා බලල කිරීමත් නිසා අශේන් පවුලක වගකීම සහමුලින්ම අත් ඇරලා දාලා කියලා ඒ එක්කම දිලිනි තේරුම් ගත්තා.

“අශේන්,මං හිතන්නේ මටයි වැරදුණේ..”

දිලිනි එහෙම කිව්වේ සැබෑ හැඟීමකින්.

“මමත් හැමදෙයක්ම කරේ ඔයා ඉන්නවද කියල නොහිතා.මං තනියම පවුල අරන් ගියා.ඔයා මට හැමදෙයක්ම කරන්න ඉඩ දීලා බලාගෙන හිටියා.මේක තවදුරටත් මෙහෙම වුණොත් නම් ඔයාටයි මටයි පවුලක් කියන දේ අවශ්‍ය නැති වෙයි.අපි අපේ වැරදුණු තැන හොයා ගමු.මං වගකීම්වලින් අත් අරින්න ඕන තැන් හොයා ගන්නම්.ඔයා ඒ අත් අරින තැන් අල්ලා ගන්න..”

සමහර වෙලාවට ස්වාමි පුරුෂයෝ පවුලේ වගකීම් අමතක කරන්න හේතුව හැමදෙයක්ම හොයලා බලලා කරන බිරින්දෑවරුම තමයි කියලා දිලිනි හිතුවේ අශේන් දිහා බලාගෙන.මුළුතැන්ගෙයි පැත්තෙන් ලොකු සද්ද බද්ද වගයක් ඇහෙන්න ගත්තු නිසා දිලිනි ඒ පැත්තට ඇහැ යවන්න හිතුවා.

“මොකද කරන්නේ අශේන්?”

දිලිනි එහෙම අහනකොට අශේන් ඇය දිහා බැලුවේ හිනාවකින්.

“ගේන්න උවමනා බඩු ලිස්ට් එකක් හදනව දිලිනි.අවුරුද්දක් විතර වැරදුණාට සමා වෙන්න.ඉතුරු ජීවිතේම නිවැරදි වෙන්න උත්සාහ කරන්නම්..”

අශේන් එහෙම කියද්දී දිලිනිත් ඒ හිනාවට එකතු වුණේ ආදරෙන්.

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content