අලුත් අවුරුද්දට කිරි කජු මාළුවක් හදමු

අලුත් අවුරුද්දට නැතිවම බැරි කෑමක් තමයි කිරි කජු මාළුව. අමුත්තන්ට පිළිගන්වන්නට පමණක් නොව ඔබේ පවුලේ අයටද රස විඳින්න හදල බලන්න රසම රස කිරි කජු මාළුව…

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කිරි කජු ග්‍රෑම් 250g
  • කහ තේ හැඳි ½
  • ගම්මිරිස් තේ හැඳි 1
  • තුනපහ කුඩු තේ හැඳි 1
  • මිටි කිරි ‍කෝප්ප 2ක්
  • තලාගත් සුදුළූණු බික් 2
  • තැලූ අමු ඉඟුරු කැබැල්ලක්
  • අබ ස්වල්පයක්
  • තෙල් ස්වල්පයක්
  • අමු මිරිස් කරල් 2
  • කුරුඳු කැබැල්ලක්
  • රතුළූණු ගෙඩි 3
  • රම්පෙ සහ කරපිංචා
  • ලුණු අවශ්‍ය පමණට

සාදන ක්‍රමය:

රතුළූණු සහ අමු මිරිස් කුඩාවට කපාගන්න. අමු කජු මද සෝදා පිරිසිදු කරගන්න. එයට ගම්මිරිස්, කහ, තුනපහ සහ ලුණු එක්කර අත ගා ගන්න. ඉන්පසු තාච්චියක් ලිප තබා තෙල් ස්වල්පයක් එකතුකරන්න. තෙල් රත්වන විට කුරුඳු, රම්පෙ, කරපිංචා, අමු මිරිස්, ළූණු, සුදුළූණු, අමු ඉඟුරු සහ අබ දමන්න. එය සුවඳ වී එන විට එයට කජු මිශ්‍රණය දමා පිසගන්න. ඉන්පසු පොල්කිරි ද එක් කර කලවම් කරන්න. ලුණු අවශ්‍ය පමණට එකතුකරගන්න.

කැමතිනම් ග්‍රීන් පීස්, උම්බලකඩ ආදියත් එකතුකරගත හැකියි. වියළි කජු මද ද මෙම කරියට භාවිත කළ හැක. එහිදී වැඩි රසයක් එක් කරගැනීමට නම් එම වියළි කජු මද මෙලෙක්වනතුරු පෙඟෙන්නට තබා භාවිතා කරන්න.

මෙම රසවත් කිරි කජු මාළුව අනිවාර්යයෙන්ම ඔබේ අලුත් අවුරුදු කෑම මේසයට වඩාත් වැඩි රසයක් එකතුකරනවා නොඅනුමානයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles